Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 18:25 - Sinhala Revised Old Version

25 මා දැන් මේ ස්ථානය විනාශකරන්ට ඊට විරුද්ධව ආවේ ස්වාමීන්වහන්සේ නැතුවද? මේ දේශයට විරුද්ධව ගොස් ඒක විනාශකරන්නැයි ස්වාමීන්වහන්සේ මට කීසේක කියා නුඹලා හෙසකියාට කියන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 මා දැන් මේ ස්ථානය විනාශ කරන්නට ඊට විරුද්ධ ව ආවේ සමිඳාණන් වහන්සේ නැතිව ද? මේ දේශයට විරුද්ධ ව ගොස් එය විනාශ කරන්නැ යි සමිඳාණන් වහන්සේ මට වදාළ සේක’ කියා ඔබ හැම හෙසකියාට කියන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 මා දැන් මේ ස්ථානය විනාශ කරන්නට ඊට විරුද්ධ ව ආවේ සමිඳාණන් වහන්සේ නැතිව ද? මේ දේශයට විරුද්ධ ව ගොස් එය විනාශ කරන්නැ යි සමිඳාණන් වහන්සේ මට වදාළ සේක’ කියා ඔබ හැම හෙසකියාට කියන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 18:25
10 හුවමාරු යොමු  

යෙසායා ඔවුන්ට කථාකොට: නුඹ ඇසුවාවූ, අෂූර්හි රජුගේ සේවකයන් විසින් මට අපහාස කොට කීවාවූ වචනවලට භයනොවන්න.


යම් නුවරක හොරණෑව පිම්බාම සෙනඟ භය නොවන්නෝද? ස්වාමීන්වහන්සේ නොපැමිණෙවු විපත්තියක් නුවරක ඇත්තේද?


නුමුත් ඔහු තානාපතියන් ඔහු වෙතට එවමින්: යූදාහි රජ්ජුරුවෙනි, මාගෙන් ඔබට කම මොකද? ඔබට විරුද්ධව නොව මා සමඟ යුද්ධකරන වංශයට විරුද්ධව අද මම එමි; ඉක්මන්වෙන්ට කියා දෙවියන්වහන්සේ මට අණකළසේක. දෙවියන්වහන්සේ මා සමඟ සිටිනසේක. උන්වහන්සේ ඔබ විනාශනොකරන පිණිස උන්වහන්සේගේ කාරණා ගැන හරස් නොවිය යුතුයයි කියා එවුවේය.


එවිට ඔහු: මමත් නුඹ වාගේම අනාගතවක්තෘ කෙනෙක්මි; දේවදූතයෙක් ස්වාමීන්වහන්සේගේ වචනයෙන් මට කථාකොට–ඔහු කෑම කන පිණිසත් වතුර බොන පිණිසත් නුඹේ ගෙදරට කැඳවාගන එන්න කියා කීයේයයි ඔහුට කීවේය. ඔහු ඔහුට කීවේ බොරුය.


එසේ නුඹට බැරි නම් නුඹ මාගේ ස්වාමිහුගේ සුළු සේවකයන්ගෙන් එක මුලාදෑනියෙක් වුවත් එළවාදමන්නේ කොහොමද? රථද අසරුවන්ද ගැන මිසරය කෙරෙහි විශ්වාසකරගන සිටිනවාද?


එකල හිල්කියාගේ පුත්‍රවූ එලියාකිම්ද ෂෙබ්නාද යෝවාද රබ්-ෂාකේ කථාකොට: පවුර පිට සිටින සෙනඟට ඇසෙන්ට යුදෙව් භාෂාවෙන් අපට කථානොකොට, නුඹේ මෙහෙකරුවන්වූ අපට සිරියේ භාෂාව තේරෙන නිසා ඒ භාෂාවෙන් කථාකළමැනවැයි කීවෝය.


යූදාවරුන් තමන්ගේ ඇස් හමුයෙන් පහකරන පිණිස ස්වාමීන්වහන්සේගේ ආඥාවෙන් මෙය ඔවුන් පිටට පැමුණුණේ මනස්සේගේ පාපවල් වන ඔහු කළ සියල්ල නිසාත්;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්