Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 89:46 - Sinhala Revised Old Version

46 ස්වාමිනි, ඔබ කොපමණ කල් නිරන්තරයෙන් සැඟවෙනසේක්ද? ඔබගේ උදහස කොපමණ කල් ගිනි මෙන් ඇවිළෙනේද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

46 සමිඳුනි, ඔබ සදහට ම අපෙන් ඈත් වී සිටින සේක් ද? කොපමණ කලක් ඔබේ උදහස් ගින්න ඇවිලෙන්නේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

46 සමිඳුනි, ඔබ සදහට ම අපෙන් ඈත් වී සිටින සේක් ද? කොපමණ කලක් ඔබේ උදහස් ගින්න ඇවිලෙන්නේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 89:46
17 හුවමාරු යොමු  

ස්වාමිනි, කොපමණ කල් ඔබ නිරන්තරයෙන් උදහස්ව සිටිනසේක්ද? ඔබගේ ජ්වලිතය ගින්න මෙන් දැවෙන්නේද?


ගින්න ඔවුන්ගේ තරුණයන් නාස්ති කෙළේය; ඔවුන්ගේ තරුණියන්ට විවාහ ගීයක් නොවීය.


ස්වාමිනි, හැරී අවමැනව; කොපමණ කල්ද? ඔබගේ මෙහෙකරුවන් ගැන තැවුණ මැනව.


ස්වාමිනි, කුමට මාගේ ආත්මය ඉවතලනසේක්ද? කුමට ඔබගේ මුහුණ මා කෙරෙන් සඟවා ගන්නාසේක්ද?


මක්නිසාද අපගේ දෙවියන්වහන්සේ විනාශකරන ගින්නක්ය.


නුඹලාට දුක්දෙන්නන්ට දුකද දුක්විඳින නුඹලාට අප සමඟ සහනයද දීම දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨවූ කාරණයක්ය.


ඔවුන් දඬුවම් විඳ මාගේ මුහුණ සොයන තුරු, මම මාගේ ස්ථානයට හැරීයන්නෙමි. ඔවුන්ට විපත පැමිණෙන විට ඔවුන් ඕනෑකමින් මා වෙතට එනවා ඇත.


එම්බා දාවිත්ගේ වංශය, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ ක්‍රියාවල නපුරුකම නිසා මාගේ කෝපය ගින්න මෙන් විහිදී ගොස් කිසිවෙකුට නිවන්ට බැරි ප්‍රකාර නොඇවිළෙන පිණිස, කඩිනමින්ම විනිශ්චය පවත්වා, කොල්ලකනු ලැබූ අය පීඩාකාරයාගේ අතින් නිදහස්කරන්න.


යූදාහි මනුෂ්‍යයෙනි, යෙරුසලමේ වැසියෙනි, නුඹලා ස්වාමීන්වහන්සේ උදෙසා චර්මඡේදිතවී, නුඹලාගේ සිත්වල චර්මාග්‍රය පහකරන්න. නැත්නම් නුඹලාගේ ක්‍රියාවල නපුරුකම නිසා මාගේ කෝපය ගිනි මෙන් නික්ම කිසිවෙකුට නිවන්ට බැරිලෙස ඇවිළෙනවා ඇත.


ගැළවුම්කාරවූ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, සැබවින්ම ඔබ සැඟවෙන දෙවිකෙනෙක්ය.


මම වනාහි යාකොබ්ගේ වංශයෙන් තමන්ගේ මුහුණ සඟවාගන්න ස්වාමීන්වහන්සේ ගැන බලාසිට, උන්වහන්සේ ගැන බලාපොරොත්තුවන්නෙමි.


ඔබ අප සමඟ සදාකල්ම උදහස් වනසේක්ද? සියලු පරම්පරාවලට ඔබගේ උදහස පවත්වනසේක්ද?


ස්වාමිනි, ඔබ කුමට දුරුව සිටිනසේක්ද? විපත්ති කාලවලදී කුමට සැඟවී සිටිනසේක්ද?


වම් පැත්තෙහි උන්වහන්සේ ක්‍රියාකරන කල උන්වහන්සේ දකිනු නොහැක්කෙමි. දකුණු පැත්තෙහිද මට නොපෙනෙන ලෙස උන්වහන්සේ සැඟවෙන සේක.


මමද කථාකොට: මාගේ දෙවියන්වහන්ස, මාගේ දවස් මාධ්‍යයෙහිදී, මා අහක් නොකළ මැනව. ඔබගේ අවුරුදු සියලු පරම්පරාවලට වන්නේයයි කීයෙමි.


අපි නින්දාව ඇසූ බැවින් ලජ්ජාවට පැමිණියෙමුව; විදේශීන් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ශුද්ධස්ථානවලට ඇතුල්වූ බැවින් අපේ මුහුණු වියවුල්කමින් වැසී තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්