සැබවින් අධර්මිෂ්ඨයන්ගේ වාසස්ථාන මෙසේය, දෙවියන්වහන්සේ නාඳුනන්නාගේ ඉඩමද මෙයාකාරයයි කීවේය.
යෝබ් 4:21 - Sinhala Revised Old Version ඔවුන් තුළ තිබෙන උතුම්කම පහව නොයන්නේද? ඔව්හු ප්‍රඥාව නැතුවම මැරෙති. Sinhala New Revised Version ඔවුන් සතු සියලු දේ පැහැරගෙන ඇත. කිසි දා ප්‍රඥාව වත් නොලබා ඔව්හු මියයති. Sinhala New Revised Version 2018 ඔවුන් සතු සියලු දේ පැහැරගෙන ඇත. කිසි දා ප්‍රඥාව වත් නොලබා ඔව්හු මියයති. |
සැබවින් අධර්මිෂ්ඨයන්ගේ වාසස්ථාන මෙසේය, දෙවියන්වහන්සේ නාඳුනන්නාගේ ඉඩමද මෙයාකාරයයි කීවේය.
ඔබ අයුතුකම නිසා තරවටුකිරීම්වලින් මනුෂ්‍යයාට දඬුවම්කරන කල කාවෙකු මෙන් ඔහුගේ අලංකාරය ක්ෂයකරවනසේක. සැබවින් කොයි මනුෂ්‍යයාත් නිෂ්ඵලකමය.
බැලුව මැනව, ඔබ මාගේ දවස් වියතක් මෙන් කළසේක; මාගේ වයස ඔබ ඉදිරියෙහි කිසිත් නැතුවාක්මෙනි. සැබවින් කොයි මනුෂ්‍යයාත් ස්වකීය උත්තම අවස්ථාවෙහි පවා සහමුලින්ම නිෂ්ඵලකමය.
ඔව්හු බැටළු රැළක් මෙන් ෂෙයෝලට නියමකරනු ලබති; මරණය ඔවුන්ගේ එඬේරා වන්නේය. අවංකයෝ උදය කාලයෙහි ඔවුන් කෙරෙහි බල පවත්වන්නෝය; ඔවුන්ගේ අලංකාරය වාසස්ථානයක් නොලැබ විනාශවන පිණිස ෂෙයෝලයට කැපවන්නේය.
තමාගේ නාසාපුටවල හුස්ම ඇති මනුෂ්‍යයා තවත් විශ්වාස නොකරන්න. මක්නිසාද ඔහුගේ වටිනාකම කුමක්ද?
නුමුත් දෙවියන්වහන්සේ ඔහුට කථාකොට: අඥානය, අද රාත්‍රියේදී නුඹේ ප්‍රාණය නුඹෙන් අයකරනු ලැබේ; එවිට නුඹ සූදානම්කරගත් දේ කාට වන්නේදැයි කීසේක.
මක්නිසාද සූර්යයා තද රස්නයෙන් යුක්තවූ සුළඟින් උදාවී, තණකොළ වියළවයි; ඒවායේ මල් වැටී පෙනීමේ අලංකාරය නැතිවීයන්නේය. එසේම ධනවතා තමාගේ මාර්ගවලදී මැළවී යන්නේය.