Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 7:14 - Sinhala Revised Old Version

14 ඔවුන් හොරණෑව පිඹ සියල්ල සූදානම් කර තිබේ; නුමුත් කිසිවෙක් සටනට නොයයි. මක්නිසාද මාගේ කෝපය එහි මුළු සමූහයා කෙරෙහි ඇත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 ඔවුන් යුද්ධ හොරණෑව පිඹ සියල්ල සූදානම් කර තිබේ. එහෙත්, කිසිවෙක් සටනට නොයති. මන්ද, මාගේ කෝපය එහි මුළු සමූහයා කෙරෙහි ඇත්තේ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ඔවුන් යුද්ධ හොරණෑව පිඹ සියල්ල සූදානම් කර තිබේ. එහෙත්, කිසිවෙක් සටනට නොයති. මන්ද, මාගේ කෝපය එහි මුළු සමූහයා කෙරෙහි ඇත්තේ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 7:14
11 හුවමාරු යොමු  

දේශයෙහි හොරණෑව පිඹින්නැයි කියා යූදාහි දන්වා, යෙරුසලමෙහි ප්‍රකාශකරන්න. බලකොටු සහිත නුවරවලට අප ඇතුල්වෙන පිණිස රැස්වෙන්නය කියා හයියෙන් මොරගසන්න


දේශයෙහි කොඩියක් ඔසවා, ජාතීන් අතරෙහි හොරණෑවක් පිඹ, ඈට විරුද්ධව ජාතීන් සූදානම්කරන්න, අරාරාත්ද මින්නීද අෂ්කෙනස්ද යන රාජ්‍යයන් ඈට විරුද්ධව අඬගසාගෙන, ඈට විරුද්ධව සේනාධිපතියෙකු පත්කොට, කෙඳි-පළඟැටියන් මෙන් අශ්වයන් නැගී එන්ට සලස්වන්න.


නාස්තිකාරයෝ කාන්තාරයේ සියලුම මුඩු කඳු පිටට පැමිණ සිටිති. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ කඩුව දේශයේ එක කෙළවරක පටන් දේශයේ අනික් කෙළවර දක්වා විනාශකරන්නේය. මාංසමයවූ කිසිවෙකුට සමාදානය නැත.


එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මාගේ උදහසත් මාගේ කෝපයත් මේ ස්ථානය පිට එනම් මනුෂ්‍යයාද මෘගයාද කෙතේ ගස්ද භූමියේ ඵලද කෙරෙහි වගුරවනු ලබන්නේය; එය නොනිවෙන ලෙස ඇවිළෙන්නේයයි කියනසේක.


ඒ නිසා මම ස්වාමීන්වහන්සේගේ කෝපයෙන් පිරී සිටිමි; එය දැරීමෙන් වෙහෙසවී සිටිමි. වීථියේ ඉන්න ළමයින් පිටත් යෞවනයන්ගේ සභාව පිටත් එය එකවිට වගුරුවන්න. මක්නිසාද පුරුෂයා භාර්යාව සමඟද වැඩිමහල්ලා වයසින් පූර්ණවූ තැනැත්තා සමඟද අසුවන්නේය.


බෙන්යමින් පුත්‍රයෙනි, යෙරුසලම තුළින් පලාගොස්, තෙකෝවාහි හොරණෑ පිඹ, බෙත්-හක්කෙරෙම් උඩ ලකුණක් නගන්න. මක්නිසාද විපත්තියක්ද මහත් විනාශයක්ද උතුරෙන් පැමිණෙන්ට ළඟය.


නුඹලාගේ දේශයෙහි නුඹලාට සතුරුකම් කරන සතුරාට විරුද්ධව නුඹලා යුද්ධයට යන විටද මහත් හඬකින් හොරණෑ පිඹින්න; එවිට නුඹලා නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිහිකරනු ලැබ නුඹලාගේ සතුරන්ගෙන් ගළවනු ලබන්නහුය.


උන්වහන්සේ බලවත් උදහසෙන් ඉශ්‍රායෙල්ගේ අඟ සහමුලින් සිඳ දැමූසේක; තමන්ගේ දකුණත සතුරා ඉදිරියෙන් පස්සට ඇදගත්සේක. වටකරින් නාස්තිකරන ඇවිළෙන ගින්නක් මෙන් උන්වහන්සේ යාකොබ් දැවූසේක.


උන්වහන්සේ සතුරෙකු මෙන් තමන් දුන්න තැත්කැවූසේක, එදිරිකාරයෙකු මෙන් සිය දකුණත ඔසවා, ඇසට ප්‍රියවූ සියල්ලන් නැසූසේක. සියොන් දුවගේ කූඩාරමෙහි ගින්නක් මෙන් තමන් කෝපය වැගිරෙවුසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්