Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 22:13 - Sinhala Revised Old Version

13 නුඹලා ගොස් මේ සම්බවුණ පොතේ වචන ගැන මා උදෙසාත් සෙනඟ උදෙසාත් සියලු යූදාවරුන් උදෙසාත් ස්වාමීන්වහන්සේගෙන් විචාරන්න. මක්නිසාද අප ගැන ලියා තිබෙන සියල්ලේ ප්‍රකාරයට කරන ලෙස අපේ පියවරුන් විසින් මේ පොතේ වචනවලට ඇහුම්කන් නුදුන් නිසා අප කෙරේ ඇවිළ තිබෙන ස්වාමීන්වහන්සේගේ උදහස මහත්යයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 “ඔබ ගොස් මේ සම්බ වූ පොතේ වචන මා උදෙසාත්, සෙනඟ උදෙසාත්, සියලු ජුදාවරුන් උදෙසාත් සමිඳාණන් වහන්සේගෙන් විචාරන්න. මන්ද, අප ගැන ලියා තිබෙන සියල්ලේ ප්‍රකාරයට කරන ලෙස අපේ පියවරුන් මේ පොතේ වචනවලට ඇහුම්කන් නුදුන් නිසා අප කෙරෙහි ඇවිළ තිබෙන සමිඳාණන් වහන්සේගේ උදහස ඉමහත් ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 “ඔබ ගොස් මේ සම්බ වූ පොතේ වචන මා උදෙසාත්, සෙනඟ උදෙසාත්, සියලු ජුදාවරුන් උදෙසාත් සමිඳාණන් වහන්සේගෙන් විචාරන්න. මන්ද, අප ගැන ලියා තිබෙන සියල්ලේ ප්‍රකාරයට කරන ලෙස අපේ පියවරුන් මේ පොතේ වචනවලට ඇහුම්කන් නුදුන් නිසා අප කෙරෙහි ඇවිළ තිබෙන සමිඳාණන් වහන්සේගේ උදහස ඉමහත් ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 22:13
37 හුවමාරු යොමු  

මක්නිසාද උන්වහන්සේගේ උදහසේ මහත් දවස පැමුණුණ බැවින් සිටින්ට පුළුවන් කාටදැයි කීවෝය.


මම වරක් ව්‍යවස්ථාව නැතුව ජීවත්ව සිටියෙමි. නුමුත් ආඥාව පැමිණි කල පාපය පණ ලැබුවේය, මමද මැරුණෙමි.


මක්නිසාද ව්‍යවස්ථාව උදහස උපදවන්නීය; නුමුත් ව්‍යවස්ථාවක් නැති තැන වරද කිරීමකුත් නැත.


කුමක්හෙයින්ද ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් කිසිම මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨකරනු නොලබන්නේය. මක්නිසාද ව්‍යවස්ථාව කරණකොටගෙන පාපය දැනගැනීම වේ.


උන්වහන්සේගේ කෝපය ඉදිරියෙහි සිටින්ට පුළුවන් කාටද? උන්වහන්සේගේ බලවත් උදහසේදී පවතින්නේ කවුද? උන්වහන්සේගේ කෝපය ගිනි මෙන් වැගිරෙන්නේය, පර්වතද උන්වහන්සේ ඉදිරියෙහි කඩාවැටෙන්නේය.


සැබවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ තමන්ගේ රහස තමන් මෙහෙකරුවන්වූ අනාගතවක්තෘවරුන්ට එළිදරව් නොකර කිසිවක් නොකරනසේක.


අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ප්‍රොපේතවරුන් වන තමන් මෙහෙකරුවන් ලවා අප ඉදිරියෙහි තැබූ උන්වහන්සේගේ ව්‍යවස්ථාවල ප්‍රකාරයට හැසිරෙන ලෙස අපි උන්වහන්සේගේ හඬට කීකරු නොවීමුව.


අපේ පියවරු පව්කළෝය, ඔව්හු නැත; අපි ඔවුන්ගේ අයුතුකම් දැරුවෙමුව.


අපේ මුඛයෙන් නික්මුණු සියලු වචනවල හැටියටම අපි කොට, අපද අපේ පියවරුන්ද අපේ රජවරුන්ද අපේ අධිපතීන්ද යූදාහි නුවරවලත් යෙරුසලමේ වීථිවලත් කළාක්මෙන් අපි අහස් දේවීහට සුවඳ දුම් ඔප්පුකොට, ඈට පානපූජාවන් වගුරුවන්නෙමුව. මක්නිසාද ඒ කාලයේ අපි බොහෝ කෑම ලැබ, කිසි විපත්තියක් නොදැක, සැපසේ සිටියෙමුව.


ස්වාමීන්වහන්සේගෙන් වචනයක් තිබේදැයි තමාගේ ගෙදරදී රහසින් ඔහුගෙන් ඇසුවේය. යෙරෙමියාද: තිබේයයි කියා–නුඹ බබිලෝනියේ රජුගේ අතට අසුවෙන්නෙහියයි කීවේය.


නුඹලාම නුඹලාගේ පියවරුන්ටත් වඩා නපුරු ලෙස ක්‍රියාකරන්ටත් යෙදුණු නිසාය. බලව, මට කන්නොදෙන හැටියට නුඹලා එකිනෙකා තම තමාගේ නපුරු සිතේ මුරණ්ඩුකම ලෙස හැසිරෙන්නහුය.


නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලාකරනවා ඇත.


අපි අපේ පියවරුන් හා සමඟ පව්කෙළෙමුව. අයුතුකම් කෙළෙමුව, දුෂ්ටලෙස ක්‍රියාකෙළෙමුව.


භයවිය යුත්තේ ඔබටය, ඔබට පමණක්මය. ඔබ කෝපවූ කල්හි ඔබ ඉදිරියෙහි සිටින්ට හැකි කාටද?


ස්වාමීන්ගේ රහස උන්වහන්සේ කෙරෙහි භය ඇත්තන් හා සමඟය; උන්වහන්සේ ස්වකීය ගිවිසුම ඔවුන්ට දන්වනසේක.


ඔව්හු තමුන්ගේ ස්ථානයෙහි නැගිට සිට, දවසෙන් හතරෙන් කොටසක් තුළ තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාපොත කියෙවුවෝය; තවත් හතරෙන් කොටසක් තුළ පව් කියාදී තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නමස්කාරකළෝය.


නුඹලා ගොස් මා උදෙසාත් ඉශ්‍රායෙල්ගෙන්ද යූදාගෙන්ද ඉතුරුව සිටින්නන් උදෙසාත් සම්බවූ පොතේ වචන ගැන ස්වාමීන්වහන්සේගෙන් විමසන්න. මක්නිසාද මේ පොතෙහි ලියා තිබෙන සියල්ලේ හැටියට කරන ලෙස අපේ පියවරුන් ස්වාමීන්වහන්සේගේ වචනය රක්ෂා නොකළ බැවින් අප කෙරෙහි වගුරුවා තිබෙන ස්වාමීන්වහන්සේගේ උදහස මහත්යයි කීවේය.


මක්නිසාද අපේ පියවරු ද්‍රෝහිකම් කරමින්, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කොට, උන්වහන්සේ අත්හැර ස්වාමීන්වහන්සේගේ වාසස්ථානය වෙතින් තමුන්ගේ මුහුණු අහක්කරගන පිටිපෑවෝය.


නුමුත් යෙහෝෂාපාට් කථාකොට: අප විසින් ස්වාමීන්වහන්සේගෙන් විචාරන පිණිස ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේතවරයෙක් මෙහි නැද්දැයි ඇසුවේය. එවිට ඉශ්‍රායෙල් රජුගේ සේවකයෙක් උත්තරදෙමින්: එලියාගේ අත්වලට වතුර වත්කළාවූ, ෂාපාත්ගේ පුත්‍රවූ එලිෂා මෙහි ඉන්නේයයි කීවේය.


ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ, මට වෛරවෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නාවූ,


එබැවින් ස්වාමීන්වහන්සේගේ උදහස තමන්ගේ සෙනඟට විරුද්ධව ඇවිළ, උන්වහන්සේ ඔවුන්ට විරුද්ධව තමන්ගේ අත දිගුකොට, හෙල් චංචලවෙන්ටත් ඔවුන්ගේ මළකඳන් කසළ මෙන් වීථිවල තිබෙන්ටත් ඔවුන්ට පහරදුන්සේක. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී, උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.


සමහරවිට ඔවුන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කන්නලව් ඇතුව වැටී, එක එකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරෙනවා ඇත. මක්නිසාද ස්වාමීන්වහන්සේ මේ සෙනඟට විරුද්ධව කියා තිබෙන උදහස සහ කෝපය මහත්යයි කීවේය.


එහෙත් නුඹලා මට ඇහුම්කන් නොදී මේ සියලු ආඥා නොපවත්වා,


මේ ව්‍යවස්ථාවේ වචන ඉෂ්ටකරන පිණිස ඒවා ස්ථිර නොකරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.


එසේවීනුමුත් මනස්සේ විසින් ස්වාමීන්වහන්සේ කෝපකළ සියලු කාරණා නිසා යූදා කෙරෙහි ඇවිළී තිබුණ උන්වහන්සේගේ මහත් උදහසේ බලවත්කම උන්වහන්සේ පහකරනොගත්සේක.


ඔබ ස්වර්ගයෙන් නඩුතීන්දුව ඇසෙන්ට සැලැස්වූසේක; පොළොවේ සියලු යටහතුන් ගළවන පිණිස


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්