ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 22:14 - Sinhala Revised Old Version

මම මේ ස්ත්‍රිය පාවාගතිමි; ඈ කරා එළඹුණු කල්හි කන්‍යාභාවයෙහි ලකුණු ඈ කෙරෙහි සම්බනොවීයයි නින්දිත වැරදි ඈ කෙරෙහි තබා ඈට විරුද්ධව නරක නාමයක් පතළකළොත්,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඈට විරුද්ධ ව බොරු චෝදනා ඉදිරිපත් කොට, ඇගේ නමට නිගා කරමින්, ‘මම මේ කාන්තාව සරණ පාවා ගතිමි; ඈ වෙත පිවිසුණු කල්හි ඈ කන්‍යාවක් නොවූයේ ය’යි කිවහොත්,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඈට විරුද්ධ ව බොරු චෝදනා ඉදිරිපත් කොට, ඇගේ නමට නිගා කරමින්, ‘මම මේ කාන්තාව සරණ පාවා ගතිමි; ඈ වෙත පිවිසුණු කල්හි ඈ කන්‍යාවක් නොවූයේ ය’යි කිවහොත්,

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 22:14
8 හුවමාරු යොමු  

නුඹේ අසල්වාසියාට විරුද්ධව බොරු සාක්ෂි නොකියව.


බොරු ප්‍රවෘත්තියක් පතළ නොකරන්න. අධර්මිෂ්ඨ සාක්ෂිකාරයෙකු වීමට දුෂ්ටයෙකුට නුඹේ අත නොදෙන්න.


මරණයත් ජීවනයත් දිවේ වසඟයෙහි ඇත්තාහ; ඊට ප්‍රියවන්නෝ එහි ඵල භුක්තිවිඳින්නෝය.


කේලාම්කියන්නෙකුගේ වචන රසවත් බොදුන් මෙනි; ඒවා බඩ තුළටම බැසයයි.


මනුෂ්‍යයෙක් භාර්යාවක් පාවාගෙන ඈ කරා එළඹ ඈට වෛරවී කථාකොට:


ඒ යෞවනීගේ පියා සහ මව යෞවනීගේ කන්‍යාකමේ ලකුණ දොරටුවෙහි සිටින නුවර වැඩිමහල්ලන් වෙත ගෙන යෙත්වා.


ඔහු ඉශ්‍රායෙල් කන්‍යාවකට විරුද්ධව නරක නාමයක් පතළකළ බැවින් රිදී ෂෙකෙල් සියයක් ඔහුට දඩගසා ඒවා යෞවනියගේ පියාට දෙත්වා, ඈ ඔහුගේ භාර්යාව වන්නීය; ඔහු තමාගේ සියලු දවස්හිම ඈ අත්නොහැර සිටිය යුතුය.


එබැවින් යෞවන වැන්දඹුවන් විවාහවී දරුවන් බිහිකරනවාටත් ගෙදර ආණ්ඩුකරනවාටත් නින්දා කිරීමට කිසි අවකාශයක් විරුද්ධකාරයාට නොදෙනවාටත් මම කැමැත්තෙමි.