අඥානයා: දෙවිකෙනෙක් නැතැයි සිතින් කීය. ඔව්හු දුශ්චරිතයෙහි සිටිති, ඔව්හු පිළිකුල් ක්‍රියා කළෝය; යහපත කරන්නෙක් නැත.
යෙරෙමියා 6:28 - Sinhala Revised Old Version ඔවුන් සියල්ලෝම මුරණ්ඩුවූ කැරළිකාරයෝව, කේලාම් කියා ඇවිදින්නෝව, පිත්තල හා යකඩ වැනිව සිටිති. සියල්ලෝම දූෂ්‍යකම් කරන්නෝය. Sinhala New Revised Version ඔව්හු සියල්ලෝ ම මුරණ්ඩු කැරලිකාරයෝ ය. කේළාම් කියමින් ඇවිදින්නෝ ය. ඔව්හු ලෝකඩ හා යකඩ මෙන් දැඩි ව සිටිති; ඔව්හු දූෂ්‍යකම් කරති. Sinhala New Revised Version 2018 ඔව්හු සියල්ලෝ ම මුරණ්ඩු කැරලිකාරයෝ ය. කේළාම් කියමින් ඇවිදින්නෝ ය. ඔව්හු ලෝකඩ හා යකඩ මෙන් දැඩි ව සිටිති; ඔව්හු දූෂ්‍යකම් කරති. |
අඥානයා: දෙවිකෙනෙක් නැතැයි සිතින් කීය. ඔව්හු දුශ්චරිතයෙහි සිටිති, ඔව්හු පිළිකුල් ක්‍රියා කළෝය; යහපත කරන්නෙක් නැත.
නුඹ ඉඳගෙන ඔබගේ සහෝදරයාට විරුද්ධව කථාකෙරෙහිය; නුඹේම මෑණියන්ගේ පුත්‍රයාට විරුද්ධව කේලාම්කියන්නෙහිය.
එම්බා ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, නුඹලා විසින් බොහෝසෙයින් අත්හරිනු ලැබූ තැනන්වහන්සේ වෙතට හැරෙන්න.
එකල ඔව්හු කථාකොට: එන්න, අපි යෙරෙමියාට විරුද්ධව උපා යොදමු; මක්නිසාද පූජකයාගෙන් ව්‍යවස්ථාවවත් ප්‍රඥාවන්තයාගෙන් මන්ත්‍රණයවත් අනාගතවක්තෘගෙන් වචනයක්වත් නැතිව නොයන්නේය. එන්න, අපි ඔහුට දිවෙන් පහරදී, ඔහුගේ කිසිම වචනයකට ඇහුම්කන් නොදී සිටිමුයයි කීවෝය.
මක්නිසාද මා බොහෝ දෙනෙකුගේ කේලාම් අසා තිබේ, වටකරින්ම භීතිය තිබේ. දන්වන්න, අපිත් එය දන්වන්නෙමුයයි කියා මාගේ හිතේසි මිත්‍රයන් සියල්ලෝ මාගේ පැකිලීම ගැන බලාසිට: සමහරවිට ඔහු පෙළඹෙනවා ඇත, එවිට අපි ඔහු පරාජයකොට ඔහුගෙන් පළිගන්නෙමුයයි කියති.
එබැවින්: මොව්හු තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කන් නුදුන්නාවූ, දැනමුතුකම පිළිනොගත්තාවූ ජාතියය. ඔවුන්ගේ මුඛයෙන් සැබෑව නැතිවී සිදී ගියායයි ඔවුන්ට කියන්න.
ඔව්හු බොරුව විඳින පිණිස තමුන්ගේ දිව් නැමති දුනු අදිති; ඔවුන් දේශයෙහි බලවත්ව සිටින්නේ විශ්වාසකම උදෙසා නොවේය. මක්නිසාද ඔව්හු නපුරෙන් නපුරට යති, මා නෑදින සිටිතියි ස්වාමීන්වහන්සේ කියනසේක.
නුඹලා එකිනෙකා තම තමාගේ අසල්වාසියාගෙන් ප්‍රවේසම්වෙන්න, කිසි සහෝදරයෙක්ද විශ්වාස නොකරන්න. මක්නිසාද සියලු සහෝදරයන් ප්‍රයෝගකරනවාම ඇත, සියලු අසල්වාසීන්ද කේලාම් කියමින් ඇවිදිනවා ඇත.
නුඹේ අපවිත්‍රකම දූෂිතය. මක්නිසාද මා විසින් නුඹ පිරිසිදුකරමින් සිටි නුමුත් නුඹේ අපවිත්‍රකමෙන් නුඹ පිරිසිදුවුණේ නැත; මාගේ කෝපය නුඹ කෙරෙහි සංසිඳුවාගන්න තුරු නුඹ තවත් පිරිසිදුකරනු නොලබන්නෙහිය.
ගල් අහක්කොට ගෙනගොස් ගේ සූරාදමා එහි බදාම ගෑ පසු කුෂ්ඨය නැවත පැමිණ ගෙයි පැතිරෙන්නේනම්,
නුඹේ සෙනඟ අතරෙහි කේලාම් කියමින් ඔබමොබ නොයන්න. නුඹේ අසල්වාසියාගේ ප්‍රාණයට විරුද්ධව නොනැගිටින්න. මම ස්වාමීන්වහන්සේය.
ජාතීහු උදහස්වූවෝය, ඔබගේ උදහසද මළවුන් විනිශ්චය කරන කාලයද ඔබ ස්වකීය මෙහෙකරුවූ ප්‍රොපේතවරුන්ටත් ශුද්ධවන්තයන්ටත් ඔබගේ නාමයට භයවන ලොකු කුඩා තැනැත්තන්ට විපාක දෙන්නාවූ, පොළොව විනාශකරන්නවුන් විනාශකරන්නාවූ කාලයද පැමුණුණේයයි කීවෝය.
මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චයෝ සැබෑය, ධර්මිෂ්ඨය; මක්නිසාද ඇගේ වේශ්‍යාකමින් පොළොව කිලුටුකළ මහත් වේශ්‍යාව උන්වහන්සේ විනිශ්චයකළසේක, තමන්ගේ මෙහෙකරුවන්ගේ ලේ ගැන ඈට විපාක දුන්සේකැයි කීවෝය.