ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 50:21 - Sinhala Revised Old Version

මෙරාතයිම් දේශයටත් පෙකොඩ්හි වැසියන්ටත් විරුද්ධව නැගී ගොස් ඔවුන් මරා, පසුපස්සේ ගොස් නාස්තිකර, මා නුඹට අණකළ සියල්ල ලෙස කරන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“මෙරාතයිම් දේශයටත්, පෙකොඩ්හි වැසියන්ටත් විරුද්ධ ව නැඟී ගොස් ඔවුන් ලුහුබැඳ, ඔවුන් සහමුලින් ම විනාශ කර දමන්න; මා නුඹලාට අණ කළ සියල්ල කරන්න. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“මෙරාතයිම් දේශයටත්, පෙකොඩ්හි වැසියන්ටත් විරුද්ධ ව නැඟී ගොස් ඔවුන් ලුහුබැඳ, ඔවුන් සහමුලින් ම විනාශ කර දමන්න; මා නුඹලාට අණ කළ සියල්ල කරන්න. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 50:21
17 හුවමාරු යොමු  

තවද දාවිත් අබිෂයිටත් තමාගේ සියලු සේවකයන්ටත් කථාකොට: මා තුළෙන් නික්මුණාවූ මාගේ පුත්‍රයා මා නසන්ට සොයන්නේය. ඊට කොපමණ වැඩියෙන් මේ බෙන්යමියයාට දැන් එසේ කරන්ට බැරිද? ඔහු නිකම් උන්නාවේ, දෙස් කීවාවේ; මක්නිසාද එසේ කරන්ට ස්වාමීන්වහන්සේ ඔහුට කීසේක.


මා දැන් මේ ස්ථානය විනාශකරන්ට ඊට විරුද්ධව ආවේ ස්වාමීන්වහන්සේ නැතුවද? මේ දේශයට විරුද්ධව ගොස් ඒක විනාශකරන්නැයි ස්වාමීන්වහන්සේ මට කීසේක කියා නුඹලා හෙසකියාට කියන්නැයි කීවේය.


තවද උන්වහන්සේ යූදාහි තිබෙන යෙරුසලමෙහි උන්වහන්සේට ගෘහයක් ගොඩනගන්ට මට අණකර තිබේ. උන්වහන්සේගේ මුළු සෙනඟගෙන් නුඹලා අතරේ සිටින්නේ කවුද? ඔහු සමඟ ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිටිනසේක්වා, ඔහු එතැනටයේවයි පාර්සියාවේ කෝරෙෂ් කියන්නේය කියා තමාගේ රාජ්‍යය මුළුල්ලෙහි ප්‍රසිද්ධියක් කොට, ලියවිල්ලෙනුත් එය පතළ කෙරෙවුවේය.


අභක්තික ජාතියකට විරුද්ධව ඔහු එවන්නෙමි, මාගේ උදහසේ සෙනඟගෙන් කොල්ලකන්ටද සම්පත් උදුරාගන්ටද වීථිවල මඩ මෙන් ඔවුන් පාගාදමන්ටද ඔවුන්ට විරුද්ධව ඔහුට අණදෙන්නෙමි.


කෝරෙෂ් ගැන: ඔහු මාගේ එඬේරාය, ඔහු මාගේ මුළු කැමැත්ත ඉෂ්ටකරමින්-යෙරුසලම ගොඩනගනු ලැබේය කියාද මාළිගාවේ අත්තිවාරම් තබනු ලැබේය කියාද කියනවා ඇතැයි කියන තැනන්වහන්සේය.


නුඹලා සියල්ලෝම රැස්වී අසන්න; ඔවුන් අතරෙන් මේ දේ දැන්නුවේ කවුද? ස්වාමීන්වහන්සේ ඔහුට ප්‍රේමකළසේක. ඔහු උන්වහන්සේගේ කැමැත්ත බබිලෝනිය කෙරෙහි ඉෂ්ටකරනවා ඇත, ඔහුගේ හස්තය කල්දිවරුන් පිටට පැමිණෙන්නේය.


මමම කථාකෙළෙමි; එසේය, මම ඔහු අඬගසාගතිමි. ඔහු ගෙන්වාගතිමි, ඔහු තමාගේ මාර්ගය සඵලකරගන්නේය.


බලව, මම අණකොට මේ නුවර කරා නැවත ඔවුන් ගෙනෙන්නෙමි; ඔව්හු ඊට විරුද්ධව යුද්ධකොට, ඒක අල්ලා, ගින්නෙන් දවාදමන්නෝය. වැසියෙක් නොසිටින ලෙස මම යූදාහි නුවරවල් පාළුවක් කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.


ස්වාමීන්වහන්සේගේ වැඩ අලසකමින් කරන්නාට ශාපවේවා, ලෙයින් තමාගේ කඩුව වලක්වාගන්නාටත් ශාපවේවා.


ඈට විරුද්ධව වටකරින් ඝෝෂාකරන්න; ඈ යටත්වූවාය; ඇගේ ප්‍රාකාර වැටුණේය, ඇගේ පවුරුද කඩාදමනලද්දේය. මක්නිසාද එය ස්වාමීන්වහන්සේගේ පළිගැනීමය; ඇගෙන් පළිගෙන, ඈ කළ හැටියට ඈට කරන්න.


මක්නිසාද ඈට විරුද්ධව උතුරු දිගින් ජාතියක් එන්නේය, ඔවුන් ඇගේ දේශය පාළුවක් කරනවා ඇත, කිසිවෙක් එහි නොවසන්නේය. මනුෂ්‍යයෝද මෘගයෝද දෙගොල්ලම පලාගියෝය, අහක්ව ගියෝය.


මක්නිසාද මම උතුරු දේශයෙන් මහත් ජාතීන් රාශියක් බබිලෝනියට විරුද්ධව පොළඹවා ගෙනෙන්නෙමි. ඔවුන් ඈට විරුද්ධව සැරසී සිටිනවා ඇත; ඈ ඔවුන්ගේ අතට අසුවෙනවා ඇත. ඔවුන්ගේ ඊගස් දක්ෂ බලවන්තයෙකුගේ ඊගස් වැනිය; ඒවා නිකම් හැරී එන්නේ නැත.


ඔවුන් නම් බබිලෝනිවරු සහ සියලුම කල්දිවරුද පෙකොඩ්ද ෂෝවාද කෝවාද ඔවුන් සමඟ අෂූර්වරුද යන මොව්හුය. ඔවුන් සියල්ලෝම ප්‍රිය වඩන යෞවනයෝය, ආණ්ඩුකාරයොත් මුළාදෑනියොත්ය, ඔවුන් සියල්ලෝම අධිපතියෝය, අසුන් පිට නැගී යන්නාවූ කීර්තිමත් තැනැත්තෝය.


සදාකාල දෙවියන්වහන්සේ නුඹේ වාසස්ථානයය, යටින් සදාකාල හස්තයෝ නුඹ දරා සිටින්නෝය. නුඹ ඉදිරියෙන් උන්වහන්සේ සතුරන් පන්නා දමා, ඔවුන් විසින් විනාශ කරවයි කීසේක.


දැන් නුඹ ගොස් අමලෙක්ට පහරදී, ඔවුන් ඉතිරි නොකොට, ඔවුන් සතු සියල්ල සහමුලින්ම විනාශකරදමා, පුරුෂයන් හා ස්ත්‍රීන්ද බාලයින් හා කිරිදරුවන්ද ගවයන් හා බැටළුවන්ද ඔටුවන් හා කොටළුවන්ද මරාදමන්නැයි කියනසේකැයි කීවේය.