නුමුත් දෙවියන්වහන්සේ සැබවින්ම මනුෂ්‍යයන් සමඟ පොළොවේ වසනසේක්ද? ස්වර්ගයද ස්වර්ගවල ස්වර්ගයද ඔබට ඉඩ මදිය; එසේ නම් මා විසින් ගොඩනැගූ මේ ගෘහය ඊටත් වඩා කොපමණ මදිද!
යෝබ් 11:8 - Sinhala Revised Old Version ඒක ස්වර්ගය මෙන් උසය; නුඹට මක්කරන්ට පුළුවන්ද? ෂෙයෝලට වඩා ගැඹුරුය; නුඹට දැනගන්ට පුළුවන් කුමක්ද? Sinhala New Revised Version එය අහසටත් වඩා උස ය; ඔබට කළ හැකි කිසිවක් ඇද් ද? එය පාතාල ලෝකයට වඩා ගැඹුරු ය; ඔබට දැනගත හැකි කිසිවක් ඇද් ද? Sinhala New Revised Version 2018 එය අහසටත් වඩා උස ය; ඔබට කළ හැකි කිසිවක් ඇද් ද? එය පාතාල ලෝකයට වඩා ගැඹුරු ය; ඔබට දැනගත හැකි කිසිවක් ඇද් ද? |
නුමුත් දෙවියන්වහන්සේ සැබවින්ම මනුෂ්‍යයන් සමඟ පොළොවේ වසනසේක්ද? ස්වර්ගයද ස්වර්ගවල ස්වර්ගයද ඔබට ඉඩ මදිය; එසේ නම් මා විසින් ගොඩනැගූ මේ ගෘහය ඊටත් වඩා කොපමණ මදිද!
සර්වපරාක්‍රමයාණන්වහන්සේ නම් අපට සොයා දැනගන්ට බැරි කෙනෙක්ය; උන්වහන්සේ පරාක්‍රමයෙන්ද යුක්තිය හා සම්පූර්ණ ධර්මිෂ්ඨ කමෙන්ද උතුම්ව සිටිනසේක, උන්වහන්සේ පීඩා නොකරනසේක.
මක්නිසාද පොළොවට උඩින් අහස උස්ව තිබෙන්නාක්මෙන් උන්වහන්සේ කෙරෙහි භය ඇත්තන්ට උන්වහන්සේගේ කරුණාව මහත්ය.
මොව්හු ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසාකෙරෙත්වා; මක්නිසාද උන්වහන්සේගේ නාමය පමණක් උසස්ය. උන්වහන්සේගේ මහිමය ස්වර්ගය හා පොළොව මත්තෙහි පවත්නේය.
ඔබගේ ධර්මිෂ්ඨකම දෙවියන්වහන්සේගේ කඳු මෙනි; ඔබගේ විනිශ්චයෝ මහමුහුද මෙන් ගැඹුරුය. ස්වාමිනි, ඔබ මනුෂ්‍යයාද මෘගයාද ආරක්ෂාකරනසේක.
ස්වර්ගයට නැගී බැස ආවේ කවුද? තමාගේ මිටෙහි සුළඟ අඩංගුකරගත්තේ කවුද? වතුර තමාගේ සළුවෙහි බැඳගත්තේ කවුද? පොළොවේ සියලු සීමා පිහිටෙවුවේ කවුද? ඔහුගේ නම කුමක්ද? ඔහුගේ පුත්‍රයාගේ නම මොකද? දන්නෙහිනම් කියන්න.
අහස පොළොවට වඩා උස්ව තිබෙන්නාක්මෙන් මාගේ මාර්ග නුඹලාගේ මාර්ගවලටත් මාගේ යෝජනා නුඹලාගේ යෝජනාවලටත් වඩා උසස්ව තිබේ.
ඔවුන් පාතාලය දක්වා හාරාගන ගියත් එතැනින් මාගේ අත ඔවුන් අරගන්නවා ඇත; ඔවුන් අහසට නැඟුණත් එතැනින් මම ඔවුන් පහතට හෙළන්නෙමි.