Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 7:42 - Sinhala Revised Old Version

42 එවිට දෙවියන්වහන්සේ ඔවුන් වෙතින් හැරී, අහස් සේනාවට මෙහෙකරන්ට ඔවුන් අත්හැර දැමූසේක; අනාගත වක්තෘවරුන්ගේ පොතේ ඒ ගැන මෙසේ ලියා තිබේ, කෙසේද: එම්බා ඉශ්‍රායෙල් වංශය, මැරුවාවූ මෘගයන් හා යාග නුඹලා වනයෙහිදී සතළිස් අවුරුද්දක් මට පූජාකළහුද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

42 එවිට දෙවියන් වහන්සේ ඔවුන් වෙතින් හැරී, ග්‍රහ දේවතා නමස්කාරයට ඔවුන් අත්හැරදැමූ සේක. දිවැසිවරයන්ගේ පොතේ ඒ ගැන, ‘ඉශ්රායෙල් වංශය, කාන්තාරයෙහි සතළිස් වසක් තුළ ඔබ මට බිලි හා පූජා ඔප්පු කළහු ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

42 එබැවින් දෙවියන්වහන්සේ ඔවුන් වෙතින් ඉවත හැරී, ග්‍රහ-තරු වන්දනාවට ඔවුන් අත්හළ සේක. ඒ ගැන දිවැසිවරුන්ගේ පොතේ මෙසේ සඳහන් වෙයි: “ ‘එම්බා ඉශ්‍රායෙල් වංශය, පුරා හතළිස් වසරක් කාන්තාරයේදී නුඹලා මා වෙත යාග පූජා ගෙන ආවා ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

42 එවිට දෙවියන් වහන්සේ ඔවුන් වෙතින් හැරී, ග්‍රහ දේවතා නමස්කාරයට ඔවුන් අත්හැරදැමූ සේක. දිවැසිවරයන්ගේ පොතේ ඒ ගැන, ‘ඉශ්රායෙල් වංශය, කාන්තාරයෙහි සතළිස් වසක් තුළ ඔබ මට බිලි හා පූජා ඔප්පු කළහු ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 7:42
26 හුවමාරු යොමු  

එම්බා ඉශ්‍රායෙල් වංශය, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා වනාහි ගොස් එකිනෙකා තම තමාගේ දේවරූපවලට සේවයකරන්න, නුඹලා මට ඇහුම්කන්දෙන්නේ නැත්නම් පසුත් එසේ කරන්න. නුමුත් නුඹලා මාගේ ශුද්ධ නාමය නුඹලාගේ පඬුරුවලින්ද නුඹලාගේ දේවරූපවලින්ද තවත් කෙලසන්නේ නැත.


යම් යම් පියසි උඩ මුළු අහස් සේනාවට සුවඳ දුම් ඔප්පුකරන්ටත් අන් දෙවිවරුන්ට පාන පූජා වගුරුවන්ටත් යෙදුණේද, අපවිත්‍රවූ ඒ සියලු ගෙවල් වන යෙරුසලමේ ගෙවල්ද යූදාහි රජවරුන්ගේ ගෙවල්ද තෝපෙත් යන ස්ථානය මෙන් වන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුඹේ ඇස් අහස දෙසට ඔසවා ඉර සඳ තාරකා යන සියලු අහස් සේනාව දකින කල මුළු අහසින් යට සිටින සියලු ජාතීන්ට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කොටස්කර දී තිබෙන ඒ දේවලට නමස්කාරකිරීමටත් සේවය කිරීමටත් ඇදී නොයන හැටියටද හොඳට ප්‍රවේසම් වන්න.


නුමුත් ඔව්හු කැරළිගසා, උන්වහන්සේගේ ශුද්ධාත්මයට දුක් ඉපදෙවූවෝය. ඒ නිසා උන්වහන්සේ ඔවුන්ට සතුරෙක් වී, උන්වහන්සේම ඔවුන්ට විරුද්ධව යුද්ධකළසේක.


මිසරයෙහිදීත් රතු මුහුදේදීත් සතළිස් අවුරුද්දක් මුළුල්ලෙහි කාන්තාරයේදීත් පුදුමද හාස්කම්ද කොට මේ මනුෂ්‍යයා ඔවුන් පිටතට ගෙනගියේය.


එප්‍රායිම් දේවරූපවලට බැඳි සිටියි; ඔහු නිකම් සිටියාවේ.


උන්වහන්සේ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ඇතුල්මළුවට මා ගෙනාසේක, බලව, එහි මනුෂ්‍යයන් විසිපස් දෙනෙක් පමණ ස්වාමීන්වහන්සේගේ මාළිගාවේ දොරකඩ ද්වාර මණ්ඩපය සහ පූජාසනය අතරේ ස්වාමීන්වහන්සේගේ මාළිගාවට තමුන්ගේ පිටද නැගෙනහිරට තමුන්ගේ මුහුණද හරවාගෙන, නැගෙනහිර දෙස සූර්යයාට නමස්කාරකළෝය.


මමත් ඔවුන්ට නිසි විපත්ති නියමකොට, ඔවුන් භයවන දේ ඔවුන් පිටට පමුණුවන්නෙමි; මක්නිසාද මා අඬගැසූ විට කිසිවෙක් උත්තර නුදුන්නේය; මා කථාකළ විට ඔව්හු නොඇසුවෝය; ඔව්හු මාගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙන දේ කර, මා කැමැති නැති දේ තෝරාගත්තෝය.


ඉදින් නුඹලා ස්වාමීන්වහන්සේ අත්හැර අන් දෙවිවරුන්ට සේවයකරන්නහුනම් උන්වහන්සේ නුඹලාට යහපත කළ නුමුත් හැරී නුඹලාට විපත්ති පමුණුවා නුඹලා විනාශකරනසේකැයි කීවේය.


එබැවින් මමත් යහපත් නුවූ පනත්ද ජීවනය දීමට සුදුසු නොවන විනිශ්චයන්ද ඔවුන්ට දුනිමි.


මම සතළිස් අවුරුද්දක් ඒ පරම්පරාව කෙරෙහි කලකිරී: ඔව්හු සිතින් මුළාවයන සෙනඟක්ය, ඔව්හු මාගේ මාර්ගයන් දැන නොගත්තෝයයි කීයෙමි.


තමාගේ පියවූ හෙසකියා නැතිකළ උස් තැන් ඔහු නැවත ගොඩනගා, බාල්ට පූජාසන තනා, ඉශ්‍රායෙල්හි රජවූ ආහබ් සෑදුවාක් මෙන් අෂේරා කණුවක්ද සෑදුවේය, ඔහු මුළු අහස් සේනාවට නමස්කාරකරමින් ඒවාට සේවයකෙළේය.


ඔව්හු තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා අත්හැර, වාත්තුකළ පිළිම වන වස්සන් දෙන්නෙක්ද අෂේරා කණුවක්ද සාදාගන, මුළු අහස් සේනාවට නමස්කාරකරමින්, බාල්ට සේවයකළෝය.


මා විසින් අණ නොකළ අන් දෙවිවරුන්ටවත් ඉරට හෝ සඳටවත් අහස් සේනාවෙන් කිසිවකුටවත් සේවය කරමින්, ඔවුන්ට නමස්කාර කොට,


නුඹේ දවන පූජාවල එළු බැටළුවන් නුඹ මට ගෙනාවේවත් නුඹේ යාගවලින් මට ගෞරව කළේවත් නැත. මම ආහාර පූජාවලින් නුඹට බරක් නොවීමි, දුම් පූජාවලින් නුඹ නොවෙහෙසීමි.


එහිදී නුඹලාගේ පියවරු මා සෝදිසිකර බැලීමෙන් පරීක්ෂාකොට, සතළිස් අවුරුද්දක් මාගේ ක්‍රියාවන් දුටුවෝය.


ඔවුන් ප්‍රේමකළාවූ, සේවයකළාවූ, අනුව ගියාවූ, පේන අසාගත්තාවූ, නමස්කාරකළාවූ ඉරත් සඳත් මුළු අහස් සේනාවත් ඉදිරියෙහි ඒවා අතුරා තබන්නෝය. ඒවා එකතුකරන්ටවත් වළලන්ටවත් නොයෙදී, භූමිය මතුපිට කසළ වන්නේය.


සියල්ලෝම දෙවියන්වහන්සේ විසින් උගන්වනු ලබන්නෝයයි අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවල ලියා තිබේ. පියාණන්වහන්සේගෙන් අසා ඉගෙනගත් සියල්ලෝම මා ළඟට එති.


එබැවින්: හෙළාදකින්නෙනි, බලව්, පුදුමවව්, විනාශවව්; මක්නිසාද නුඹලාගේ දවස්වලදී ක්‍රියාවක් කරමි, ඒ ක්‍රියාව ගැන යමෙක් නුඹලාට ප්‍රකාශකළත් නුඹලා කිසිසේත් එය විශ්වාස නොකරන්නහුයයි


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්