Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 8:61 - Sinhala Revised Old Version

61 එබැවින් උන්වහන්සේගේ පනත්වල හැසිර උන්වහන්සේගේ ආඥා පවත්වන හැටියට නුඹලාගේ සිත් අද දවසේ මෙන් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙත සම්පූර්ණව තිබේවයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

61 එබැවින් උන් වහන්සේගේ පණත්වල හැසිර, උන් වහන්සේගේ ආඥා පවත්වන හැටියට ඔබේ සිත් අද දවසේ මෙන් දෙවි සමිඳාණන් වහන්සේ වෙත මුළුමනින් ම යොමු වී පවතී වා!”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

61 එබැවින් උන් වහන්සේගේ පනත්වල හැසිර, උන් වහන්සේගේ ආඥා පවත්වන හැටියට ඔබේ සිත් අද දවසේ මෙන් දෙවි සමිඳාණන් වහන්සේ වෙත මුළුමනින් ම යොමු වී පවතී වා!”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 8:61
14 හුවමාරු යොමු  

එසේය, සාලමොන් මහලුවූ කල ඔහුගේ භාර්යාවෝ ඔහුගේ සිත අන් දෙවිවරුන් වෙතට හැරෙවුවෝය. ඔහුගේ සිතද තමාගේ පියවූ දාවිත්ගේ සිතමෙන් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි සම්පූර්ණව නොතිබුණේය.


අහෝ ස්වාමීන්වහන්ස, මා සැබෑකමිනුත් සම්පූර්ණ සිතකිනුත් ඔබ ඉදිරියෙහි හැසිර, ඔබගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කළ බව සිහිකළ මැනවයි කියා අතිශයින් ඇඬුවේය.


එබැවින්, ප්‍රේමවන්තයෙනි, මේ පොරොන්දු අපට තිබෙන නිසා, මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින් අපම පවිත්‍රකර ගනිමින්, දෙවියන්වහන්සේ කෙරෙහි භයින් යුක්තව, ශුද්ධකම සම්පූර්ණකරගනිමු.


එහෙත් උස්තැන් පහනොකරනලද්දේය. එසේවී නුමුත් ආසාගේ සිත ඔහුගේ සියලු දවස්වලදී ස්වාමීන්වහන්සේ කෙරේ සම්පූර්ණව තිබුණේය.


එවිට ස්වාමීන්වහන්සේ: නුඹ මාගේ මෙහෙකරුවූ යෝබ් ගැන කල්පනාකෙළෙහිද? ඔහු මෙන් නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටින්නාවූ මනුෂ්‍යයෙක් පොළොවෙහි නැතැයි කීසේක.


සාලමොන්, මාගේ පුත්‍රය, නුඹ නුඹේ පියාගේ දෙවියන්වහන්සේ හැඳින සම්පූර්ණ සිතකින් හා ප්‍රසන්න ආත්මයකින් උන්වහන්සේට මෙහෙකරන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ සියලු සිත් විමසා කල්පනාවල සියලු අදහස් තේරුම්ගන්නාසේක. නුඹ උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ නුඹට සම්බවෙනවා ඇත; නුමුත් නුඹ උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේ නුඹ සදාකාලයටම අහක දමනවා ඇත.


ඔහුද තමාගේ පියා තමාට පළමුවෙන් කළ සියලු පාපවල හැසුරුණේය. ඔහුගේ සිතද ඔහුගේ පියවූ දාවිත්ගේ සිත මෙන් ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි සම්පූර්ණව නොතිබුණේය.


නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්පූර්ණව සිටින්න.


ආබ්‍රම් අනූනව අවුරුදු වයසට පැමිණි කල ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට පෙනී: මම සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේය; මා ඉදිරියෙහි හැසිරෙමින් සම්පූර්ණ වෙන්න.


නිර්දෝෂ තැනැත්තා කල්පනාකොට අවංක තැනැත්තා බලාගනුව. මක්නිසාද ඒ මනුෂ්‍යයාගේ අනාගතය සමාදානය වේ.


යෝබ් නම්වූ මනුෂ්‍යයෙක් ඌශ් දේශයෙහි සිටියේය; ඒ මනුෂ්‍යයා වනාහි නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටියාවූ කෙනෙකි.


සෙනඟ එසේ කැමැත්තෙන්ම ඔප්පු කළ බැවින් ඔව්හු ප්‍රීතිවුණෝය, මක්නිසාද ඔව්හු අවංක සිතකින් ස්වාමීන්වහන්සේට පූජාකළෝය. දාවිත් රජද මහත් ප්‍රීතියකින් ප්‍රීතිවුණේය.


සාලමොන් තමාගේ පියවූ දාවිත්ගේ නියෝග ලෙස හැසිර ස්වාමීන්වහන්සේට ප්‍රේම කෙළේය. නුමුත් ඔහු උස් තැන් පිට පූජා හා සුවඳ දුම් ඔප්පුකෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්