ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ යාගවලට නුඹලාගේ දවන පූජාවලුත් එක්කොට මාංස කන්න.
ද්විතීය නීතිය 12:27 - Sinhala Revised Old Version නුඹේ දවන පූජා එනම් මාංසයත් රුධිරයත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පූජාසනය පිට ඔප්පුකරන්න. නුඹේ යාග පූජාවල ලේ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පූජාසනය පිට වත්කරනු ලැබේ, මාංසය නුඹට කන්නට පුළුවන. Sinhala New Revised Version තවද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය මත දවන යාග පූජා ද එනම්, දේව පූජාසනය මත ලේ වගුරුවා මාංස අනුභව කළ යුතු අනිකුත් පූජා ද ඔප්පු කළ යුතු ය. ඔබේ යාග පූජාවල ලේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිට වත් කළ යුතු ය. මාංසය ඔබට අනුභව කරන්නට පුළුවන. Sinhala New Revised Version 2018 තවද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය මත දවන යාග පූජා ද එනම්, දේව පූජාසනය මත ලේ වගුරුවා මාංස අනුභව කළ යුතු අනිකුත් පූජා ද ඔප්පු කළ යුතු ය. ඔබේ යාග පූජාවල ලේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිට වත් කළ යුතු ය. මාංසය ඔබට අනුභව කරන්නට පුළුවන. |
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ යාගවලට නුඹලාගේ දවන පූජාවලුත් එක්කොට මාංස කන්න.
එහෙත් ඔහු අතුණුද කකුල්ද වතුරෙන් සේදිය යුතුය. පූජකයා ඒ සියල්ල ඔප්පුකොට පූජාසනය පිට දැවිය යුතුය. ඒක ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති, ගින්නෙන් කළ දවන පූජාවක්ය.
ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගොනා මැරිය යුතුය. ආරොන්ගේ පුත්‍රයන්වූ පූජකයන්ද ලේ ඔප්පුකොට සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ තිබෙන පූජාසනය පිට හාත්පසින් ඒ ලේ ඉසිය යුතුය.
එහෙත් ඔහු උගේ අතුණුද උගේ කකුල්ද වතුරෙන් සේදිය යුතුය. එය ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් වන දවන පූජාවක් කොට පූජකයා විසින් ඒ සියල්ල පූජාසනය පිට දැවිය යුතුය.
මක්නිසාද මාංසයේ පණ තිබෙන්නේ ලෙයෙහිය. මම එය නුඹලාගේ ප්‍රාණ උදෙසා පූජාසනය පිට සමගිකමක් කරන පිණිස නුඹලාට නියම කෙළෙමි. මක්නිසාද සමගිකමක් සිදුකරන්නේ ලේය, එසේ වන්නේ එහි ප්‍රාණය තිබෙන නිසාය.
ඔහුගේ පූජාව ශාන්ති පූජාවක් නම්, ඔහු ගවරැළෙන් පිරිමි සතෙකු හෝ ගෑනු සතෙකු හෝ පුදන්නේනම්, කැලල් නැති එකෙකු ස්වාමීන්වහන්සේ ඉදිරියේ පූජාකළ යුතුය.
පූජකයාද උගේ ලෙයින් මඳක් තමාගේ ඇඟිල්ලට ගෙන දවන පූජාසනයේ අං පිට ගා උගේ ලේ සියල්ල පූජාසනය මුල වත්කෙරේවා.