ස්වාමීන්වහන්සේ මිහිරි සුවඳ සිඹ තමන්වහන්සේගේ සිත තුළ කථාකරමින්: මනුෂ්‍යයා නිසා භූමියට තවත් ශාප නොකරන්නෙමි; මක්නිසාද බාල වයසේ පටන් ඔහුගේ සිතේ කල්පනා නපුරුව තිබේ; තවද මා විසින් කළ ලෙස නැවත ජීවමාන සියල්ලන්ට තවත් පහර නොදෙන්නෙමි.
යෙරෙමියා 3:17 - Sinhala Revised Old Version ඒ කාලයෙහි යෙරුසලමට: ස්වාමීන්වහන්සේගේ සිංහාසනයයයි කියනවා ඇත; සියලු ජාතීහුද ඒක ළඟට, ස්වාමීන්වහන්සේගේ නාමය නිසා යෙරුසලමට, රැස්වන්නෝය. ඔව්හු තමුන්ගේ නපුරු සිත්වල මුරණ්ඩුකමේ හැටියට තවත් නොහැසිරෙන්නෝය. Sinhala New Revised Version ඒ කාලය පැමිණි විට ජෙරුසලම සමිඳාණන් වහන්සේගේ සිංහාසනය යයි කියනු ලබන්නේ ය. සියලු ජාතීන් සමිඳාණන් වහන්සේ වැඩ සිටින ජෙරුසලමේ රැස් වනු ඇත. ඔව්හු තමන්ගේ නපුරු සිතිවිලි අනුව මුරණ්ඩුකමින් තවත් නොහැසිරෙන්නෝ ය. Sinhala New Revised Version 2018 ඒ කාලය පැමිණි විට ජෙරුසලම සමිඳාණන් වහන්සේගේ සිංහාසනය යයි කියනු ලබන්නේ ය. සියලු ජාතීන් සමිඳාණන් වහන්සේ වැඩ සිටින ජෙරුසලමේ රැස් වනු ඇත. ඔව්හු තමන්ගේ නපුරු සිතිවිලි අනුව මුරණ්ඩුකමින් තවත් නොහැසිරෙන්නෝ ය. |
ස්වාමීන්වහන්සේ මිහිරි සුවඳ සිඹ තමන්වහන්සේගේ සිත තුළ කථාකරමින්: මනුෂ්‍යයා නිසා භූමියට තවත් ශාප නොකරන්නෙමි; මක්නිසාද බාල වයසේ පටන් ඔහුගේ සිතේ කල්පනා නපුරුව තිබේ; තවද මා විසින් කළ ලෙස නැවත ජීවමාන සියල්ලන්ට තවත් පහර නොදෙන්නෙමි.
තවද ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙනෙක් නොවන විදේශීන් ඔබගේ උතුම් නාමය සහ බලවත් අතද දිගුකළ හස්තයද ගැන අසනවා ඇත.
මුරණ්ඩු කැරළිකාර පරම්පරාවක් වූ, තමුන්ගේ සිත් එකඟකර නොගත්තාවූ, දෙවියන්වහන්සේ කෙරෙහි ස්ථිර සිතක් නැත්තාවූ පරම්පරාවක්ව සිටි ඔවුන්ගේ පියවරුන් මෙන් නොවන පිණිසත්ය.
එසේය, ස්වාමීන්වහන්ස, ඔබගේ විනිශ්චයවල මාර්ගයෙහි අපි ඔබ ගැන බලාසිටියෙමු; අපේ ආත්මයේ ආශාව ඔබගේ නාමය හා ඔබගේ සංඥා නාමය කෙරෙහිය.
ස්වාමීන්වහන්සේට මෙහෙකරන්ටත් උන්වහන්සේගේ නාමයට ප්‍රේමකරන්ටත් උන්වහන්සේගේ සේවකයන්ව සිටින්ටත් ස්වාමීන්වහන්සේට එකතුවන්නාවූ, සබත් දවස කඩනොකර ඒක රක්ෂාකරන්නාවූ, මාගේ ගිවිසුම ස්ථිරලෙස පවත්වන්නාවූ විදේශීන්ද,
එවිට බස්නාහිර සිට ස්වාමීන්වහන්සේගේ නාමයටත් නැගෙනහිර සිට උන්වහන්සේගේ තේජසටත් මනුෂ්‍යයෝ භයවන්නෝය. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ හුස්මෙන් පිඹහරින්නාවූ, හිර වෙවී ගලන්නාවූ ජලධාරාවක් මෙන් උන්වහන්සේ එනසේක,
උස්සියා රජු නැසුණු අවුරුද්දේදී ස්වාමීන්වහන්සේ උස්වූ උසස්වූ සිංහාසනයක වැඩ හිඳිනවා දුටිමි. උන්වහන්සේගේ වස්ත්‍ර කෙළවරින් මාළිගාව පිරී තිබුණේය.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අහස මාගේ සිංහාසනයය, පොළොව මාගේ පාපුටුවය. නුඹලා කෙබඳු ගෘහයක් මට සාදන්නහුද? නොහොත් මාගේ නිවාසස්ථානය කොතැනද?
මක්නිසාද මම ඔවුන්ගේ ක්‍රියා සහ යෝජනා දනිමි. සියලු ජාතීන් සහ භාෂාවන් මා විසින් රැස්කිරීමට කාලය පැමිණෙන්නේය; ඔව්හු ඇවිත් මාගේ තේජස දකින්නෝය.
ඉශ්‍රායෙල් පුත්‍රයන් පිරිසිදු භාජනයක ස්වාමීන්වහන්සේගේ ගෘහයට පඬුරු ගෙනෙන්නාක්මෙන් ඔවුන් නුඹලාගේ සියලු සහෝදරයන් සියලු ජාතීන් අතරෙන් අශ්වයන් පිටින්ද රථවලින්ද දෝලාවලින්ද අශ්වතරයන් පිටින්ද ඔටුවන් පිටින්ද මාගේ ශුද්ධ කන්ද වන යෙරුසලමට ස්වාමීන්වහන්සේට පඬුරක් කොට ගෙනෙනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
නුමුත් ඔව්හු කීකරු නොවී, තමුන්ගේ කන් යොමු නොකර, තම තමුන්ගේ නපුරු සිත්වල මුරණ්ඩුකමේ හැටියට හැසුරුණෝය. ඉන්නිසා කරන්ට මා අණකළ නුමුත් ඔවුන් නොකළාවූ මේ ගිවිසුමේ සියලු කාරණා ඔවුන් පිටට පැමිණෙවුවෙමියි කියන්නැයි කීසේක.
තවද මා විසින් ඔවුන් උදුරාදැමූ පසු මම හැරී ඔවුන්ට අනුකම්පාකොට, ඔවුන් එකිනෙකා තම තමාගේ උරුමයටත් තම තමාගේ දේශයටත් නැවත පමුණුවන්නෙමි.
ඔවුන් මාගේ සෙනඟට බාල් ගැන දිවුරන්ට ඉගැන්වුවාක්මෙන් ඔව්හු: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා මාගේ නාමය ගැන දිවිරීමට මාගේ සෙනඟගේ මාර්ගවල් ඉගෙනගන්නෝ නම්, ඔව්හු මාගේ සෙනඟ අතරේ පිහිටුවනු ලබන්නෝය.
ඔබගේ නාමය නිසා අප අහක නොදැමුව මැනව; ඔබගේ තේජසේ සිංහාසනයට අගෞරව නොකළ මැනව. සිහිකළ මැනව, අප සමඟ තිබෙන ඔබගේ ගිවිසුම කඩ නොකළ මැනව.
නුඹලාම නුඹලාගේ පියවරුන්ටත් වඩා නපුරු ලෙස ක්‍රියාකරන්ටත් යෙදුණු නිසාය. බලව, මට කන්නොදෙන හැටියට නුඹලා එකිනෙකා තම තමාගේ නපුරු සිතේ මුරණ්ඩුකම ලෙස හැසිරෙන්නහුය.
මාගේ බලයද මාගේ බලකොටුවද විපත්ති දවසේදී මාගේ රක්ෂාස්ථානයද වූ ස්වාමීන්වහන්ස, ජාතීහු පොළොවේ සීමාවලින් ඔබ වෙතට ඇවිත් කථාකොට: කිසි ප්‍රයෝජනයක් නැති නිෂ්ඵලකම වන බොරුකාරකමම අපේ පියවරු උරුමකරගෙන සිටියෝය.
නුමුත් ඔව්හු: ඒක නිෂ්ඵලය. මක්නිසාද අපේම අභිප්‍රායයන් ලෙස හැසිරෙන්නෙමුව, අපි එකිනෙකා අපේ නපුරු සිත්වල මුරණ්ඩුකම ලෙස කරන්නෙමුයයි කියති.
නුමුත් මම කථාකොට: නුඹ දරුවන් අතරේ ගණන්ගෙන ප්‍රියවූ දේශයක් වන රාශි ගණන් ජාතීන් අතරෙන් ඉතා අලංකාර උරුමය නුඹට දෙන්නේ කොහොමදැයි කීවෙමි. එවිට–මාගේ පියාණෙනියි නුඹ මට කියා, මා වෙතින් අහක් නොවී සිටින්ට ඕනෑයයි කීවෙමි.
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් ඔවුන්ගේ වාල්කම පහකළ කල්හි යූදා දේශයෙහිද එහි නුවරවලද මනුෂ්‍යයන්–එම්බා ධර්මිෂ්ඨකමේ වාසභූමිය, එම්බා ශුද්ධකමේ කන්ද, නුඹට ස්වාමීන්වහන්සේ ආශීර්වාදකරනසේක්වා යන කීම නැවත භාවිතාකරනවා ඇත.
මා විසින් ඔවුන්ට කරන මුළු යහපත ගැන අසන්නාවූ පොළොවේ සියලු ජාතීන් අතරේ මේ නුවර මට ප්‍රීතිමත් නමක්ද ප්‍රශංසාවක්ද ගෞරවයක්ද වන්නේය, මා විසින් ඊට කරදෙන මුළු යහපත නිසාත් සමාදානය නිසාත් ඔව්හු භයව වෙවුලන්නෝය.
නුඹ: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා සැබෑකමෙන්ද යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමින්ද දිවුරුවොත්, ජාතීහු උන්වහන්සේගේ නාමයෙන් තමුන්ටම ආශීර්වාදකරගෙන, උන්වහන්සේ තුළ පාරට්ටුකරගන්නෝය.
නුමුත් ඔව්හු අසන්නේවත් තමුන්ගේ කන් යොමුකරන්නේවත් නැතුව, තමුන්ගේ නපුරු සිතේ මන්ත්‍රණවලද මුරණ්ඩුකමේද හැසිරෙමින්, ඉස්සරහට නොව පස්සට ගියෝය.
එහි නොහැසිර, තමුන්ගේ සිතේ මුරණ්ඩුකමේ හැටියටත් ඔවුන්ගේ පියවරුන් ඔවුන්ට ඉගැන්නූ ලෙස බාල් දේවතාවුන් පස්සෙත් ගිය නිසායයි කියනසේක.
ඔවුන්ගේ හිස්වලට උඩින් තිබුණු ආකාශයට ඉහළින් නීලමාණික්‍යයක පෙනීම ඇති සිංහාසනයක ස්වරූපයක් තිබුණේය. සිංහාසනයේ ස්වරූපය උඩ මනුෂ්‍ය පෙනීමක් ඇති ස්වරූපයක් තිබුණේය.
උන්වහන්සේ මට කථාකොට: මනුෂ්‍ය පුත්‍රය,මෙය මාගේ සිංහාසනයේ ස්ථානය සහ මාගේ පාද පතුල්වල ස්ථානයත්ය, මම මෙහි ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි සදාකාලේටම වාසයකරන්නෙමි. ඉශ්‍රායෙල් වංශයවත් ඔවුන්ගේ රජවරුන්වත් තමුන්ගේ වේශ්‍යාකම්වලින්ද තමුන්ගේ රජවරුන්ගේ මළකඳන් වැනි ඔවුන්ගේ උසස්ථානවලින්ද මාගේ ශුද්ධවූ නාමය තවත් අපවිත්‍ර නොකරන්නෝය;
ඒ කාලයෙහි බොහෝ ජාතීහු ස්වාමීන්වහන්සේට එකතුවී මාගේ සෙනඟ වන්නෝය. මම නුඹ තුළෙහි වාසයකරන්නෙමි, නුඹද සේනාවල ස්වාමීන්වහන්සේ මා නුඹ ළඟට එවූ බව දැනගන්නෙහිය.
ඔව්හු සැබෑකමෙනුත් ධර්මිෂ්ඨකමෙනුත් මාගේ සෙනඟවන්නෝය, මමත් එසේම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
නුඹලා දාවල්ල බලා ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා සිහිකොට ඒවා කරන පිණිසත්, නුඹලා පුරුදු ලෙස අනාචාරකම් කරමින් නුඹලාගේ සිත්ද ඇස්ද අනුව නොයන පිණිසත්,
මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේ ඇඳිනගනත් උන්වහන්සේට දෙවියන්වහන්සේ මෙන් ගෞරවයවත් ස්තුතිවත් නොකොට, තමුන්ගේ විතර්කවලින් නිරර්ථක බවට පැමුණුණෝය, ඔවුන්ගේ අඥාන සිත්ද අඳුරුවිය.
කුමක්හෙයින්ද, නුඹලා ව්‍යවස්ථාව යටතෙහි නොව අනුග්‍රහය යටතෙහි සිටින බැවින්, පාපය නුඹලා කෙරෙහි අධිපතිකම් නොකරන්නේය.
රහස්වූ දේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට අයිතිය. එහෙත් මේ ව්‍යවස්ථාවේ සියලු වචන අප විසින් පවත්වන පිණිස එළිදරව්කර තිබෙන දේ අපටත් අපේ දරුවන්ටත් සදාකාලයටම අයිතිය.
නුමුත් විනිශ්චයකාරයා මැරුණු කල, ඔව්හු හැරී අන් දෙවිවරුන් පස්සේ ගොස්, ඔවුන්ට සේවයකොට නමස්කාරකරමින්, තමුන්ගේ පියවරුන්ටත් වඩා දූෂ්‍යකම් කළෝය; ඔව්හු තමුන්ගේ ක්‍රියාවලින්වත් තමුන්ගේ මුරණ්ඩු මාර්ගයෙන්වත් කිසිවක් අත්නෑරියෝය.