Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෝබ් 13:19 - Sinhala New Revised Version 2018

19 නඩුවේ දී මා සමඟ තර්ක කරන සමතෙක් ඇද් ද? එවැන්නෙක් ඇත්නම්, මම නිහඬ වී මරණයට යමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 නඩුවේ දී මා සමඟ තර්ක කරන සමතෙක් ඇද් ද? එවැන්නෙක් ඇත්නම්, මම නිහඬ වී මරණයට යමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 මට විරුද්ධව නඩුකියන කෙනෙක් ඇද්ද? එසේ ඇත්නම් මම නිශ්ශබ්දව සිට නසින්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 13:19
13 හුවමාරු යොමු  

ඔබේ දෑතින් මට රූපය දී ඔබ මා මැවූ සේක. ඒ දෑතින් ම දැන් ඔබ මා නසන සේක් ද?


නිශ්ශබ්ද වන්න; මට කතා කරන්න ඉඩ දෙන්න: වන දෙයක් වුණා වේ.


මේ කරුණු දෙක පමණක් ඉල්ලා සිටිමි. එවිට මම ඔබ අබිමුවින් සැඟවී නොයමි.


එහෙත් ඔබ, මහේශාක්‍ය ගතියක් පෙන්වමින් මා වෙත එල්ල කළ නින්දාපහාස යුක්ති සහගත යයි කියන්නහු නම්,


කියන්න යමක් ඔබට ඇත්නම්, මට පිළිතුරු දී කතා කරන්න. මාගේ කැමැත්ත නම්, ඔබ නිවැරදි බව පිළිගැනීම ය.


“මට නම්, කට වසාගෙන ඉන්න බැරි ය; දැඩි සිත් තැවුළින් මම කතා කරමි. මා හද තුළ ඇවිලෙන සෝගින්නෙන් විලාප කියමි.


ඔබ මාගේ වරදට කමා වී, මාගේ අයුතුකම පහනොකරන්නේ මන් ද? යුහුව මා දූවිල්ලට හැරෙනු ඇත. ඔබ මා සෙව්වත් මා දක්නට නැත.”


පැමිණිලිකරු මෙන් මිනිසාට දෙවිඳුන් සමඟ වාද කළ හැකි ද? එතුමන් අසන ප්‍රශ්න දහසකින් එකකට වත් මිනිසාට පිළිතුරු දිය හැකි ද?


මහෝත්තම දෙවි සමිඳාණෝ මට උපකාර කරන සේක. ‘මා වැරදිකරු ය’යි ඔප්පු කළ හැක්කේ කවරෙකුට ද? කාවුන් කාදමන පරණ වස්ත්‍රයක් මෙන් මාගේ විරුද්ධකාරයෝ සියලු දෙන ම අතුරුදහන් වන්නෝ ය.


‘මම සමිඳාණෝ අමතක කර එතුමාණන්ගේ නාමයෙන් තවත් කතා නොකරන්නෙමි’යි කී විට, ඔබ තුමාණන්ගේ වචනය මාගේ සිතේ ගින්නක් මෙන් ඇවිලෙයි. එය මාගේ ඇටකටු තුළ සැඟවී ඇත. එය සඟවා තබාගැනීමෙන් මම බොහෝ වෙහෙසට පත් වීමි. එහෙත්, තවත් එය තබාගැනීම මට නොකළ හැකි ය.


දෙවියන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ අය වරදට පත් කරන්නේ කවරෙක් ද? ඔවුන් නිවැරදි බව ප්‍රකාශ කරන්නේ දෙවියන් වහන්සේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්