Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ආමොස් 5:25 - Sinhala Revised Old Version

25 එම්බා ඉශ්‍රායෙල් වංශය, නුඹලා යාගද ආහාර පූජාද කාන්තාරයේදී සතළිස් අවුරුද්දක් මට ඔප්පු කළහුද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 “ඉශ්රායෙල් ජනයෙනි, නුඹලා සතළිස් අවුරුද්දක් මුළුල්ලේ පාළුකරයේ සිටිය මට පුද පූජා ඔප්පු කළහු ද? නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 “ඉශ්රායෙල් ජනයෙනි, නුඹලා සතළිස් අවුරුද්දක් මුළුල්ලේ පාළුකරයේ සිටිය මට පුද පූජා ඔප්පු කළහු ද? නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ආමොස් 5:25
12 හුවමාරු යොමු  

නුමුත් ඔව්හු මට ඇහුම්කන්දෙන්ට කැමැති නොවී, මට විරුද්ධව කැරළිගැසුවෝය; ඔවුන් තම තමුන්ගේ ඇස්වලට ප්‍රියවූ අශික්ෂිතකම් පහකර දැමුවේවත් මිසරයේ දේවරූප අත්හැරියේවත් නැත. එවිට මම මිසර දේශයේදී මාගේ කෝපය ඔවුන් පිටට වගුරුවා, මාගේ උදහස ඔවුන් කෙරෙහි ඉෂ්ටකරන්ට සිතුවෙමි.


එසේය, ඔව්හු තමුන්ට වාත්තු වස්සෙක් සාදාගෙන: මිසරයෙන් නුඹ ගෙනාවාවූ නුඹේ දෙවියන්වහන්සේ මේයයි කියා මහත් දේව අපහාසයන් කළ විටත්,


එසේය, ඔබ හතළිස් අවුරුද්දක් කාන්තාරයේදී ඔවුන් පෝෂණයකළසේක, ඔවුන්ට කිසි හිඟකමක් නොවීය; ඔවුන්ගේ ඇඳුම් පරණවුණේවත් ඔවුන්ගේ පාද ඉදිමුණේවත් නැත.


එබැවින් නුඹලා ස්වාමීන්වහන්සේට භයව අවංකකමිනුත් සැබෑකමිනුත් උන්වහන්සේට සේවයකරන්න. නුඹලාගේ පියවරුන් ගංගාවෙන් එතරදීත් මිසරයේදීත් සේවයකළ දෙවිවරුන් පහකරදමා, ස්වාමීන්වහන්සේට සේවයකරන්න.


ඔවුන් යක්ෂයන් පස්සේ වේශ්‍යාකමින් ගොස් තමුන්ගේ පූජා ඔවුන්ට තවත් පූජා නොකළයුතුය. මෙය ඔවුන්ට ස්වකීය පරම්පරාවල නිරන්තර පනතක් වන්නේය.


නුඹ දේශයේ මුළු සෙනඟටත් පූජකයන්ටත් කථාකරමින්–නුඹලා දැන් සැත්තෑ අවුරුද්දක් පස්වෙනි සහ හත්වෙනි මාසවල නිරාහාරව සිට විලාපකියද්දී නුඹලා නිරාහාරව සිටියේ මා උදෙසාද?


මක්නිසාද ඔව්හු මාගේ විනිශ්චයන් ඉෂ්ට නොකර, මාගේ පනත් එපාකොට, මාගේ සබත් කෙලෙසුවෝය, ඔවුන්ගේ ඇස්ද තමුන්ගේ පියවරුන්ගේ දේවරූප දෙස තිබුණේය.


මෙසේ කළේ ඔවුන් මාගේ විනිශ්චයන් එපාකොට, මාගේ පනත් ප්‍රකාර නොහැසිර, මාගේ සබත් කෙලෙසූ නිසාය. මක්නිසාද ඔවුන්ගේ සිත් ඔවුන්ගේ දේවරූප පස්සේ ගියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්