Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 23:23 - Sinhala Revised Old Version

23 ඔවුන් නම් බබිලෝනිවරු සහ සියලුම කල්දිවරුද පෙකොඩ්ද ෂෝවාද කෝවාද ඔවුන් සමඟ අෂූර්වරුද යන මොව්හුය. ඔවුන් සියල්ලෝම ප්‍රිය වඩන යෞවනයෝය, ආණ්ඩුකාරයොත් මුළාදෑනියොත්ය, ඔවුන් සියල්ලෝම අධිපතියෝය, අසුන් පිට නැගී යන්නාවූ කීර්තිමත් තැනැත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 ඔව්හු නම්, බබිලෝනිවරු සහ සියලු ම කල්දිවරු ද පෙකොඩ් ද ෂෝවා ද කෝවා ද ඔවුන් සමඟ අෂූර්වරු ද යන අය ය. ඔව්හු වනාහි මනා පෙනුමක් ඇති තරුණයෝ ය; ආණ්ඩුකාරයෝත් මුලාදෑනියෝත් ය; ඔව්හු සියල්ලෝ ම අධිපතියෝ ය; අසුන් පිට නැඟීයන කීර්තිමත් අශ්වාරෝහකයෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 ඔව්හු නම්, බබිලෝනිවරු සහ සියලු ම කල්දිවරු ද පෙකොඩ් ද ෂෝවා ද කෝවා ද ඔවුන් සමඟ අෂූර්වරු ද යන අය ය. ඔව්හු වනාහි මනා පෙනුමක් ඇති තරුණයෝ ය; ආණ්ඩුකාරයෝත් මුලාදෑනියෝත් ය; ඔව්හු සියල්ලෝ ම අධිපතියෝ ය; අසුන් පිට නැඟීයන කීර්තිමත් අශ්වාරෝහකයෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 23:23
16 හුවමාරු යොමු  

මෙරාතයිම් දේශයටත් පෙකොඩ්හි වැසියන්ටත් විරුද්ධව නැගී ගොස් ඔවුන් මරා, පසුපස්සේ ගොස් නාස්තිකර, මා නුඹට අණකළ සියල්ල ලෙස කරන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ස්වාමීන්වහන්සේ කල්දිවරුන්ගේ හමුදාවල්ද සිරියවරුන්ගේ හමුදාවල්ද මෝවබ්වරුන්ගේ හමුදාවල්ද අම්මොන් පුත්‍රයන්ගේ හමුදාවල්ද ඔහුට විරුද්ධව එවූ සේක, තමන්ගේ මෙහෙකරුවූ ප්‍රොපේතවරුන් ලවා ස්වාමීන්වහන්සේ කියෙවු වචනයේ හැටියට යූදා නැතිකරන පිණිස ඊට විරුද්ධව උන්වහන්සේ ඔවුන් එවූසේක.


ඈ අසල්වාසීවූ අලංකාර වස්ත්‍ර ඇන්දාවූ ආණ්ඩුකාරයෝව මුලාදෑනියෝව අශ්වයන් පිට නැගීයන අසරුවෝව සිටි අෂූර්වරුන් කෙරෙහි ආලයවුණාය, ඔවුන් සියල්ලෝම ප්‍රිය වඩන යෞවනයෝය.


ඔවුන් සියල්ලෝම නීල වස්ත්‍ර ඇන්දාවූ ආණ්ඩුකාරයෝ වන මුලාදෑනියෝව, ප්‍රිය වඩන යෞවනයෝව, අශ්වයන් පිට නැගීයන අසරුවෝව සිටි තැනැත්තෝය.


කල්දිවරුන්ගේ දේශය බලනු; ඒ සෙනඟ තවත් නැත. අෂූර්වරුන් විසින් ඒක වන මෘගයන්ට නියමකරනලද්දේය. ඔව්හු තමුන්ගේ බලකොටු ගොඩනගා, එහි මාළිගාවල් නාස්තිකරදමා, එය ජරාවාසයක් කළෝය.


ඔහු කථාකරද්දීම තවත් කෙනෙක් ඇවිත්: කල්දිවරු කණ්ඩායම් තුනක් සෑදී ඔටුවන් ළඟට පැමිණ උන් අල්ලාගෙන ගියෝය, මෙහෙකරුවන්ද කඩුවෙන් මැරුවෝය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය.


මුහුන් නොදැමූ රොටි මංගල්‍යය සත් දවසක් ප්‍රීතියෙන් පැවැත්තුවෝය. මක්නිසාද දෙවියන්වහන්සේගේ එනම් ඉශ්‍රායෙල්හි දෙවියන්වහන්සේගේ ගෘහයේ වැඩට ඔවුන්ගේ අත් සවිකරන හැටියට අෂූර්හි රජුගේ සිත ඔවුන් වෙතට හැරවීමෙන් ස්වාමීන්වහන්සේ ඔවුන් ප්‍රීතිකෙරෙවුසේක.


ඔව්හු හවිලාවේ පටන් අෂූර්ට යන මාර්ගයෙහි මිසරය ඉදිරියෙහි වූ ෂූර් දක්වා වාසයකළෝය. ඔහු තමාගේ සියලු සහෝදරයන් ඉදිරියෙහි විසීය.


තුන්වෙනි ගංගාවේ නම හිද්දෙකෙල්ය; අෂුර් දේශය ඉස්සරහින් ගලායන්නේ ඒකය.


එකල ඔහු කල්දියයන්ගේ දේශයෙන් පිටත්ව හාරන්හි විසුවේය. ඔහුගේ පියා මළ කල්හි, දෙවියන්වහන්සේ ඔහු එතැනින් නුඹලා දැන් වසන්නාවූ මේ දේශයට ගෙනාසේක.


නුමුත් ඈ ඇගේ වේශ්‍යාකම් වැඩිකරගත්තාය; ඈ මනුෂ්‍යයන්ගේ රූප භිත්තියේ සිතියම්කර තිබෙනවා, එනම් කල්දිවරුන්ගේ ස්වරූප සාදිලිංගම්වලින් සිතියම් කර තිබෙනවා දුටුවාය.


එබැවින්, එම්බා ඔහොලීබා, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, නුඹේ සිතෙන් නුඹ පහකළාවූ නුඹේ ප්‍රේමවන්තයන් මම නුඹට විරුද්ධව පොළඹවා, වටකරින් ඔවුන් නුඹට විරුද්ධව පමුණුවන්නෙමි.


නැවතත් ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්