Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 18:12 - Sinhala Revised Old Version

12 මක්නිසාද මේ දේ කරන කවරෙක් නුමුත් ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය. මේ පිළිකුල් නිසා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ ඉදිරියෙන් ඔවුන් පන්නා දමනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 මෙවැනි දේවල් කරන සියල්ලෝ සමිඳාණන් වහන්සේට පිළිකුලකි. ඔවුන්ගේ මේ පිළිකුල් ක්‍රියා නිසා දෙවි සමිඳාණන් වහන්සේ ඔබ යන්නට කලින් ඔවුන් පන්නා හරින සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 මෙවැනි දේවල් කරන සියල්ලෝ සමිඳාණන් වහන්සේට පිළිකුලකි. ඔවුන්ගේ මේ පිළිකුල් ක්‍රියා නිසා දෙවි සමිඳාණන් වහන්සේ ඔබ යන්නට කලින් ඔවුන් පන්නා හරින සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 18:12
9 හුවමාරු යොමු  

මේ කිසිවකින් තමුන්ම කිලුටුකර නොගන්න. මක්නිසාද මා විසින් නුඹලා ඉදිරියෙන් පහකරන ජාතීහු මේ සියලු දේවලින් අපවිත්‍රව සිටිති.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ ඉදිරියෙන් ඔවුන් පහකළ පසු: මේ දේශය හිමිකරගැනීමට ස්වාමීන්වහන්සේ මා ගෙනාවේ මාගේ ධර්මිෂ්ඨකම නිසායයි නුඹේ සිතින් නොකියන්න. නුමුත් ස්වාමීන්වහන්සේ ඒ ජාතීන් නුඹ ඉදිරියෙන් පන්නාදමන්නේ ඔවුන්ගේ දුෂ්ටකම නිසාය.


(මක්නිසාද නුඹලාට පළමුවෙන් දේශයෙහි විසූ මනුෂ්‍යයෝ මේ සියලු පිළිකුල්කම් කොට දේශය කිලුටුකළෝය.)


දේශයද කිලුටුවී තිබේ. ඒ නිසා එහි අයුතුකම ඒ පිටට පමුණුවන්නෙමි, දේශයද එහි වැසියන් වමාරා දමන්නීය.


නුඹේ දොරටු ඇතුළත සිටින ලෙවීයයාත් අත්නොහරින්න; මක්නිසාද ඔහුට නුඹ සමඟ කොටසක්වත් උරුමයක්වත් නැත.


ජාතීන්ගේ බලවන්තයා කැමැති හැටියට ඔහුට කරන පිණිස ඒ අය අතට ඔහු පාවාදෙන්නෙමි. ඔහුගේ දුෂ්ටකම නිසා ඔහු එළවාදැමීමි.


ඔවුන්ගේ දේශය හිමිකරගැනීමට නුඹ ඇතුල්වෙන්නේ නුඹේ ධර්මිෂ්ඨකම නිසාවත් නුඹේ සිතේ අවංකකම නිසාවත් නොවේ. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඒ ජාතීන් නුඹ ඉදිරියෙන් පන්නාදමන්නේ ඔවුන්ගේ දුෂ්ටකම නිසාත් නුඹේ පියවරුන් වන ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද ස්වාමීන්වහන්සේ දිවුළ වචනය ඉෂ්ටකරන පිණිසත්ය.


ස්ත්‍රියෙකු විසින් පුරුෂයෙකුගේ ඇඳුමක්වත් පුරුෂයෙකු විසින් ස්ත්‍රියෙකුගේ වස්ත්‍රයක්වත් නොහැඳිය යුතුය. මක්නිසාද මෙසේ කරන කවරෙක් නුමුත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.


තවද ස්වාමීන්වහන්සේගේ ගෘහයේදී පූජකවූ හිල්කියාට සම්බවුණ පොතේ ලියා තිබුණු ව්‍යවස්ථාවේ වචන ඉෂ්ටකරන පිණිස යොෂියා ආත්මබන්ධනකාරයන්ද අනවිනකාරයන්ද දේවතාරූපද පිළිමද යූදා දේශයෙහිත් යෙරුසලමෙහිත් දක්නාලද අනික් සියලු පිළිකුල්ද පහකරදැමුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්