ආබ්‍රම් අනූනව අවුරුදු වයසට පැමිණි කල ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට පෙනී: මම සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේය; මා ඉදිරියෙහි හැසිරෙමින් සම්පූර්ණ වෙන්න.
ද්විතීය නීතිය 18:13 - Sinhala Revised Old Version නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්පූර්ණව සිටින්න. Sinhala New Revised Version දෙවි සමිඳාණන් වහන්සේට ඔබ සම්පූර්ණයෙන් ම විශ්වාසවන්ත ව සිටිය යුතු ය.” Sinhala New Revised Version 2018 දෙවි සමිඳාණන් වහන්සේට ඔබ සම්පූර්ණයෙන් ම විශ්වාසවන්ත ව සිටිය යුතු ය.” |
ආබ්‍රම් අනූනව අවුරුදු වයසට පැමිණි කල ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට පෙනී: මම සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේය; මා ඉදිරියෙහි හැසිරෙමින් සම්පූර්ණ වෙන්න.
නෝවාගේ පරම්පරා මේය. නෝවා ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්ව තමාගේ පරම්පරාවන්හි සම්පූර්ණව සිටියේය. නෝවා දෙවියන්වහන්සේ සමඟ හැසුරුණේය.
එබැවින් උන්වහන්සේගේ පනත්වල හැසිර උන්වහන්සේගේ ආඥා පවත්වන හැටියට නුඹලාගේ සිත් අද දවසේ මෙන් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙත සම්පූර්ණව තිබේවයි කීවේය.
යෝබ් නම්වූ මනුෂ්‍යයෙක් ඌශ් දේශයෙහි සිටියේය; ඒ මනුෂ්‍යයා වනාහි නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටියාවූ කෙනෙකි.
එවිට ස්වාමීන්වහන්සේ: නුඹ මාගේ මෙහෙකරුවූ යෝබ් ගැන කල්පනාකෙළෙහිද? ඔහු මෙන් නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටින්නාවූ මනුෂ්‍යයෙක් පොළොවෙහි නැතැයි කීසේක.
නිර්දෝෂ තැනැත්තා කල්පනාකොට අවංක තැනැත්තා බලාගනුව. මක්නිසාද ඒ මනුෂ්‍යයාගේ අනාගතය සමාදානය වේ.
එබැවින් නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සම්පූර්ණව සිටින්නාක්මෙන් නුඹලාත් සම්පූර්ණව සිටින්න.
මා දැනට ලබාගෙන සිටිනවාවත් දැනටම සම්පූර්ණවී සිටිනවාවත් නොවේ. නමුත් යමක් පිණිස ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මා අල්ලාගත්සේක්ද, ඒක අල්ලාගන්ට වීර්යකරමින් මමත් දුවගනයමි.
එබැවින් අපෙන් යම් පමණ දෙනෙක් සම්පූර්ණව සිටිද්ද, ඔව්හු ඒ ආකාරයෙන් කල්පනා කරත්වා. නුඹලා යම් කාරණයක් ගැන වෙන අභිප්‍රායක් ඇත්තාහු නම්, ඒකත් දෙවියන්වහන්සේ නුඹලාට එළිදරව්කරනවා ඇත.
එබැවින් නුඹලා ස්වාමීන්වහන්සේට භයව අවංකකමිනුත් සැබෑකමිනුත් උන්වහන්සේට සේවයකරන්න. නුඹලාගේ පියවරුන් ගංගාවෙන් එතරදීත් මිසරයේදීත් සේවයකළ දෙවිවරුන් පහකරදමා, ස්වාමීන්වහන්සේට සේවයකරන්න.
අවදිව සිට, ඉතිරිවූ, නැසීයාමට ළංවූ දේ ස්ථිරකරන්න. මක්නිසාද මාගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹේ කිසි ක්‍රියාවක් සම්පූර්ණ බව මට සම්බවුණේ නැත.