ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 34:36 - Sinhala Revised Old Version

දුෂ්ට මනුෂ්‍යයන් මෙන් යෝබ් උත්තරදෙන බැවින් ඔහු තීන්දුවටම සෝදිසිකරනු ලබන්නේනම් යෙහෙකි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජෝබ් දුෂ්ට මිනිසෙකු මෙන් උත්තර දෙන බැවින්, ඔහු අවසාන තීන්දුවට ම ඉදිරිපත් කළොත් යෙහෙකි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජෝබ් දුෂ්ට මිනිසෙකු මෙන් උත්තර දෙන බැවින්, ඔහු අවසාන තීන්දුවට ම ඉදිරිපත් කළොත් යෙහෙකි.

පරිච්ඡේදය බලන්න



යෝබ් 34:36
10 හුවමාරු යොමු  

කොල්ලකාරයන්ගේ කුඩාරම් සඵල වෙති, දෙවියන්වහන්සේ උදහස්කරවන්නෝද සුරක්ෂිතව සිටිති; දෙවියන්වහන්සේ ඔවුන් අතට බොහෝසෙයින් දෙනසේක.


දුෂ්ටයන් ජීවත්වෙන්නෙත්, වෘද්ධ වයසට පැමිණ බලවත්වන්නෙත් මක්නිසාද?


දුෂ්ට මනුෂ්‍යයන් ඇවිද්දාවූ පුරාණ මාවතෙහිම නුඹ හැසිරෙන්නෙහිද?


දෙවියන්වහන්සේ මාගේ සිත ක්ලාන්තකළසේක, සර්වපරාක්‍රමයාණෝ මා කැලඹූසේක.


සර්වපරාක්‍රමයාණන් විසින් කාලයන් නියමකර නැත්තේ මන්ද? උන්වහන්සේ අඳුනන අය උන්වහන්සේගේ දවස් නොදකින්නේ මන්ද?


මක්නිසාද ඔහු තමාගේ පාපයට කැරළිකාරකම එකතුකොට, අප අතරේ අත්පිඩිගසා, දෙවියන්වහන්සේට විරුද්ධව තමාගේ වචන වැඩිකෙරේයයි කීවේය.


ඔබ මාගේ සිත පරීක්ෂාකළසේක; රාත්‍රියේ මා බැලූසේක; ඔබ මා විමසූසේක, මා තුළ කිසි නපුරු අදහසක් නොදක්නාසේක; මාගේ මුඛයෙන් වරද නොකරන්ට නියමකරගතිමි.


ස්වාමිනි, මා සෝදිසිකොට පරීක්ෂාකළ මැනව; මාගේ හෘදයත් සිතත් විමසා බැලුව මැනව.


ඉවසූ අය ආශීර්වාදලද්දෝයයි අප කියමුව. යෝබ්ගේ ඉවසීම ගැන නුඹලා අසා තිබේ, ස්වාමීන්වහන්සේගේ තීරණයද නුඹලා දුටුවහුය, ස්වාමීන්වහන්සේ බොහෝ අනුකම්පාව ඇත්තාවූ දයාවන්තවූ කෙනෙක්ය.