එය එන එන විට නුඹලාව අල්ලාගන්නවා ඇත; මක්නිසාද උදයෙන් උදයද රෑ දාවල්ද එය එනවා ඇත. ඒ ආරංචිය තේරුම්ගැනීමම භීතියක්ව තිබෙයි.
යෙරෙමියා 4:5 - Sinhala Revised Old Version දේශයෙහි හොරණෑව පිඹින්නැයි කියා යූදාහි දන්වා, යෙරුසලමෙහි ප්‍රකාශකරන්න. බලකොටු සහිත නුවරවලට අප ඇතුල්වෙන පිණිස රැස්වෙන්නය කියා හයියෙන් මොරගසන්න Sinhala New Revised Version “දේශය මුළුල්ලේ හොරණෑව පිඹ මොරගසා, ‘අපි එක්රැස් වී බලකොටු සහිත නගරවලට යමු’ කියා ජුදාව පුරා පතුරුවන්න; ජෙරුසලමේ ප්‍රකාශ කරන්න. Sinhala New Revised Version 2018 “දේශය මුළුල්ලේ හොරණෑව පිඹ මොරගසා, ‘අපි එක්රැස් වී බලකොටු සහිත නගරවලට යමු’ කියා ජුදාව පුරා පතුරුවන්න; ජෙරුසලමේ ප්‍රකාශ කරන්න. |
එය එන එන විට නුඹලාව අල්ලාගන්නවා ඇත; මක්නිසාද උදයෙන් උදයද රෑ දාවල්ද එය එනවා ඇත. ඒ ආරංචිය තේරුම්ගැනීමම භීතියක්ව තිබෙයි.
නුමුත් බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් දේශයට විරුද්ධව ආ කල අපි කථාකොට: එන්න, අපි කල්දිවරුන්ගේ සේනාවද සිරියේ සේනාවද නිසා යෙරුසලමට ඇතුල්වෙමුයයි කීවෙමුව; මෙසේ අපි යෙරුසලමෙහි වාසයකරමුයයි කීවෝය.
බෙන්යමින් පුත්‍රයෙනි, යෙරුසලම තුළින් පලාගොස්, තෙකෝවාහි හොරණෑ පිඹ, බෙත්-හක්කෙරෙම් උඩ ලකුණක් නගන්න. මක්නිසාද විපත්තියක්ද මහත් විනාශයක්ද උතුරෙන් පැමිණෙන්ට ළඟය.
අපි කුමට නිකම් හිඳිමුද? නුඹලා රැස්වෙන්න, අපි පවුරු ඇති නුවරවලට වැද එහි නිශ්ශබ්දව සිටිමුව. මක්නිසාද අප ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කළ නිසා අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අප විනාශයට පත්කොට වසදිය අපට පොවා තිබේ.
මේක තේරුම්ගන්ට පුළුවන් ප්‍රඥාවන්තයා කවුද? ප්‍රකාශකරන පිණිස මෙය ස්වාමීන්වහන්සේගේ මුඛයෙන් කියනු ලැබුවේ කාටද? කිසිවෙක් දේශය මැදින් නොයන ලෙස එය නටබුන්වුණෙත් කාන්තාරයක් මෙන් දාලා ගියෙත් මක්නිසාද?
ඔවුන් හොරණෑව පිඹ සියල්ල සූදානම් කර තිබේ; නුමුත් කිසිවෙක් සටනට නොයයි. මක්නිසාද මාගේ කෝපය එහි මුළු සමූහයා කෙරෙහි ඇත්තේය.
හොරණෑව නුඹේ මුඛයට තබන්න. රාජාලියා මෙන් ස්වාමීන්වහන්සේගේ ගෘහයට විරුද්ධව [සතුරා] එන්නේය. මක්නිසාද ඔව්හු මාගේ ගිවිසුම කඩකොට මාගේ ව්‍යවස්ථාවට විරුද්ධව කැරළිගැසුවෝය.
සියොන්හි හොරණෑව පිඹ, මාගේ ශුද්ධවූ කන්දෙහි මහත් ශබ්දයක් පවත්වන්න; දේශයේ සියලු වැසියෝ වෙවුලත්වා. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙයි, ඒක ළංව තිබේ;
යම් නුවරක හොරණෑව පිම්බාම සෙනඟ භය නොවන්නෝද? ස්වාමීන්වහන්සේ නොපැමිණෙවු විපත්තියක් නුවරක ඇත්තේද?
සිංහයා ගර්ජනාකෙළේය, භය නොවන්නේ කවුද? ස්වාමිවූ දෙවියන්වහන්සේ කථාකළසේක, ප්‍රොපේතවාක්‍ය නොකියන්නේ කවුද?
සභාව කැඳවීමටත් සේනාව පිටත්කර වීමටත් පිඹින පිණිස රිදී හොරණෑ දෙකක් සාදාගන්න; ඒවා තළාපු කර්මාන්තයෙන් සාදන්න.
යෝෂුවා සහ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඔවුන් විනාශවනතෙක් ඉතා මහත් මැරීමකින් ඔවුන් මරා නිමකළ පසුද, ඔවුන්ගෙන් ඉතිරි අය පවුරු ඇති නුවරවලට ඇතුල්වූ පසුද,