මනුෂ්‍යයෙකුගේ සියලු මාර්ග තමාගේම ඇසට හරිව පෙනෙයි; එහෙත් ස්වාමීන්වහන්සේ සිත් කිරාබලනසේක.
ද්විතීය නීතිය 12:8 - Sinhala Revised Old Version මෙහි අප විසින් මේ දවසේ එකිනෙකා තම තමාට හරිව පෙනෙන කොයි දේත් කරන්නාක් මෙන් නුඹලා එහිදී නොකළ යුතුය. Sinhala New Revised Version “අද දක්වා අපේ සෑම කෙනෙකු ම නමස්කාර කර ඇත්තේ තම තමාට කැමැති අයුරින් ය. එහෙත්, මින්පසු එලෙස නොකළ යුතු ය. Sinhala New Revised Version 2018 “අද දක්වා අපේ සෑම කෙනෙකු ම නමස්කාර කර ඇත්තේ තම තමාට කැමැති අයුරින් ය. එහෙත්, මින්පසු එලෙස නොකළ යුතු ය. |
මනුෂ්‍යයෙකුගේ සියලු මාර්ග තමාගේම ඇසට හරිව පෙනෙයි; එහෙත් ස්වාමීන්වහන්සේ සිත් කිරාබලනසේක.
එම්බා ඉශ්‍රායෙල් වංශය, නුඹලා යාගද ආහාර පූජාද කාන්තාරයේදී සතළිස් අවුරුද්දක් මට ඔප්පු කළහුද?
නුඹලා දාවල්ල බලා ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා සිහිකොට ඒවා කරන පිණිසත්, නුඹලා පුරුදු ලෙස අනාචාරකම් කරමින් නුඹලාගේ සිත්ද ඇස්ද අනුව නොයන පිණිසත්,
එවිට දෙවියන්වහන්සේ ඔවුන් වෙතින් හැරී, අහස් සේනාවට මෙහෙකරන්ට ඔවුන් අත්හැර දැමූසේක; අනාගත වක්තෘවරුන්ගේ පොතේ ඒ ගැන මෙසේ ලියා තිබේ, කෙසේද: එම්බා ඉශ්‍රායෙල් වංශය, මැරුවාවූ මෘගයන් හා යාග නුඹලා වනයෙහිදී සතළිස් අවුරුද්දක් මට පූජාකළහුද?
නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කා, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකළ නිසා, නුඹලා අත තබන සියල්ල ගැන නුඹලාද නුඹලාගේ ගෙයි වැසියෝද ප්‍රීතිවන්න.
මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන නියම වාසස්ථානයටත් උරුමයටත් නුඹලා තවම පැමුණුණේ නැත.
යෝෂුවාද: නුඹලා මෙහි ළංවී නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ වචන අසන්නැයි ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කීවේය.
නික්ම ආ සියලු සෙනඟ චර්මඡේද්‍යය ලබා සිටියෝය. නුමුත් මිසරයෙන් එන කල මගදී කාන්තාරයෙහි උපන් සියලු සෙනඟ චර්මඡේද්‍යය නොලබා සිටියෝය.
ඒ දවස්වල ඉශ්‍රායෙල්හි රජෙක් නොසිටියේය. එක් එක්කෙනා තම තමාගේ ඇස් හමුවෙහි හරිව තිබුණුදේ කෙළේය.
ඒ දවස්වල ඉශ්‍රායෙල්හි රජෙක් නොසිටියේය. එක් එක් මනුෂ්‍ය තෙමේ තම තමාගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය.