Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 78:8 - Sinhala Revised Old Version

8 මුරණ්ඩු කැරළිකාර පරම්පරාවක් වූ, තමුන්ගේ සිත් එකඟකර නොගත්තාවූ, දෙවියන්වහන්සේ කෙරෙහි ස්ථිර සිතක් නැත්තාවූ පරම්පරාවක්ව සිටි ඔවුන්ගේ පියවරුන් මෙන් නොවන පිණිසත්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 මෙසේ ඔව්හු ඔවුන්ගේ පියවරුන් මෙන් හිතුවක්කාර, කැරලිකාර පරපුරක් නොවන්නෝ ය. මන්ද, ඒ පරපුරේ අය දෙවිඳුන් කෙරෙහි ස්ථිර ව නොසිටියහ. ඔව්හු දෙවිඳුන්ට පක්ෂපාත ව නොසිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 මෙසේ ඔව්හු ඔවුන්ගේ පියවරුන් මෙන් හිතුවක්කාර, කැරලිකාර පරපුරක් නොවන්නෝ ය. මන්ද, ඒ පරපුරේ අය දෙවිඳුන් කෙරෙහි ස්ථිර ව නොසිටියහ. ඔව්හු දෙවිඳුන්ට පක්ෂපාත ව නොසිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 78:8
31 හුවමාරු යොමු  

මක්නිසාද ඔවුන්ගේ සිත් උන්වහන්සේ කෙරෙහි ස්ථිර නොවීය, උන්වහන්සේගේ ගිවිසුමට ඔව්හු විශ්වාසව නොසිටියෝය.


තවද ස්වාමීන්වහන්සේ: මම මේ සෙනඟ විමසීමි, බලව, ඔව්හු තද කුළල් ඇති සෙනඟක්ය.


මම කාන්තාරයේදී ඔවුන්ගේ දරුවන්ට කථාකොට: නුඹලාගේ පියවරුන්ගේ පනත් ප්‍රකාර නොහැසිර, ඔවුන්ගේ විනිශ්චයන් නොපවත්වා, ඔවුන්ගේ දේවරූපවලින් අපවිත්‍ර නොවී සිටින්න.


නුමුත් ඔව්හු ඇහුම්කන් නොදී, තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි නොඇදහු ඔවුන්ගේ පියවරුන්ගේ කුළල් මෙන් තමුන්ගේ කුළල් තදකරගෙන,


මක්නිසාද මම නුඹේ කැරළිකාරකමද නුඹේ කුළලේ තදකමද දනිමි. නුඹලා සමඟ දැන් මා ජීවත්ව සිටියදීම නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිකාරව සිටියහුය; මාගේ මරණයෙන් පසු කොපමණ වැඩියෙන් එසේ නොකරන්නහුද?


තදවූ කුලල් ඇත්තෙනි, සිතින්ද කන්වලින්ද අචර්මඡේදිතයෙනි, නුඹලා නිතරම ශුද්ධාත්මයාණන්ට විරුද්ධව සිටිහුය. නුඹලාගේ පියවරුන් කළාක් මෙන් නුඹලාත් කරහුය.


නුමුත් ඔව්හු මට ඇහුම්කන්දෙන්ට කැමැති නොවී, මට විරුද්ධව කැරළිගැසුවෝය; ඔවුන් තම තමුන්ගේ ඇස්වලට ප්‍රියවූ අශික්ෂිතකම් පහකර දැමුවේවත් මිසරයේ දේවරූප අත්හැරියේවත් නැත. එවිට මම මිසර දේශයේදී මාගේ කෝපය ඔවුන් පිටට වගුරුවා, මාගේ උදහස ඔවුන් කෙරෙහි ඉෂ්ටකරන්ට සිතුවෙමි.


තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව ද්‍රෝහිකම්කළාවූ නුඹලාගේ පියවරුන්ටත් සහෝදරයන්ටත් සමාන නොවෙන්න; නුඹලාට පෙනෙන හැටියට උන්වහන්සේ ඔවුන් ව්‍යසනයට පාවාදුන්සේක.


මා නුඹලා දැනගත් දවස පටන් නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිකාරව සිටියහුය.


ස්වාමීන්වහන්සේ තව දුරටත් මට කථාකොට: මේ සෙනඟ බැලුවෙමි, ඔව්හු තද කුළල් ඇති සෙනඟක්ය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට–නුඹලා තද කුළල් ඇති සෙනඟක්ය. මම එක මොහොතකට නුඹලා අතරට පැමිණියෙම් නම් නුඹලා නැති කරදමන්නෙමි. එබැවින් නුඹලාට කළයුතු දේ කිමෙක්දැයි දැනගන්නා පිණිස දැන් නුඹලාගේ ආභරණ නුඹලා වෙතින් පහකරන්නැයි කියන්නැයි කීසේක.


ඒක කිරිද මීපැණිද ගලා යන දේශයක්ය. නුඹ තද කුළල් ඇති සෙනඟක් බැවින් මාර්ගයේදී මා විසින් නුඹලා විනාශනොකරන පිණිස නුඹලා අතරේ නොයන්නෙමියි කීසේක.


ඔහු ඇවිත් දෙවියන්වහන්සේගේ අනුග්‍රහය දැක, සන්තෝෂවී, ස්වාමීන්වහන්සේ කෙරෙහි ස්ථිර සිතින් ඇලුම්ව සිටින්ට ඔවුන් සියල්ලන්ට අවවාදකෙළේය.


මක්නිසාද ඔව්හු කැරළිකාර සෙනඟක්ය, බොරුකාර දරුවෝය, ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව අසන්ට කැමති නැති දරුවෝය.


අපේ පියවරු මිසරයේදී ඔබගේ ආශ්චර්යයන් තේරුම් නොගත්තෝය; ඔබගේ කරුණා රාශිය සිහි නොකළෝය; මුහුද, එනම් රතු මුහුද ළඟදී කැරළිගැසුවෝය.


දෙවියන්වහන්සේ හුදකලාවූවන් පවුල්වල වස්වනසේක. හිරකාරයන් අභිවෘද්ධියට පමුණුවනසේක. නුමුත් කැරළිකාරයෝ දාගිය තැනක වසති.


නුඹේ අතේ අයුක්තිය තිබේ නම් ඒක පහකරන්න, අධර්මිෂ්ඨකමද නුඹේ කූඩාරම්වල වාසය නොකෙරේවා.


ශුද්ධස්ථානයේ පවිත්‍රකිරීම ලෙස පිරිසිදු නොවී නුමුත් තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන දෙවියන්වහන්සේ සොයන්ට තමුන්ගේ සිත් යොමුකරගන සිටින සියල්ලන්ට කරුණාවන්තවූ ස්වාමීන්වහන්සේ කමාවනසේක්වයි කීවේය.


එසේ වුවත් උස්තැන් අහක්නොකරනලද්දේය; ඒ වන තුරු සෙනඟ තමුන්ගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ දෙසට තමුන්ගේ සිත් යොමුකළෙත් නැත.


එසේ වුවත් නුඹ අෂේරා කණු දේශයෙන් පහකරදැමීමද, දෙවියන්වහන්සේ සෙවීමට නුඹේ සිත යොමුකිරීමද නම්වූ යහපත් කාරණා නුඹට ඇත්තේයයි කීවේය.


ඔහු ස්වාමීන්වහන්සේ සෙවීමට තමාගේ සිත යොමුනොකර නපුරුකම් කෙළේය.


එහෙත් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඇලුම්ව සිටි නුඹලා සියල්ලෝම අද දවසේ ජීවත්ව සිටිති.


එවිට ඔහු: අහෝ ස්වාමීන්වහන්ස, ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබී තිබේ නම් ස්වාමීන්වහන්සේ අප අතරෙහි යනසේක්වා; මක්නිසාද මොව්හු තද කුළල් ඇති සෙනඟක්ය; නුමුත් අපේ අයුතුකමද පාපයද ක්ෂමාකර අප ඔබගේ උරුමය කොට පිළිගතමැනවයි කීයේය.


ඔව්හු ගිලියද් දේශයෙහි රූබෙන් පුත්‍රයන්ද ගාද් පුත්‍රයන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද ළඟට අවුත් කථාකරමින්:


මා විසින් ඔවුන් මිසරයෙන් ගෙනා දවසේ පටන් අද දවස දක්වා මා අත්හැර වෙන දෙවිවරුන්ට සේවයකරමින් ඔවුන් කළාවූ සියලු ක්‍රියාවල හැටියට ඔව්හු නුඹටත් කරති.


කී වරක් ඔව්හු වනයෙහිදී උන්වහන්සේට විරුද්ධව කැරළිගැසුවෝද, කාන්තාරයේදී උන්වහන්සේට දුක් දුන්නෝද!


එසේවී නුමුත් ඔව්හු මහෝත්තමයාණන්වූ දෙවියන්වහන්සේ පරීක්ෂා කරමින්, උන්වහන්සේට විරුද්ධව කැරළිගැසුවෝය, උන්වහන්සේගේ ශික්ෂා රක්ෂා නොකළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්