ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 48:47 - Sinhala Revised Old Version

එහෙත් මතු දවස්වලදී මම මෝවබ්ගේ වාල්කම පහකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. මෝවබ්ගේ විනිශ්චය තීන්දුය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත්, මතු දවස්වල දී මම මෝවබ්ට සමෘද්ධිය යළි ඇති කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. මෝවබ් ගැන විනිශ්චය මෙය වේ.”

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහෙත්, මතු දවස්වල දී මම මෝවබ්ට සමෘද්ධිය යළි ඇති කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. මෝවබ් ගැන විනිශ්චය මෙය වේ.”

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 48:47
22 හුවමාරු යොමු  

එහෙත් මාගේ මිදුම්කාරයාණන් ජීවත්ව සිටින බවද අන්තිමේදී උන්වහන්සේ පොළොව පිට සිටින බවද දනිමි.


ඒ කාලයෙහි උස්වූ සිනිඳුවූ සෙනඟක්ව, මුලපටන් මේ දක්වා භයානක සෙනඟක්ව, මනින්නාවූ, පාගාදමන්නාවූ, ගංගාවලින් බෙදී තිබෙන දේශයක් ඇත්තාවූ ජාතියක්ව සිටින තැනැත්තන්ගෙන් සේනාවල ස්වාමීන්වහන්සේගේ නාම-ස්ථානය වන සියොන් කන්දට සේනාවල ස්වාමීන්වහන්සේ වෙතට තෑග්ගක් ගෙනෙනු ලබන්නේය.


ඇගේ වෙළඳාමද කුලියද ස්වාමීන්වහන්සේට ශුද්ධව තිබේ. ඒවා නිධාන කරනු ලබන්නේවත් රැස්කරනු ලබන්නේවත් නැත; මක්නිසාද ඇගේ වෙළඳාම ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වාසයකරන්නන්ට සෑහෙන පමණ කන පිණිසත් අලංකාර වස්ත්‍ර පිණිසත් වන්නේය.


පීනන්නෙකු පීනන්ට අත් විදහන්නාක්මෙන් ඔහු එහි තමාගේ අත් විදහන්නේය; නුමුත් උන්වහන්සේ ඔහුගේ ආඩම්බරයත් ඔහුගේ අත්වල ප්‍රයෝගයත් පහත්කරදමනසේක.


ජාතීන් අතරෙන් ගැළවී සිටින තැනැත්තෙනි, රැස්වී ඇවිත් එක්ව ළංවෙන්න. තමුන්ගේ ලී රූප උසුලාගන යන්නාවූ, ගළවන්ට බැරි දෙවිකෙනෙකුට යාච්ඤා කරන්නාවූ අයට දැනුම නැත.


මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට මා හිමිකරදුන් උරුමයට අතගහන මාගේ සියලුම නපුරු අසල්වාසීන්ට විරුද්ධව ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම ඔවුන්ගේ දේශයෙන් ඔවුන් උදුරාදමන්නෙමි, යූදා වංශයද ඔවුන් අතරෙන් උදුරාදමන්නෙමි,


තවද මා විසින් ඔවුන් උදුරාදැමූ පසු මම හැරී ඔවුන්ට අනුකම්පාකොට, ඔවුන් එකිනෙකා තම තමාගේ උරුමයටත් තම තමාගේ දේශයටත් නැවත පමුණුවන්නෙමි.


ස්වාමීන්වහන්සේ තමන්ගේ සිතේ අභිප්‍රායන් ඉෂ්ටකරන තුරුත් සම්පූර්ණකරන තුරුත් උන්වහන්සේගේ උදහස නොහැරෙන්නේය. මතු දවස්වලදී නුඹලා එය සම්පූර්ණ ලෙස තේරුම්ගන්නවා ඇත.


ස්වාමීන්වහන්සේ තමන්ගේ සිතේ අදහස් ඉෂ්ටකරන තෙක්ද සම්පූර්ණ කරන තෙක්ද උන්වහන්සේගේ බලවත් උදහස නොහැරෙන්නේය. මතු දවස්වලදී නුඹලා එය තේරුම්ගන්නවා ඇත.


ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටත් බබිලෝනියේ නෙබුකද්රෙශර් අතටත් ඔහුගේ සේවකයන් අතටත් ඔවුන් පාවාදෙන්නෙමි. නුමුත් ඊට පසුව පුරාණ දවස්වල මෙන් වැසියන් එහි සිටිනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


එහෙත් මතු දවස්වලදී ඒලාමේ වාල්කම පහකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුමුත් පසුව මම අම්මොන් පුත්‍රයන්ගේ වාල්කම පහකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියන සේක.


බොහෝ දවස් ගිය පසු නුඹ ප්‍රධානකමට පත්වී, කඩුවෙන් මිදී තිබෙන දේශයකට මතු අවුරුදුවලදී එනවා ඇත. එහි වැසියෝ බොහෝ ජනයන් අතරෙන් ඉශ්‍රායෙල් කඳුවලට රැස්කරනු ලැබුවෝය. ඒවා නිතරම පාළුවක්ව තිබෙන නුමුත්, ඔවුන් ජනයන් අතරෙන් ගෙන්වනු ලැබ, සියල්ලෝම නිසැකව (එහි) වාසය කරති.


මතු දවස්වල නුඹේ සෙනඟට සිද්ධවෙන්ට තිබෙන කාරණා නුඹට තේරුම්කරදෙන්ට ආවෙමි. මක්නිසාද දර්ශනය [ඉෂ්ටවෙන්ට] තව බොහෝ දවස් ඇත්තේයයි කීවේය.


ඔහු අලංකාර දේශයටත් ඇතුල්වන්නේය, බොහෝ රටවල්ද වැටෙනවා ඇත. එහෙත් ඒදොම්ද මෝවබ්ද අම්මොන් පුත්‍රයන්ගේ ප්‍රධාන කොට්ඨාසයද ඔහුගේ අතින් ගැළවෙනවා ඇත.


නුමුත් රහස් එළිදරව්කරන දෙවිකෙනෙක් ස්වර්ගයෙහි සිටිනසේක, උන්වහන්සේ මතු දවස්වල සිද්ධවෙන්ට තිබෙන කාරණා නෙබුකද්නෙශර් රජුට දන්වා තිබේ. ඔබගේ ස්වප්නයද ඔබගේ යහනේදී පැමුණුණ ඔබගේ හිසේ දර්ශනද මෙසේය:


පසුව ඉශ්‍රායෙල් පුත්‍රයෝ හැරී තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේද තමුන්ගේ රජවූ දාවිත්ද සොයා, මතු දවස්වලදී භයින් යුක්තව ස්වාමීන්වහන්සේ වෙතටත් උන්වහන්සේගේ යහපත්කමටත් පැමිණෙන්නෝය.


බලව, දැන් මාගේ සෙනඟ ළඟට යමි. එන්න, මතු දවස්වලදී මේ සෙනඟ නුඹේ සෙනඟට කරන දේ නුඹට දන්වන්නෙමියි බාලාක්ට කීවේය.


මක්නිසාද මාගේ මරණයෙන් පසු නුඹලා සහමුලින් නුඹලාම දූෂ්‍ය කරගෙන මා නුඹලාට අණකළ මාර්ගයෙන් අහක්ව යන බව දනිමි; එබැවින් මතු දවස්වලදී විපත්තිය නුඹලාට පැමිණෙන්නේය; මක්නිසාද නුඹලාගේ අත්වල වැඩෙන් ස්වාමීන්වහන්සේ කෝපකරන හැටියට නුඹලා උන්වහන්සේගේ ඇස් හමුයෙහි නපුරුව තිබෙන දේ කරනවා ඇතැයි කීවේය.


නුඹ පීඩා විඳින කලද මේ සියලු දේ නුඹට පැමිණි කලද අන්තිම දවස්වලදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට හැරී උන්වහන්සේගේ හඬට ඇහුම්කන්දුන්නොත්,