ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 21:1 - Sinhala Revised Old Version

ශෙදෙකියා රජු විසින් මල්කියාගේ පුත්‍රවූ පෂ්හූර් සහ පූජකයාවූ මයසේයාගේ පුත්‍රවූ ශෙපනියාද යෙරෙමියා ළඟට යැවූ කල ස්වාමීන්වහන්සේගෙන් ඔහු වෙතට පැමුණුණු වචනයය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ශෙදෙකියා රජු මල්කියාගේ පුත් පෂ්හුර් සහ පූජකයා වන මයසේයාගේ පුත් පූජක ශෙපනියා ද ජෙරමියා වෙත යවා මෙසේ ඇසුවේ ය. එවිට සමිඳාණන් වහන්සේගෙන් ඔහුට මේ පණිවුඩය ලැබුණේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ශෙදෙකියා රජු මල්කියාගේ පුත් පෂ්හුර් සහ පූජකයා වන මයසේයාගේ පුත් පූජක ශෙපනියා ද ජෙරමියා වෙත යවා මෙසේ ඇසුවේ ය. එවිට සමිඳාණන් වහන්සේගෙන් ඔහුට මේ පණිවුඩය ලැබුණේ ය.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 21:1
20 හුවමාරු යොමු  

නුඹලා ගොස් මේ සම්බවුණ පොතේ වචන ගැන මා උදෙසාත් සෙනඟ උදෙසාත් සියලු යූදාවරුන් උදෙසාත් ස්වාමීන්වහන්සේගෙන් විචාරන්න. මක්නිසාද අප ගැන ලියා තිබෙන සියල්ලේ ප්‍රකාරයට කරන ලෙස අපේ පියවරුන් විසින් මේ පොතේ වචනවලට ඇහුම්කන් නුදුන් නිසා අප කෙරේ ඇවිළ තිබෙන ස්වාමීන්වහන්සේගේ උදහස මහත්යයි කීවේය.


යොෂියාගේ පුත්‍රයෝ නම්: කුලුඳුලා යෝහානාන්ය, දෙවෙනියා යෙහෝයාකිම්ය, තුන්වෙනියා ශෙදෙකියාය, හතරවෙනියා ෂල්ලුම්ය.


මල්කීයාගේ පුත්‍රයා වන පෂ්හුර්ගේ පුත්‍රවූ යෙරොහාම්ගේ පුත්‍රයා වන අදායාද ඉම්මේර්ගේ පුත්‍රවූ මෙෂිල්ලේමීත්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත්‍රවූ යාසේරාගේ පුත්‍රයා වන අදියෙල්ගේ පුත්‍රවූ මයසයිද;


ඒ නිසා උන්වහන්සේ ඔවුන්ට විරුද්ධව කල්දිවරුන්ගේ රජු පැමිණෙවුසේක. ඔහු ඔවුන්ගේ ශුද්ධස්ථාන ගෘහයෙහිදී ඔවුන්ගේ යෞවනයන් කඩුවෙන් මැරුවෝය. ඔහු යෞවනයාටවත් කන්‍යාවටවත් මහල්ලාටවත් පැසුණු හිසකේ ඇත්තාටවත් අනුකම්පා නොකෙළේය. උන්වහන්සේ ඔවුන් සියල්ලන් ඔහු අතට පාවාදුන්සේක.


ගෘහයේ වැඩපළ කළාවූ ඔවුන්ගේ සහෝදරයන් අටසිය විසි දෙදෙනෙක්ද, මල්කියාගේ පුත්‍රවූ පෂ්හූර්ගේ පුත්‍රයා වන සෙකරියාගේ පුත්‍රවූ අම්ශීගේ පුත්‍රයා වන පෙලලියාගේ පුත්‍රවූ යෙරොහාම්ගේ පුත්‍රයා වන අදායාද,


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–නුඹ නුඹේම නාමයෙන් යෙරුසලමෙහි සිටින මුළු සෙනඟටත් මයසේයාගේ පුත්‍රවූ පූජකයාවූ ශෙපනියාටත් සියලු පූජකයන්ටත් ලියුම් ලියමින්:


අනාගතවක්තෘවූ යෙරෙමියා අසාගන සිටිද්දී පූජකවූ ශෙපනියා ඒ ලියුම කියෙවුවේය.


ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි ෂල්ලුම්ගේ පුත්‍රවූ දොරටුපාලයාවූ මයසේයාගේ ඇතුල්ගෙට ඉහළින් තිබුණාවූ, අධිපතීන්ගේ ඇතුල් ගෙට යාව තිබුණාවූ, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වන ඉග්දලියාගේ පුත්‍රවූ හානාන්ගේ පුත්‍රයන්ගේ ඇතුල්ගෙට ඇවිත්,


යෙහෝයාකීම්ගේ පුත්‍රවූ කෝනියා වෙනුවට බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් විසින් යූදා දේශයෙහි රජකමට පත්කළ යොෂියාගේ පුත්‍රවූ ශෙදෙකියා රජව රජකම්කෙළේය.


ස්වාමීන්වහන්සේගෙන් වචනයක් තිබේදැයි තමාගේ ගෙදරදී රහසින් ඔහුගෙන් ඇසුවේය. යෙරෙමියාද: තිබේයයි කියා–නුඹ බබිලෝනියේ රජුගේ අතට අසුවෙන්නෙහියයි කීවේය.


එහෙත් ශෙදෙකියා රජ ෂෙලෙමියාගේ පුත්‍රවූ යෙහූකල්ද පූජකවූ මයසේයාගේ පුත්‍රවූ ශෙපනියාද අත: අනේ අප උදෙසා අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්නැයි අනාගතවක්තෘවූ යෙරෙමියාට කියා ඇරියේය.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මාගෙන් විභාගකරන්ට නුඹලා මා වෙතට එවූ යූදාහි රජුට මෙසේ කියන්න: බලව, නුඹලාට උදව්වෙන්ට පිටත්ව ආවාවූ ඵාරාවෝගේ සේනාව තමුන්ගේ දේශය වන මිසරයට හැරීයනවා ඇත.


එකල මත්තාන්ගේ පුත්‍රවූ ෂෙපතියාද පෂ්හූර්ගේ පුත්‍රවූ ගෙදලියාද ෂෙලෙමියාගේ පුත්‍රවූ යූකල්ද මල්කියාගේ පුත්‍රවූ පෂ්හූර්ද යෙරෙමියා මුළු සෙනඟට කී වචන ඇසුවෝය.


එවිට ශෙදෙකියා රජ අනාගතවක්තෘවූ යෙරෙමියා ස්වාමීන්වහන්සේගේ ගෘහයේ තුන්වෙනි දොරටුවට තමා ළඟට ගෙන්වාගෙන, යෙරෙමියාට කථාකොට: මම නුඹෙන් කාරණයක් අසමි; කිසිවක් මාගෙන් නොසඟවන්නැයි කීය.


තවද රැකවලුන්ගේ අධිපතියා උත්තම පූජකයාවූ සෙරායාද දෙවෙනි පූජකයාවූ ශෙපනියාද දොරටුපාලයන් තුන්දෙනාද අල්ලාගත්තේය.