ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 13:19 - Sinhala Revised Old Version

මට විරුද්ධව නඩුකියන කෙනෙක් ඇද්ද? එසේ ඇත්නම් මම නිශ්ශබ්දව සිට නසින්නෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

නඩුවේ දී මා සමඟ තර්ක කරන සමතෙක් ඇද් ද? එවැන්නෙක් ඇත්නම්, මම නිහඬ වී මරණයට යමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

නඩුවේ දී මා සමඟ තර්ක කරන සමතෙක් ඇද් ද? එවැන්නෙක් ඇත්නම්, මම නිහඬ වී මරණයට යමි.

පරිච්ඡේදය බලන්න



යෝබ් 13:19
13 හුවමාරු යොමු  

ඔබගේ අත්වලින් මා හැඩහුරුකොට සහමුලින්ම මා සෑදූ නුමුත්, ඔබ මා නාස්තිකරනසේක.


නිශ්ශබ්දවෙන්න, මට කථාකරන්ට ඉඩඅරින්න. සිද්ධවෙන දෙයක් සිද්ධවුණාවේ.


කාරණා දෙකක් පමණක් මට නොකළමැනව, එවිට ඔබ ඉදිරියෙන් නොසැඟවී සිටින්නෙමි.


නුඹලා සැබෑවටම මට විරුද්ධව උසස් වෙන්ට නම්, මාගේ නින්දාව මට විරුද්ධව ඔප්පුකරන්න.


කියන්ට යමක් ඇත්නම් මට උත්තරදී, කථාකරන්න, මක්නිසාද නුඹ ධර්මිෂ්ඨ බව පෙන්වන්ට කැමැත්තෙමි.


ඒ නිසා මම මාගේ මුඛය නවත්වා නොගෙන, මාගේ ආත්මයේ තද වේදනාවෙන් කථාකර, මාගේ ප්‍රාණයේ ශෝකයෙන් විලාප කියන්නෙමි.


ඔබ මාගේ වරදට කමාවී, මාගේ අපරාධය පහ නොකරන්නේ මක්නිසාද? මම ඉක්මනින් ධූලියෙහි නිදන්නෙමි, ඔබ මා බොහෝසේ සොයන නුමුත් මම නොසිටින්නෙමියි කීවේය.


උන්වහන්සේ ඔහු සමඟ විවාද කරන්ට කැමතිවුණොත්, උන්වහන්සේට දහසකින් එකකටවත් උත්තරදෙන්ට ඔහුට බැරිය.


බලව, ස්වාමිවූ දෙවියන්වහන්සේ මට උපකාරකරනසේක; මා වරදට පත්කරන්නේ කවුද? බලව, ඔවුන් සියල්ලෝම වස්ත්‍රයක් මෙන් පරණවන්නෝය; කාවා ඔවුන් කාදමන්නේය.


උන්වහන්සේ සඳහන් නොකරන්නෙමියි කියාද උන්වහන්සේගේ නාමයෙන් තවත් කථා නොකරන්නෙමියි කියාද කියම් නම්, එය මාගේ ඇට තුළේ වැසී ඇවිළෙන ගින්නක් මෙන් මාගේ සිත තුළ තිබේ, දරන්ට මා වෙහෙසෙන නුමුත් මට බැරිය.


දෙවියන්වහන්සේ තෝරාගනු ලැබූවන්ට වරද තබන්නේ කවුද? ධර්මිෂ්ඨකරන්නේ දෙවියන්වහන්සේය; වරදට පත්කරන්නේ කවුද?