Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 4:6 - Sinhala Revised Old Version

6 කොඩියක් සියොන් දෙසට නගන්න. ගැළවෙන පිණිස නොනැවතී දුවන්න. මක්නිසාද මම උතුරෙන් විපත්තියක්ද මහත් විනාශයක්ද පමුණුවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 සියොන් දෙසට සංඥාවක් දෙන සංකේතයක් නඟන්න; ගැළවෙන පිණිස නොනැවතී දුවන්න. මන්ද, සමිඳාණන් වහන්සේ උතුරෙන් විපත්තියක් ද මහා විනාශයක් ද පමුණුවන සේක;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 සියොන් දෙසට සංඥාවක් දෙන සංකේතයක් නඟන්න; ගැළවෙන පිණිස නොනැවතී දුවන්න. මන්ද, සමිඳාණන් වහන්සේ උතුරෙන් විපත්තියක් ද මහා විනාශයක් ද පමුණුවන සේක;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 4:6
19 හුවමාරු යොමු  

ජාතීන් අතරේ දන්වා ප්‍රකාශකොට, කොඩියක් නගන්න; නොසඟවා, ප්‍රසිද්ධකොට, මෙසේ කියන්න: බබිලෝනිය අසුවිය, බේල් ලජ්ජාවට පැමුණුණේය, මෙරොදක් කැලඹී සිටියි; ඇගේ දේවරූප ලජ්ජාවට පැමුණුණේය, ඇගේ රූප කැලඹී තිබේ.


දේශයෙහි කොඩියක් ඔසවා, ජාතීන් අතරෙහි හොරණෑවක් පිඹ, ඈට විරුද්ධව ජාතීන් සූදානම්කරන්න, අරාරාත්ද මින්නීද අෂ්කෙනස්ද යන රාජ්‍යයන් ඈට විරුද්ධව අඬගසාගෙන, ඈට විරුද්ධව සේනාධිපතියෙකු පත්කොට, කෙඳි-පළඟැටියන් මෙන් අශ්වයන් නැගී එන්ට සලස්වන්න.


බබිලෝනියේ පවුරුවලට විරුද්ධව කොඩියක් ඔසවා, මුරපළ සවිකර, මුරකාරයන් සිටවා, රහස් සේනාව සූදානම්කරන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ බබිලෝනියේ වැසියන්ට විරුද්ධව කී දේ උන්වහන්සේ යෝජනාකළාක්මෙන්ම ඉෂ්ටකළසේක.


මම කියා ඇර උතුරු දිශාවේ සියලු ජාතීන් ගෙන්වා, මාගේ සේවකයාවූ බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ටත් කියා ඇර, මේ දේශය සහ මෙහි වැසියන්ටත් වටකර ඉන්න මේ සියලු ජාතීන්ටත් විරුද්ධව ඔවුන් පමුණුවා, මොවුන් සහමුලින්ම විනාශකොට විස්මයක්ද කවටකමක්ද නිරන්තර පාළුවක්ද කරන්නෙමි.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අන්න, උතුරු දේශයෙන් සෙනඟක් එති; මහත් ජාතියක්ද පොළොවේ ඉතා දුර තැන්වලින් නැගිටිනවා ඇත.


බෙන්යමින් පුත්‍රයෙනි, යෙරුසලම තුළින් පලාගොස්, තෙකෝවාහි හොරණෑ පිඹ, බෙත්-හක්කෙරෙම් උඩ ලකුණක් නගන්න. මක්නිසාද විපත්තියක්ද මහත් විනාශයක්ද උතුරෙන් පැමිණෙන්ට ළඟය.


මට කොඩිය දකින්ටත් හොරණෑ හඬ ඇසෙන්ටත් වෙන්නේ කොපමණ කල්ද?


දොරටුවලින් ඇතුල්වෙන්න, ඇතුල්වෙන්න; සෙනඟගේ මාර්ගය පහදන්න; මහ මාවත සමතලාකරන්න, සමතලාකරන්න; ගල් අහක්කරන්න; ජනයන්ට කොඩියක් නගන්න.


එම දවසේම මත්ස්‍ය දොරටුවෙන් ඝෝෂාවක්ද දෙවෙනි කොටසෙන් කෑමොරගැසීමක්ද හෙල්වලින් බිඳීම් ගබ්දයක්ද වන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මොරගැසීමේ ශබ්දයක් බබිලෝනියෙන්ද මහත් විනාශයේ ශබ්දයක් කල්දිවරුන්ගේ දේශයෙන්ද ඇසෙන හැටි!


යුද්ධකිරීමේද මහත් විනාශයේද ශබ්දයක් දේශයෙහි තිබේ.


ඉන්පසු මම යූදාහි රජවූ ශෙදෙකියාද, ඔහුගේ සේවකයන්ද, සෙනඟද, එනම් වසංගතයෙනුත් කඩුවෙනුත් සාගතයෙනුත් මේ නුවර ඉතුරු වෙන්නන්, බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අතටත් ඔවුන්ගේ සතුරන් අතටත් ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටත් පාවාදෙන්නෙමි. ඔහුද ඔවුන්ට කරුණා නොකොට, අනුකම්පාකරන්නේවත් දයාවෙන්නේවත් නැතුව, ඔවුන්ට කඩුමුවහතින් පහර දෙන්නේය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.


එබැවින් නුඹ යූදා මනුෂ්‍යයන්ටත් යෙරුසලමේ වැසියන්ටත් කථාකොට: මම නුඹලාට විරුද්ධව විපත්තියක් යොදමින්ද නුඹලාට විරුද්ධව යෝජනාවක් යෝජනාකරමින්ද සිටිමි. ඉතින් නුඹලා එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරී, නුඹලාගේ මාර්ගවල්ද ක්‍රියාවල්ද හරිගස්සගන්නය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න.


මම නුඹට විරුද්ධව හැමදෙනාම තම තමාගේ ආයුධ ගත් විනාශකරන්නන් වෙන්කොට තබන්නෙමි. ඔව්හු නුඹේ අනර්ඝ කිහිරි ගස් කපා ගින්නෙහි දමන්නෝය.


එහි කළු අශ්වයන් බැඳ සිටින රථය උතුරු දේශයට පිටත්ව යයි; සුදු අශ්වයෝ එවුන් පස්සේ ගියෝය; ලප ඇති එවුවෝ දකුණු දේශයට ගියෝය.


අන්න, යූදා නුවරවල් පාළුවක්ද හිවලුන්ගේ වාසයක්ද කිරීමට දූසාමාන කථාවක හඬක්ද මහත් ඝෝෂාවක්ද උතුරු දේශයෙන් පැමිණෙන්නේය.


ඉක්බිති උන්වහන්සේ: මේ නුවර මුරකාරයන් එකිනෙකා තම තමාගේ විනාශකිරීමේ ආයුධය අතේ ඇතුව ළංවන්ට සලස්වන්න කියා මහත් හඬින් මොරගසනවා මට ඇසුණේය.


එවිට උතුරු දෙස තිබෙන ඉහළ දොරටුවේ මාර්ගයෙන් මනුෂ්‍යයන් හය දෙනෙක් එකිනෙකා තම තමාගේ මරණායුධය අතේ ඇතුව ආවෝය; ඔවුන් මැද එක් මනුෂ්‍යයෙක් හණ වස්ත්‍ර හැඳගෙන, තමාගේ පැත්තක එල්ලෙන තීන්ත කූඩුවක් ඇතුව සිටියේය. ඔව්හු ඇතුල් වී පිත්තල පූජාසනය ළඟ සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්