උන්වහන්සේ තමන් බලයේ මහත් කමින් මා සමඟ විවාදකරනවා ඇද්ද? නැත, උන්වහන්සේ මට ඇහුම්කන් දෙනවා ඇත.
යෝබ් 40:9 - Sinhala Revised Old Version නොහොත් දෙවියන්වහන්සේට වාගේ හස්තයක් නුඹට තිබේද? උන්වහන්සේ වාගේ ශබ්දයකින් ගර්ජනාකරන්ට නුඹට පුළුවන්ද? Sinhala New Revised Version නුඹ මා වාගේ ම බලසම්පන්න ද? මා වාගේ ම හඬ නඟා ගර්ජනා කරන්නට නුඹට හැකි ද? Sinhala New Revised Version 2018 නුඹ මා වාගේ ම බලසම්පන්න ද? මා වාගේ ම හඬ නඟා ගර්ජනා කරන්නට නුඹට හැකි ද? |
උන්වහන්සේ තමන් බලයේ මහත් කමින් මා සමඟ විවාදකරනවා ඇද්ද? නැත, උන්වහන්සේ මට ඇහුම්කන් දෙනවා ඇත.
උන්වහන්සේ සිතින් ප්‍රඥාවන්තය, ශක්තියෙන් බලසම්පන්නය. උන්වහන්සේට විරුද්ධව සිත් දැඩි කරගන සමාදානයෙන් වර්ධනය වුණේ කවුද?
ස්වාමීන්ගේ ශබ්දය ජල මතුයෙහිය මහිමයෙන් යුක්තවූ දෙවියන්වහන්සේ, එනම් ජල රාශි මතුයෙහි වැඩසිටින ස්වාමීන්වහන්සේ ගර්ජනා කරනසේක.
රාහබ් මරනු ලැබූ කෙනෙකු මෙන් කැබලිකොට බින්දසේක; ඔබගේ බලය නමැති බාහුවෙන් ඔබගේ සතුරන් පළවා හැරියසේක.
ස්වාමීන්ට අලුත් ගීතිකාවක් ගායනාකරව්; මක්නිසාද උන්වහන්සේ ආශ්චර්යයන් කළසේක. ස්වකීය දකුණු අතින්ද ශුද්ධවූ බාහුවෙන්ද තමන්වහන්සේට ගැළවීම ඉෂ්ටකරගත්සේක.
ස්වාමීන්වහන්ස, ඔබගේ දකුණත පරාක්‍රමයෙන් මහිමවත්ය, ස්වාමීන්වහන්ස, ඔබගේ දකුණත සතුරා කැබලිකරදමයි.
තමාගේ මැවුම්කාරයා හා සමඟ පොරට සිටින්නාට දුක්වේ! මැටි කැබිලිති අතරේවූ කැබිලිත්තක හැටි! නුඹ හදන්නේ මොකක්ද කියා මැටි ඒවා අඹන්නාට කියන්ටවත් නුඹ හැදූ දෙය විසින්: ඔහුට අත් නැතැයි කියන්ටවත් යුතුද?
ස්වාමීන්වහන්සේ තමන්ගේ ශුද්ධ හස්තය සියලු ජාතීන් ඉදිරියෙහි [සටන් පිණිස] නග්නකළසේක; පොළොවේ සියලු සීමාවෝද අපේ දෙවියන්වහන්සේගේ ගැළවීම දකින්නෝය.
අහෝ බබිලෝනිය, මම නුඹට මලපතක් තැබීමි, නුඹද නොදැනුවත්ව අසුවුණෙහිය. නුඹ ස්වාමීන්වහන්සේට විරුද්ධව යුද්ධකළ නිසා නුඹ අසුවී, අල්ලනලද්දේය.
කෙරුබ්වරුන්ගේ පියාපත්වල ශබ්දයද සර්වපරාක්‍රම දෙවියන්වහන්සේ කථාකරන හඬ මෙන් පිටත මළුව දක්වා ඇසුණේය.
නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අප රතු මුහුදෙන් මෙතර වෙන තුරු එහි ජලය අප ඉදිරියෙන් හින්දවා දැමුවාක් මෙන් නුඹලා මෙතර වෙන තුරු නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ යොර්දානේ ජලය නුඹලා ඉදිරියෙනුත් හින්දවා දැමූසේක කියා දන්වන්නැයි කීවේය.