Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 11:2 - Sinhala Revised Old Version

2 නුඹලා මේ ගිවිසුමේ වචන අසා යූදාහි මනුෂ්‍යයන්ටත් යෙරුසලමේ වැසියන්ටත් මෙසේ කථාකරන්න:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 “මේ ගිවිසුමේ නියමයන්ට සවන් දෙන්න. ජුදාහි මිනිසුන්ටත්, ජෙරුසලමේ වැසියන්ටත් කතා කරන්න. ‘මේ ගිවිසුමේ නියමයන්ට කීකරු නොවන අයට

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 “මේ ගිවිසුමේ නියමයන්ට සවන් දෙන්න. ජුදාහි මිනිසුන්ටත්, ජෙරුසලමේ වැසියන්ටත් කතා කරන්න. ‘මේ ගිවිසුමේ නියමයන්ට කීකරු නොවන අයට

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 11:2
9 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ මට කථාකොට: නුඹ යූදා නුවරවලත් යෙරුසලමේ වීථිවලත් මේ සියලු වචන ප්‍රකාශකොට මෙසේ කියන්න: නුඹලා මේ ගිවිසුමේ වචන අසා ඒවා පවත්වන්න.


දැනුදු නුඹලා සැබවින් මාගේ හඬට කීකරුව මාගේ ගිවිසුම රක්ෂා කරන්නහුනම් සියලු සෙනඟ අතරෙන් නුඹලා මට අසහාය වස්තුවක් වන්නහුය. මක්නිසාද මුළු පොළොව මාගේය.


රජ ස්වකීය ස්ථානයෙහි සිට ඒ පොතෙහි ලියනලද ගිවිසුමේ වචන ඉෂ්ටකිරීමට, ස්වාමීන්වහන්සේ අනුවයන හැටියටත් උන්වහන්සේගේ ආඥාද ශික්ෂාද පනත්ද තමාගේ මුළු සිතින්ද තමාගේ මුළු ආත්මයෙන්ද පවත්වන හැටියටත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කෙළේය.


ඉතින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ තද උදහස අප කෙරෙන් පහව යන පිණිස උන්වහන්සේ සමඟ ගිවිසුමක් කරන්ට මාගේ සිතේ තිබේ.


ස්වාමීන්වහන්සේගේ සෙනඟව සිටින ලෙස යෙහෝයාදා තමා සහ මුළු සෙනඟත් රජුත් අතරේ ගිවිසුමක් කෙළේය.


යෙහෝයාදා තෙමේ ස්වාමීන්වහන්සේගේ සෙනඟව සිටින හැටියට ස්වාමීන්වහන්සේ සහ රජුද සෙනඟද අතරේ ගිවිසුමක් කෙරෙවුවේය. එසේම රජුද සෙනඟද අතරෙත් කෙරෙවුවේය.


ස්වාමීන්වහන්සේගෙන් යෙරෙමියා වෙත පැමිණි වචනය මේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්