Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 13:18 - Sinhala Revised Old Version

18 මෙන්න, මම මාගේ විත්තිය පිළියෙළ කෙළෙමි; මා නිදොස්වෙන බව මම දනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 මෙන්න, මාගේ විත්තිය පිළියෙළ කොට ඇත, මා නිදොස් වන බව සිකුරු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 මෙන්න, මාගේ විත්තිය පිළියෙළ කොට ඇත, මා නිදොස් වන බව සිකුරු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 13:18
17 හුවමාරු යොමු  

එවිට උන්වහන්සේ ඉදිරියෙහි මාගේ නඩුව පිළිවෙළට තබන්නෙමි, මාගේ මුඛයද තර්කවලින් පුරවන්නෙමි.


මක්නිසාද අපේ පාරට්ටුව නම් අපි වනාහි ලෝකයෙහිද විශේෂයෙන් නුඹලා කෙරෙහිද දිව්‍යවූ ශුද්ධකමින් හා අවංකකමින්, මාංසික ප්‍රඥාවෙන් නොව දෙවියන්වහන්සේගේ කරුණාවෙන්, හැසුරුණෙමුව යන අපේ හෘදයසාක්ෂියය.


මට මතක්කරන්න; අපි එක්ව කාරණා කියාගනිමු. නුඹ ධර්මිෂ්ඨ බව පෙනෙන පිණිස නුඹම නුඹේ විත්තිය කියන්න.


එසේ කරන්නේ මනුෂ්‍ය පුත්‍රයෙක් තවත් මනුෂ්‍යයෙකුට යුක්තිය කරන්නාක්මෙන් දෙවියන්වහන්සේ තමන් ඉදිරියෙහි මනුෂ්‍යයෙකුට යුක්තිය කරන පිණිසය.


මම ධර්මිෂ්ඨයයි කීවත් මාගේ මුඛය මා වරදට පත්කරන්නේය, මම නිදොස්යයි කීවත් එය මා වරදකාරයෙක් බව ඔප්පුකරන්නේය.


ඉතින් හැරෙන්න, කිසි අයුත්තක් සිද්ධ නොවේවා; එසේය, හැරෙන්න, මාගේ කාරණය සාධාරණය.


මා නිදොස් වුවත් මාගේ ප්‍රාණය ගැන නොසලකමි; මාගේ ජීවිතය සුළුකොට සිතමි.


ඔබ මාගේ අපරාධය විමසනසේක, මාගේ පාපයක් සොයා බලනසේක.


මම දෙවියන්වහන්සේට යාච්ඤාකොට උන්වහන්සේගෙන් උත්තර ලැබූ මනුෂ්‍යයෙක් නුමුත් තමාගේ අසල්වාසියාට විහිලුවක් වූ කෙනෙක් මෙනි. ධර්මිෂ්ඨවූ අවංක මනුෂ්‍යයා විහිලුවක්ය.


මාගේ කථාව හොඳාකාර අසන්න, මාගේ කීමද නුඹලාගේ කන්වල වැටේවා.


මාගේ ධර්මිෂ්ඨකම අත්නෑර ඒක අල්ලාගනම සිටින්නෙමි. මට දිවි ඇති තාක් මාගේ සිත මට වරද නොතබන්නේය.


තමාම ධර්මිෂ්ඨයයි යෝබ් සිතූ බැවින් මේ මනුෂ්‍යයන් තුන්දෙනනා ඔහුට උත්තරදීම නැවැත්තුවෝය.


මම පවිත්‍රව වරදක් නැතුව සිටිමි. මම නිදොස්ව අයුතුකමක් නැතුව සිටිමි;


මක්නිසාද යෝබ් කථාකොට: මම ධර්මිෂ්ඨයෙමි, දෙවියන්වහන්සේ මාගේ යුක්තිය පහකළසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්