Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙරෙමියා 35:11 - Sinhala Revised Old Version

11 නුමුත් බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් දේශයට විරුද්ධව ආ කල අපි කථාකොට: එන්න, අපි කල්දිවරුන්ගේ සේනාවද සිරියේ සේනාවද නිසා යෙරුසලමට ඇතුල්වෙමුයයි කීවෙමුව; මෙසේ අපි යෙරුසලමෙහි වාසයකරමුයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 එහෙත්, බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් අප දේශයට විරුද්ධ ව ආ කල අපි කතා කොට, ‘එන්න, අපි බබිලෝනිවරුන්ගේ සේනාව ද සිරියන්වරුන්ගේ සේනාව ද නිසා ජෙරුසලමට ඇතුළු වෙමු’යි කීවෙමු. මෙසේ අපි ජෙරුසලමෙහි වාසය කරමු.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 එහෙත්, බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් අප දේශයට විරුද්ධ ව ආ කල අපි කතා කොට, ‘එන්න, අපි බබිලෝනිවරුන්ගේ සේනාව ද සිරියන්වරුන්ගේ සේනාව ද නිසා ජෙරුසලමට ඇතුළු වෙමු’යි කීවෙමු. මෙසේ අපි ජෙරුසලමෙහි වාසය කරමු.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 35:11
8 හුවමාරු යොමු  

මම කියා ඇර උතුරු දිශාවේ සියලු ජාතීන් ගෙන්වා, මාගේ සේවකයාවූ බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ටත් කියා ඇර, මේ දේශය සහ මෙහි වැසියන්ටත් වටකර ඉන්න මේ සියලු ජාතීන්ටත් විරුද්ධව ඔවුන් පමුණුවා, මොවුන් සහමුලින්ම විනාශකොට විස්මයක්ද කවටකමක්ද නිරන්තර පාළුවක්ද කරන්නෙමි.


එකල ස්වාමීන්වහන්සේගේ වචනය යෙරෙමියා වෙතට පැමිණ මෙසේ කීය.


අපි කුමට නිකම් හිඳිමුද? නුඹලා රැස්වෙන්න, අපි පවුරු ඇති නුවරවලට වැද එහි නිශ්ශබ්දව සිටිමුව. මක්නිසාද අප ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කළ නිසා අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අප විනාශයට පත්කොට වසදිය අපට පොවා තිබේ.


තවද පාළුකරන පිළිකුල නුසුදුසු ස්ථානයේ සිටිනවා නුඹලා යම් කලක දකින්නහුද (කියවන්නා තේරුම්ගනීවා), එකල යුදයෙහි සිටින්නෝ කඳුවලට පලායෙත්වා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්