Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 49:1 - Sinhala Revised Old Version

1 අම්මොන් පුත්‍රයන් ගැනය. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්‍රායෙල්ට පුත්‍රයෝ නැද්ද? ඔහුට උරුමක්කාරයෙක් නැද්ද? ඇත්නම් මල්කාම් ගාද් රට හිමිකරගත්තෙත් ඔහුගේ සෙනඟ එහි නුවරවල වාසයකරන්නෙත් මක්නිසාද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 අම්මොන්වරුන් ගැන සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් දේශයේ වැසියෝ නැද් ද? එයට උරුමක්කාරයෝ නැද් ද? ඇත්නම්, මල්කාම් දෙවියාට නමස්කාර කරමින් සෙනඟ ගාද් රට හිමි කරගෙන නගරවල වාසය කරන්නේ මන් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 අම්මොන්වරුන් ගැන සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් දේශයේ වැසියෝ නැද් ද? එයට උරුමක්කාරයෝ නැද් ද? ඇත්නම්, මල්කාම් දෙවියාට නමස්කාර කරමින් සෙනඟ ගාද් රට හිමි කරගෙන නගරවල වාසය කරන්නේ මන් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 49:1
32 හුවමාරු යොමු  

අම්මොනියයෙක්වත් මෝවබියයෙක්වත් ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල් නොවිය යුතුය: ඔවුන්ගෙන් පැවතඑන කිසිවෙක් දසවෙනි පරම්පරාව දක්වාත් කවදාවත් ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල් නොවිය යුතුය.


ඒදොම ගැනය. සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: තේමාන්හි තවත් ප්‍රඥාව නැද්ද? බුද්ධිමත් අය අතරෙන් මන්ත්‍රණය නැතිවීද? ඔවුන්ගේ ප්‍රඥාව පහවගියාද?


ඒදොම් සහ මෝවබ්ටත් අම්මොන් පුත්‍රයන්ටත්,


මින්පසු මෝවබ් පුත්‍රයෝද අම්මොන් පුත්‍රයෝද ඔවුන් සමඟ අම්මොනිවරුන්ගෙන් සමහරෙක්ද යෙහෝෂාපාට්ට විරුද්ධව යුද්ධයට ආවෝය.


කේදාර් ගැනත් බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් විසින් පහරදුන් හාශෝර්හි රාජ්‍යවල් ගැනත්ය. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා නැගිට කේදාර්ට නැගීගොස්, නැගෙනහිර දිශාවේ පුත්‍රයන් නාස්තිකරන්න.


දමස්කය ගැනය. හමාත්ද අර්පාද්ද ලජ්ජාවට පැමුණුණෝය; මක්නිසාද ඔව්හු නරක ආරංචියක් අසා දියවී ගියෝය. මුහුද පිට චංචලය ඇත්තේය; ඊට නිශ්චලවෙන්ට බැරිය.


මෝවබ් ගැනය. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අහෝ නෙබෝට දුක්වේ! මක්නිසාද එය පාළුවිය; කිරියාතයිම් ලජ්ජාවට පත්විය, එය අසුවිය. මිස්ගාබ් ලජ්ජාවටත් කැලඹීමටත් පැමුණුණේය.


පසුව ඒවා යෙරුසලමට, යූදාහි රජවූ ශෙදෙකියා වෙතට එන්නාවූ පණිවිඩකාරයන් අතින් ඒදොම්හි රජුටද මෝවබ්හි රජුටද අම්මොන් පුත්‍රයන්ගේ රජුටද තීර්හි රජුටද ශීදොන්හි රජුටද යවා,


මම කියා ඇර උතුරු දිශාවේ සියලු ජාතීන් ගෙන්වා, මාගේ සේවකයාවූ බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ටත් කියා ඇර, මේ දේශය සහ මෙහි වැසියන්ටත් වටකර ඉන්න මේ සියලු ජාතීන්ටත් විරුද්ධව ඔවුන් පමුණුවා, මොවුන් සහමුලින්ම විනාශකොට විස්මයක්ද කවටකමක්ද නිරන්තර පාළුවක්ද කරන්නෙමි.


ගෙබාල්, අම්මොන් සහ අමෙලක්ය; තීර් වැසියන් සමඟ පිලිස්තියෝය.


සතුරෝ කෙළවරකට පැමිණියෝය, ඔව්හුද ඔබ විසින් පෙරළාදැමූ නුවරවල්ද සදාකාලයටම නාස්තිවූය; ඒවා ගැන සිහිවීම පවා නැතිවිය.


තවද යෙරුසලමේ පවුරු හරිගැස්සීම ඉෂ්ටවෙන බවත් එහි බිඳුම් අහුරාගනයන බවත් සන්බලාට්ද ටෝබියාද අරාබිවරුද අම්මොන්වරුද අෂ්දොද්වරුද අසා, ඉතා කෝපවූහ;


නුමුත් හොරොනිය සන්බලට්ද සේවකයාවූ අම්මොනිය ටෝබියාද අරාබිය ගෙෂෙම්ද ඒ අසා අපට කවටකම්කර අප හෙළාදැක: නුඹලා කරන මේ දෙය මොකද? නුඹලා රජුට විරුද්ධව කැරළිගසන්ට යනවාදැයි කීවෝය.


මක්නිසාද අම්මොන් සහ මෝවබ් පුත්‍රයන් සෙයිර් කඳුකරයේ වැසියන් සිඳදමා විනාශකරන පිණිස ඔවුන්ට විරුද්ධව නැගිට්ටෝය. සෙයිර් වැසියන් මුළුමනින්ම නැතිකළායින් පසු ඔව්හු එකෙක් අනිකෙකු විනාශකරන්ට උපකාරවූහ.


ස්වාමීන්වහන්සේ කල්දිවරුන්ගේ හමුදාවල්ද සිරියවරුන්ගේ හමුදාවල්ද මෝවබ්වරුන්ගේ හමුදාවල්ද අම්මොන් පුත්‍රයන්ගේ හමුදාවල්ද ඔහුට විරුද්ධව එවූ සේක, තමන්ගේ මෙහෙකරුවූ ප්‍රොපේතවරුන් ලවා ස්වාමීන්වහන්සේ කියෙවු වචනයේ හැටියට යූදා නැතිකරන පිණිස ඊට විරුද්ධව උන්වහන්සේ ඔවුන් එවූසේක.


හසායෙල් යොර්දානට නැගෙනහිරින් තිබෙන ඉශ්‍රායෙල්ගේ සියලු පළාත්වූ අර්ණොන් මිටියාවත ළඟවූ අරොයේර් පටන් තිබෙන මුළු ගිලියද් දේශයෙහිත් බාෂාන්හිත් විසූ ගාද්වරුන්ටත් රූබෙන්වරුන්ටත් මනස්සේවරුන්ටත් පහර-දුන්නේය.


අම්මොන් පුත්‍රයන් ඉදිරියට ළංවූ කල ඔවුන්ට සතුරුකමක්වත් ඔවුන්ට විරුද්ධකමක්වත් නොකරන්න. අම්මොන් පුත්‍රයන්ගේ දේශයෙන් නුඹට කිසි උරුමයක් නොදෙන්නෙමි. මක්නිසාද මා විසින් එය ලොත්ගේ පුත්‍රයන්ට උරුමයක් කොට දී තිබේ.


බාල තැනැත්තීද පුත්‍රයෙකු බිහිකර ඔහුට බෙන්අම්මියයි නම් තැබුවාය. ඔහු අද දක්වා අම්මොන් පුත්‍රයන්ගේ පියාණෝය.


ගාද්ගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ,


මක්නිසාද නුඹලා මිසරයෙන් ආ කල්හි ඔවුන් මාර්ගයේදී කෑමත් වතුරත් රැගෙන නුඹලාගේ පෙරමගට නා නිසාත් නුඹට ශාපකරන පිණිස මෙසොපොතාමියේ පෙතෝර්හි සිට බෙයොර්ගේ පුත්‍රවූ බාලාම් නුඹලාට විරුද්ධව කුලියට ගත් නිසාත්ය.


මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට මා හිමිකරදුන් උරුමයට අතගහන මාගේ සියලුම නපුරු අසල්වාසීන්ට විරුද්ධව ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම ඔවුන්ගේ දේශයෙන් ඔවුන් උදුරාදමන්නෙමි, යූදා වංශයද ඔවුන් අතරෙන් උදුරාදමන්නෙමි,


ගෙවල් මුදුනේ සිට අහස් සේනාවට නමස්කාරකරන්නන්ද, ස්වාමීන්වහන්සේට, දිවුරා මල්කාම් නමිනුත් දිවුරා නමස්කාරකරන්නන්ද,


අනිනු ලැබුවාවූ, දුෂ්ටවූ ඉශ්‍රායෙල් අධිපතිය, නුඹේ කාලය අන්තිම අයුතුකමේ කාලයෙහි පැමිණ තිබේ;


ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්