Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 36:23 - Sinhala Revised Old Version

23 තවද උන්වහන්සේ යූදාහි තිබෙන යෙරුසලමෙහි උන්වහන්සේට ගෘහයක් ගොඩනගන්ට මට අණකර තිබේ. උන්වහන්සේගේ මුළු සෙනඟගෙන් නුඹලා අතරේ සිටින්නේ කවුද? ඔහු සමඟ ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිටිනසේක්වා, ඔහු එතැනටයේවයි පාර්සියාවේ කෝරෙෂ් කියන්නේය කියා තමාගේ රාජ්‍යය මුළුල්ලෙහි ප්‍රසිද්ධියක් කොට, ලියවිල්ලෙනුත් එය පතළ කෙරෙවුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 “තවද, උන් වහන්සේ ජුදාහි තිබෙන ජෙරුසලමෙහි උන් වහන්සේට මාලිගාවක් ගොඩනඟන්නට මට අණකර තිබේ. උන් වහන්සේගේ මුළු සෙනඟගෙන් ඔබ අතරේ සිටින්නේ කවරෙක් ද? ඔහු සමඟ ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේ වැඩ සිටින සේක් වා! ඔහු එතැනට යේවා යි පාර්සියාවේ සයිරස් දන්වන්නේ ය” කියා තමාගේ රාජ්‍යය මුළුල්ලෙහි ප්‍රසිද්ධ කොට ලියවිල්ලෙනුත් එය පතළ කරවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 “තවද, උන් වහන්සේ ජුදාහි තිබෙන ජෙරුසලමෙහි උන් වහන්සේට මාලිගාවක් ගොඩනඟන්නට මට අණකර තිබේ. උන් වහන්සේගේ මුළු සෙනඟගෙන් ඔබ අතරේ සිටින්නේ කවරෙක් ද? ඔහු සමඟ ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේ වැඩ සිටින සේක් වා! ඔහු එතැනට යේවා යි පාර්සියාවේ සයිරස් දන්වන්නේ ය” කියා තමාගේ රාජ්‍යය මුළුල්ලෙහි ප්‍රසිද්ධ කොට ලියවිල්ලෙනුත් එය පතළ කරවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 36:23
22 හුවමාරු යොමු  

එසේවී නම් මේ කාරණා ගැන කුමක් කියමුද? දෙවියන්වහන්සේ අපේ පක්ෂයට සිටිනසේක් නම්, අපට විරුද්ධවෙන්නේ කවුද?


ස්වර්ගයේ ස්වාමීන්වහන්සේට විරුද්ධව උසස්වී, උන්වහන්සේගේ ගෘහයේ භාජන ඔබ ඉදිරියට ගෙන්වාගන, ඔබද ඔබගේ උත්තමයෝද භාර්යාවරුද උපභාර්යාවරුද එයින් මුද්‍රිකපානය බීවෝය; තවද කිසි පෙනීමක්වත් ඇසීමක්වත් දැනුමක්වත් නැත්තාවූ, රන් රිදී පිත්තල යකඩ ලී සහ ගල්ද වූ දෙවිවරුන්ට ඔබ ප්‍රශංසාකෙළෙහිය. නුමුත් ඔබගේ හුස්ම තමන් හස්තයෙහි ඇත්තාවූ, ඔබගේ සියලු මාර්ග අයිතිවූ දෙවියන්වහන්සේට ඔබ ගෞරවකළේ නැත.


පොළොවේ සියලු වැසියෝ කිසිත් නොවන්නාක් මෙන් සලකනු ලබන්නෝය. උන්වහන්සේ ස්වර්ගයේ සේනාව සහ පොළොවේ වැසියන් අතර තමන් කැමැති ලෙස කරනසේක. උන්වහන්සේගේ අත නවත්වන්ටවත්: ඔබ කුමක් කරනසේක්දැයි උන්වහන්සේට කියන්ටවත් පුළුවන්වූ කිසිවෙක් නැත.


රජ්ජුරුවෙනි, ඔබ රජවරුන්ගේ රජය, මක්නිසාද ස්වර්ගයේ දෙවියන්වහන්සේ රජකමද බලයද පරාක්‍රමයද ඓශ්චර්යයද ඔබට දී තිබේ.


කාලවල්ද ප්‍රස්තාවල්ද වෙනස්කරන්නෙත් රජවරුන් පහකරන්නෙත් රජවරුන් පත්කරන්නෙත් ප්‍රඥාවන්තයන්ට ප්‍රඥාවද නුවණ ඇත්තන්ට දැනුමද දෙන්නෙත් උන්වහන්සේය.


රජ්ජුරුවෙනි, මහෝත්තම දෙවියන්වහන්සේ රජකමද මහන්තත්වයද ගෞරවයද මහිමයද ඔබගේ පියවූ නෙබුකද්නෙශර්ට දුන්සේක.


මාගේ රාජ්‍යයේ සිටින ඉශ්‍රායෙල් සෙනඟගෙන්ද ඔවුන්ගේ පූජකයන්ගෙන්ද ලෙවීවරුන්ගෙන්ද යෙරුසලමට යන්ට කැමති සියල්ලන්ට නුඹ සමඟ යන්ට පුළුවන කියා නියෝගයක් කරමි.


ඕපීර්හි රන් තලෙන්ත තුන් දහසකුත් පවිත්‍රකළ රිදී තලෙන්ත සත්දහසකුත් එසේ දුන්නෙමි. ඉතින් අද අත්පුරා කැමැත්තෙන්ම ස්වාමීන්වහන්සේට පූජාකරන්නේ කවුදැයි කීවේය.


ගණන් නැතිතරම් රන්ද රිදීද පිත්තලද යකඩද තිබේ; නැගිට වැඩ පටන්ගන්න, ස්වාමීන්වහන්සේ නුඹ සමඟ වනසේක්වයි කීය.


නුමුත් ස්වාමීන්වහන්සේ යෙරමියාගේ මුඛයෙන් කියෙවු වචනය සම්පූර්ණවෙන පිණිස පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගේ පළමුවෙනි අවුරුද්දේදී ස්වාමීන්වහන්සේ පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගේ සිත පෙළෙඹවුසේක. ඔහු වනාහි: ස්වර්ගයේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පොළොවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ;


තවද පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගේ පළමුවෙනි අවුරුද්දේදී ස්වාමීන්වහන්සේ යෙරෙමියාගේ මුඛයෙන් කියෙවූ වචනය ඉෂ්ටවෙන පිණිස ස්වාමීන්වහන්සේ පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගේ සිත පෙළෙඹවුසේක.


ස්වර්ගයේ දෙවියන්වහන්සේට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.


පෙරදිගින් කෙනෙකු නැගුටුවා ධර්මිෂ්ඨකමින් තමන්ගේ පාමුලට කැඳවාගත්තේ කවුද? උන්වහන්සේ ඔහු ඉදිරියේ ජාතීන් පාවාදී, ඔහු ලවා රජුන් ආණ්ඩුකරවනසේක; උන්වහන්සේ ඔහුගේ කඩුවට ධූලි මෙන්ද ඔහුගේ දුන්නට හුළඟින් ගසාගනයන ඉපනැලි මෙන්ද ඔවුන් පාවාදෙනසේක.


ඔහු අධර්මිෂ්ඨකමින් නැගිටෙවුවේ මමය, ඔහුගේ සියලු මාර්ග සමතලාකරන්නෙමි. ඔහු මාගේ නුවර ගොඩනගන්නේය, පිටවහල්ව සිටින මාගේ ජනයන් නිදහස්කරන්නේය; එසේ කරන්නේ මිලයක්වත් තෑග්ගක්වත් පිණිස නොවේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


මේ දානියෙල් දාරියුස්ගේ රජකමේද පර්සිය කෝරෙෂ්ගේ රජකමේද කාලයෙහි උසස්ව සිටියේය.


එක්කෙනෙක්: මම ස්වාමීන්වහන්සේගේ යයි කියනවා ඇත; තවත් කෙනෙක් යාකොබ් යන නාමය තබාගන්නවා ඇත; තවත් කෙනෙක්ද තමා ස්වාමීන්වහන්සේට අයිතියයි තමාගේ අතෙහි ලියා තබා, ඉශ්‍රායෙල් යන දෙවෙනි නාමයක් පවරාගන්නවා ඇත.


දැනුදු මමම මේ සියලු දේශ මාගේ සේවකයාවූ, බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර්ගේ අතට දුනිමි; ඔහුට සේවයකරන්ට වනයේ සත්වයන්ද ඔහුට දුනිමි.


පෙරෙස් යනු ඔබගේ රාජ්‍යය බෙදා, මේදවරුන්ටත් පර්සිවරුන්ටත් දෙනලද්දේය යනුයයි කීවේය.


සියොන් දුව, බිහිකරන ස්ත්‍රියෙකු මෙන් වේදනා විඳ බිහිකරන්න. මක්නිසාද නුඹ දැන් නගරයෙන් පිටතට ගොස් එළියේ වාසයකොට, බබිලෝනියට පැමිණෙන්නීය; එහිදී නුඹ නිදහස්කරනු ලබන්නීය; එහිදී ස්වාමීන්වහන්සේ නුඹේ සතුරන්ගේ අතින් නුඹ මුදාගන්නසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්