ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 23:9 - Sinhala Revised Old Version

වම් පැත්තෙහි උන්වහන්සේ ක්‍රියාකරන කල උන්වහන්සේ දකිනු නොහැක්කෙමි. දකුණු පැත්තෙහිද මට නොපෙනෙන ලෙස උන්වහන්සේ සැඟවෙන සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මම උතුරට හැරී, මම දකුණට හැරී, එතුමන් සෙව්වෙමි. ඒ කිසි තැනක එතුමෝ දකින්නට නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මම උතුරට හැරී, මම දකුණට හැරී, එතුමන් සෙව්වෙමි. ඒ කිසි තැනක එතුමෝ දකින්නට නැත.

පරිච්ඡේදය බලන්න



යෝබ් 23:9
9 හුවමාරු යොමු  

එහෙත් මේ දේවල් ඔබගේ සිතෙහි සඟවා තබාගත්සේක; මේ කාරණය ඔබගේ කල්පනාවෙහි තිබුණු බව දනිමි.


එහෙත් උන්වහන්සේ මා යන මාර්ගය දන්නාසේක; උන්වහන්සේ මා පරීක්ෂාකළ කල්හි මම රන් මෙන් නික්ම එන්නෙමි.


නුමුත් මා ඉස්සරහට ගියත් උන්වහන්සේ එහි නැත; මා පස්සට ගියත් උන්වහන්සේ දකින්ට නොහැකිවෙමි.


උන්වහන්සේ ශාන්තිය දෙන විට වරද තබන්නේ කවුද? උන්වහන්සේ තමන් මුහුණ සඟවන විට එය දකින්නේ කවුද?


එසේනම්: මම උන්වහන්සේ දෙස නොබලමියි නුඹ කියන විට ඊට කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද? නඩුව උන්වහන්සේ ඉදිරියෙහි තිබේ, උන්වහන්සේ ගැන බලාසිටින්න.


බලව, උන්වහන්සේ මා ළඟින් යන නුමුත් මට පෙනෙන්නේ නැත; මා පසුකර යන නුමුත් මට දැනෙන්නේ නැත.


ස්වාමිනි, ඔබ කොපමණ කල් නිරන්තරයෙන් සැඟවෙනසේක්ද? ඔබගේ උදහස කොපමණ කල් ගිනි මෙන් ඇවිළෙනේද?


ගැළවුම්කාරවූ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, සැබවින්ම ඔබ සැඟවෙන දෙවිකෙනෙක්ය.


මම වනාහි යාකොබ්ගේ වංශයෙන් තමන්ගේ මුහුණ සඟවාගන්න ස්වාමීන්වහන්සේ ගැන බලාසිට, උන්වහන්සේ ගැන බලාපොරොත්තුවන්නෙමි.