නුඹලා කොපමණ කල් වචනවලට උගුල් තබන්නහුද? තේරුම්ගන්න, පසුව කථාකරමුව.
“ඔබේ කතාවට ඉවරයක් නැද් ද? ටිකක් කල්පනා කරන්න; ඉන්පසු ව කතාවට බසිමු.
වචන රාශියට උත්තරදිය යුතු නොවේද? නොහොත් අධික කථාකාරයාම නිර්දෝෂ වේද?
එවිට ෂූහියවූ බිල්දද් උත්තරදෙමින් කියනුයේ:
අප තිරිසනුන් මෙන් ගණන්ගනු ලබන්නෙත් නුඹලාගේ ඇස්වලට අපවිත්‍රව පෙනෙන්නෙත් මක්නිසාද?
මාගේ කථාව සැලකිල්ලෙන් අසන්න; මේක නුඹලාගේ සැනසීම් වේවා.
එහි දුෂ්ටයෝ කරදර කිරීමෙන් නැවතී හිඳිති, වෙහෙසට පත්වූවෝ එහි විශ්‍රාමය ලබති.
ඒ කොයිහැටි නුමුත්, යෝබ්, මාගේ කථාව අසා, මාගේ සියලු වචනවලට ඇහුම්කන් දෙන්න.
නුඹ මේවා පවසන්නෙත් නුඹේ මුඛයේ වචන බලවත් හුළඟක්ව තිබෙන්නෙත් කොපමණ කල්ද?
අසන්ට පළමුවෙන් යමෙක් උත්තර දෙන්නේ නම්, එය ඔහුට මෝඩකමක්ව ලජ්ජාවක්ව තිබේ.
මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, නුඹලා මේක දන්නහුය. නුමුත් එක එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන්වේවා, කථාකිරීමටත් උදහස්වීමටත් ප්‍රමාද වේවා.