එබැවින් උන්වහන්සේ, ඔවුන් වනාන්තරයෙහි හෙළා දමන බවත්, ඔවුන්ගේ වංශය ජාතීන් අතරේ හෙළා දමන බවත්,
ද්විතීය නීතිය 2:15 - Sinhala Revised Old Version ඔවුන් නැතිවන තුරුම සෙනඟ අතරෙන් ඔවුන් විනාශකරන පිණිස ස්වාමීන්වහන්සේගේ හස්තය ඔවුන්ට විරුද්ධව තිබුණේය. Sinhala New Revised Version ඔවුන් නැත්තට ම නැති වන තෙක් හමුදාවෙන් ඔවුන් වනසාලීම පිණිස සමිඳාණන් වහන්සේ ඔවුන්ට විරුද්ධ ව නැඟී සිටිය සේක. Sinhala New Revised Version 2018 ඔවුන් නැත්තට ම නැති වන තෙක් හමුදාවෙන් ඔවුන් වනසාලීම පිණිස සමිඳාණන් වහන්සේ ඔවුන්ට විරුද්ධ ව නැඟී සිටිය සේක. |
එබැවින් උන්වහන්සේ, ඔවුන් වනාන්තරයෙහි හෙළා දමන බවත්, ඔවුන්ගේ වංශය ජාතීන් අතරේ හෙළා දමන බවත්,
මක්නිසාද දිවා රාත්‍රි දෙක්හිම ඔබගේ හස්තය මා පිට බරවිය. මාගේ ඕජස් ගතිය ග්‍රීෂ්ම කාලයේ වියළීම මෙන් විය.
එබැවින් උන්වහන්සේ ඔවුන්ගේ දවස් නිෂ්ඵලකමෙන්ද ඔවුන්ගේ අවුරුදු භීතියෙන්ද ගෙවෙන්ට සැලැස්වූසේක.
නුඹලා එය දැක නුඹලාගේ සිත් ප්‍රීතිවන්නේය, නුඹලාගේ ඇටද තෘණ මෙන් සශ්‍රීකවන්නේය. ස්වාමීන්වහන්සේගේ හස්තයද තමන්ගේ මෙහෙකරුවන්ට ප්‍රකාශවන්නේය, උන්වහන්සේ තමන්ගේ සතුරන්ට විරුද්ධව කෝපවෙනවා ඇත.
ඔවුන්ට මෙසේ කියන්න–මා ජීවත්ව සිටිනවා සැබෑවා සේම මෙසේ කියමියි ස්වාමීන්වහන්සේ කියනසේක: නුඹලා මා ඉදිරියෙහි කීලෙසම නුඹලාට කරන්නෙමි.
එසේවී නුමුත් ඔවුන්ගෙන් වැඩිදෙනාට දෙවියන්වහන්සේ ප්‍රසන්න නොවූසේක. එබැවින් ඔව්හු කාන්තාරයෙහි හෙළාදමනු ලැබුවෝය.
ඉඳින් ස්වාමීන්වහන්සේ මිසරදේශයෙන් සෙනඟක් ගළවා, ඉන්පසු විශ්වාස නොකළවුන් විනාශකළසේක යන මේ සියල්ල එක වරක්ම නුඹලා දැනගන සිටින නුමුත්, මම නුඹලාට එය සිහිකරවන්ට කැමැත්තෙමි.
ස්වාමීන්වහන්සේ කී ප්‍රකාරයටත් උන්වහන්සේ ඔවුන්ට දිවුරා තිබුණු හැටියටත් ස්වාමීන්වහන්සේගේ හස්තය ඔවුන් ගිය හැම තැනම නපුර පිණිස ඔවුන්ට විරුද්ධව තිබුණේය. ඔව්හු තද අමාරුවට පත්වුණෝය.
එබැවින් ඔව්හු පණිවිඩ යවා පිලිස්තිවරුන්ගේ සියලු අධිපතීන් රැස්කර: ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේගේ පෙට්ටිය අප හා අපේ සෙනඟ නාස්තිනොකරන පිණිස එය ස්වකීය ස්ථානයට හැරී යන්ට යවන්නැයි කීවෝය. මක්නිසාද නුවර මුළුල්ලෙහි මරණීය කැලඹීමක් හටගත්තේය; දෙවියන්වහන්සේගේ හස්තය එහි ඉතා බරව තිබුණේය.
එවිට ස්වාමීන්වහන්සේගේ හස්තය අෂ්දොද් වැසියන් කෙරෙහි බරව තිබුණේය, උන්වහන්සේ ඔවුන්ට එනම් අෂ්දොද්හි සහ එහි දිශාවල වැසියන්ට කලල් ගඩු කරණකොටගෙන පහරදී ඔවුන් නාස්තිකළසේක.
තවද ඔවුන් ඒක ගෙනගිය පසු ස්වාමීන්වහන්සේගේ හස්තය ඒ නුවර පිටට ඉතා මහත් කැලඹීමක් ඇතුව පැමුණුණේය. උන්වහන්සේ නුවර වැසි ලොකු කුඩා සියල්ලන්ට පහරදුන්සේක, ගඩුද ඔවුන් පිට හටගත්තේය.
මෙසේ පිලිස්තිවරු යටත්කරනු ලැබ, තවත් ඉශ්‍රායෙල්ගේ සීමාවට ඇතුල්නුවූහ. ස්වාමීන්වහන්සේගේ හස්තයද සාමුවෙල්ගේ සියලු දවස්වල පිලිස්තිවරුන්ට විරුද්ධව තිබුණේය.