Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 2:14 - Sinhala Revised Old Version

14 අපි ශෙරෙද් ඔයෙන් එතරවීමු. අප කාදෙෂ්-බර්නේය කෙරෙන් පිටත්වී ශෙරෙද් ඔයෙන් එතරව යුද්ධකාරයන්ගේ මුළු පරම්පරාව ස්වාමීන්වහන්සේ ඔවුන්ට දිවුළ ලෙස සෙනඟ අතරෙන් නැතිවී යන තුරු ගතවුණු කාලය තිස් අට අවුරුද්දක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 කාදෙෂ්-බර්නේය නම් ස්ථානයෙන් නික්මුණු දා සිට ශෙරෙද් නම් නදියෙන් එගොඩ වන තෙක් ගත වූ කාලය අවුරුදු තිස්අටකි. සමිඳාණන් වහන්සේ දිවුළ පරිදි ඒ කාලය තුළ ඒ පෙළපතට අයත් මුළු භට හමුදාව නැසී ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 කාදෙෂ්-බර්නේය නම් ස්ථානයෙන් නික්මුණු දා සිට ශෙරෙද් නම් නදියෙන් එගොඩ වන තෙක් ගත වූ කාලය අවුරුදු තිස්අටකි. සමිඳාණන් වහන්සේ දිවුළ පරිදි ඒ කාලය තුළ ඒ පෙළපතට අයත් මුළු භට හමුදාව නැසී ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 2:14
24 හුවමාරු යොමු  

තවද මා දුන්නාවූ, කිරිද මීපැණිද ගලායන්නාවූ, සියලු දේශවලට වඩා උතුම්වූ දේශයට ඔවුන් නොපමුණුවමියි කියා කාන්තාරයේදී ඔවුන්ට මාගේ අත එසෙවුවෙමි.


එබැවින්: ඔව්හු මා දෙන නිවාඩුවට නොපැමිණෙන්නෝයයි මාගේ උදහසින් දිවුළෙමි.


එබැවින් උන්වහන්සේ, ඔවුන් වනාන්තරයෙහි හෙළා දමන බවත්, ඔවුන්ගේ වංශය ජාතීන් අතරේ හෙළා දමන බවත්,


අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට අණකළ ලෙස අපි හොරේබ්හි සිට ගමන් ගෙන අමෝරිවරුන්ගේ කඳුකරයට යන මාර්ගයෙන් නුඹලා දුටු ඒ මහත්වූ භයංකරවූ මුළු කාන්තාරය මැදින් ගොස් කාදෙෂ්-බර්නේයට පැමිණියෙමු.


හොරේබ් සිට කාදෙෂ්-බර්නේයට සෙයිර් කඳුකර මාර්ගයෙන් එකොළොස් දවසක ගමන් දුරය.


මෝසෙස් සහ ආරොන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවද වෙතට පාරාන් කාන්තාරයෙහිවූ කාදෙෂ්ට පැමිණ ඔවුන්ටත් මුළු සභාවටත් තොරතුරු දන්වා දේශයේ ඵල ඔවුන්ට පෙන්නුවෝය.


ඉඳින් ස්වාමීන්වහන්සේ මිසරදේශයෙන් සෙනඟක් ගළවා, ඉන්පසු විශ්වාස නොකළවුන් විනාශකළසේක යන මේ සියල්ල එක වරක්ම නුඹලා දැනගන සිටින නුමුත්, මම නුඹලාට එය සිහිකරවන්ට කැමැත්තෙමි.


එසේවී නුමුත් ඔවුන්ගෙන් වැඩිදෙනාට දෙවියන්වහන්සේ ප්‍රසන්න නොවූසේක. එබැවින් ඔව්හු කාන්තාරයෙහි හෙළාදමනු ලැබුවෝය.


මක්නිසාද අපේ සියලු දවස් ඔබගේ උදහසින් ගෙවීයයි. අපේ අවුරුදු කථාවක් මෙන් කෙළවරකරමුව.


ඔබ මනුෂ්‍යයා විනාශයට හරවමින්: මනුෂ්‍ය පුත්‍රයෙනි, හැරී වරෙව්යයි කියනසේක.


මෙසේ නුඹලා කාදෙෂ්හි නැවතුණු දවස් ලෙස බොහෝ දවස් එහි වාසය කළහුය.


සම්පූර්ණ ලෙස ස්වාමීන්වහන්සේ අනුව ගියාවූ කෙනෙස්සියවූ යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ් සහ නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද හැර,


මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹේ අත්වැඩ සියල්ලෙහිදී නුඹට ආශීර්වාදකළසේක. නුඹ මේ මහත් කාන්තාරය මැදින් ගමන් කළ හැටි උන්වහන්සේ දන්නාසේක. මේ සතළිස් අවුරුද්දක්ම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ සමඟ වූසේක. නුඹට කිසි හිඟයක් නොවීයයි කියන්නැයි කීසේක.


දැන් නැගිට ශෙරෙද් ඔයෙන් එතරවෙන්නැයි කීසේක.


මෙසේ සියලු යුද්ධකාරයන් සෙනඟ අතරෙන් මැරී නැතිවී ගියාට පසු,


යෝෂුවා විසින් චර්මඡේද්‍යය කළ කාරණය මේය: මිසරයෙන් ආවාවූ සියලු පිරිමි එනම් සියලු යුද්ධ සෙනඟ මිසරයෙන් ආවාට පසු මගදී කාන්තාරයෙහි මිය ගියෝය.


මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේගේ හඬට ඇහුම්කන් නුදුන් නිසා මුළු ජාතිය එනම් මිසරයෙන් ආවාවූ යුද්ධකාර සෙනඟ විනාශවන තෙක් සතළිස් අවුරුද්දක් ඔව්හු කාන්තාරයෙහි හැසුරුණෝය. මෙසේ වුණේ, අපට දෙන හැටියට ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුළාවූ, කිරි හා මීපැණි ගලා යන දේශයක්ව තිබෙන දේශය දකින්ට ඔවුන්ට ඉඩනාරින ලෙස ස්වාමීන්වහන්සේ ඔවුන්ට දිවුළ නිසාය.


ඔවුන් ස්වාමීන්වහන්සේට මොරගැසූ කල උන්වහන්සේ නුඹලාටත් මිසරවරුන්ටත් අතරේ අන්ධකාරය තබා, මුහුද ඔවුන් පිටට පමුණුවා, ඔවුන් වසාදැමූසේක; මා විසින් මිසරයේදී කළ දේ නුඹලාගේ ඇස්වලින් දුටුවහුය. ඇරත් කාන්තාරයෙහි නුඹලා බොහෝ දවස් වාසයකළහුය.


ඔබ අපට පීඩාකළ දවස් ගණන ලෙසද අප විසින් නපුර දුටු අවුරුදු ගණන ලෙසද අප සන්තෝෂකළ මැනව.


ඔවුන් මිසර දේශයෙන් නික්ම ආවායින් පසු දෙවෙනි අවුරුද්දේ දෙවෙනි මාසයේ පළමුවෙනි දින සීනයි කාන්තාරයෙහි සම්මුඛවීමේ කූඩාරමේදී ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට මෙසේ කීසේක:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්