Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 21:2 - Sinhala Revised Old Version

2 ඔව්හු කථාකොට: අනේ, අප උදෙසා ස්වාමීන්වහන්සේගෙන් විභාගකරන්න; මක්නිසාද බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අපට විරුද්ධව යුද්ධ කරන්නේය. සමහරවිට ඔහු අප වෙතින් අහක්ව යන හැටියට ස්වාමීන්වහන්සේ ස්වකීය සියලුම පුදුම ක්‍රියා ප්‍රකාරයට අප ගැන ක්‍රියාකරනවා ඇතැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 ඔව්හු ජෙරමියා අමතා, “අනේ! අප උදෙසා සමිඳාණන් වහන්සේගෙන් විමසන්න. මන්ද, බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් අපට විරුද්ධ ව යුද්ධ කරන්නේ ය; සමහර විට සමිඳාණන් වහන්සේ අප උදෙසා කළ පුදුම ක්‍රියා අනුව අප ගැන ක්‍රියා කරමින් නෙබුකද්නෙශර් අප කෙරෙන් ඉවත් වී යාමට සලස්වනු ඇතැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 ඔව්හු ජෙරමියා අමතා, “අනේ! අප උදෙසා සමිඳාණන් වහන්සේගෙන් විමසන්න. මන්ද, බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් අපට විරුද්ධ ව යුද්ධ කරන්නේ ය; සමහර විට සමිඳාණන් වහන්සේ අප උදෙසා කළ පුදුම ක්‍රියා අනුව අප ගැන ක්‍රියා කරමින් නෙබුකද්නෙශර් අප කෙරෙන් ඉවත් වී යාමට සලස්වනු ඇතැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 21:2
44 හුවමාරු යොමු  

එහෙත් ශෙදෙකියා රජ ෂෙලෙමියාගේ පුත්‍රවූ යෙහූකල්ද පූජකවූ මයසේයාගේ පුත්‍රවූ ශෙපනියාද අත: අනේ අප උදෙසා අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්නැයි අනාගතවක්තෘවූ යෙරෙමියාට කියා ඇරියේය.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මාගෙන් විභාගකරන්ට නුඹලා මා වෙතට එවූ යූදාහි රජුට මෙසේ කියන්න: බලව, නුඹලාට උදව්වෙන්ට පිටත්ව ආවාවූ ඵාරාවෝගේ සේනාව තමුන්ගේ දේශය වන මිසරයට හැරීයනවා ඇත.


එවිට සාමුවෙල්: මා නැගිටවීමෙන් නුඹ මා කැලඹුවේ මක්නිසාදැයි සාවුල්ගෙන් ඇසුවේය. සාවුල්ද: මම තද අමාරුවට පත්ව සිටිමි; පිලිස්තිවරු මට විරුද්ධව යුද්ධකෙරෙති, දෙවියන්වහන්සේ මා කෙරෙන් අහක්ව ගියසේක, උන්වහන්සේ දැන් අනාගතවක්තෲන් කරණකොට ගෙනවත් ස්වප්නවලින්වත් මට උත්තරදෙන්නේ නැත. එබැවින් මා විසින් කළයුතුදේ ඔබ මට දන්වන පිණිස ඔබට අඬගැස්වීමියි කීවේය.


සාවුල් ස්වාමීන්වහන්සේගෙන් විචාළ කල ස්වාමීන්වහන්සේ ස්වප්නවලින්වත් ඌරිම්වලින්වත් අනාගතවක්තෲන් ලවාවත් ඔහුට උත්තර නුදුන්සේක.


මෙන්න, නුවර අල්ලාගැනීමට ගොඩැලි ඊට ළංවී තිබේ; නුවරද කඩුවත් සාගතයත් වසංගතයත් කරණකොටගෙන ඊට විරුද්ධව යුද්ධකරන කල්දිවරුන් අතට දී තිබේ. ඔබ කී දේ සිද්ධවී තිබේ; මෙන්න, ඔබ ඒක දක්නාසේක.


අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ මහත් බලයෙන්ද දිගුකළ ඔබගේ හස්තයෙන්ද ඔබ අහසත් පොළොවත් මැවූසේක; ඔබට බැරිවූ කිසි දෙයක් නැත්තේය.


එවිට ස්වාමීන්වහන්සේ දේවදූතයෙකු එවූසේක, ඔහු අෂූර්හි රජුගේ කඳවුරේ සියලු බලවන්ත යුද්ධකාරයන්ද ප්‍රධානීන්ද අධිපතීන්ද සිඳදැමුවේය. මෙසේ ඔහු ලජ්ජා මුහුණින් යුක්තව තමාගේ දේශයට හැරීගියේය. ඔහු තමාගේ දෙවියන්ගේ ගෘහයට ගිය විට, තමාට දාව උපන් තැනැත්තෝ එහිදී ඔහු කඩුවෙන් මැරුවෝය.


නුමුත් ස්වාමීන්වහන්සේගේ දූතයා තිෂ්බිය එලියාට කථාකොට: නැගිට සමාරියේ රජුගේ පණිවිඩකාරයන්ගේ පෙරමගට ගොස්–නුඹලා එක්‍රෝන්හි දෙවිවූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්ට යන්නේ ඉශ්‍රායෙල්හි දෙවි කෙනෙක් නැති නිසාද?


එබැවින් ඔව්හු: ඒ මනුෂ්‍යයා දැන් මෙහි ඇවිත් සිටීදැයි වැඩිදුරටත් ස්වාමීන්වහන්සේගෙන් ඇසුවෝය. ස්වාමීන්වහන්සේ උත්තරදෙමින්: ඔහු බඩු අතරේ සැඟවී ඉන්නවායයි කීසේක.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ: අපේ සහෝදරයන්වූ බෙන්යමින් පුත්‍රයන්ට විරුද්ධව අප නැවතත් යුද්ධයට යා යුතුද නැතහොත් නවතින්ටදැයි ස්වාමීන්වහන්සේගෙන් ඇසුවෝය.


ඔහුගේ රාජ්‍යයේ පටන්ගැන්ම නම්: ෂිනාර් දේශයෙහි පිහිටි බාබෙල්, එරෙක්, අක්කද් සහ කල්නේය.


ස්වාමීන්වහන්සේට කන්නලව් කරන්න; මක්නිසාද මේ මහත් අකුණු ගර්ජනා සහ ගල් වර්ෂාව ඉතින් ඇත; මම නුඹලා තවත් නවත්වා නොගෙන යන්ට හරින්නෙමියි ඔවුන්ට කීය.


අෂූර්හි රජ බබිලෝනියෙන්ද කූතාවෙන්ද අව්වායෙන්ද හමාතෙන්ද සෙපර්වයිමෙන්ද මිනිසුන් ගෙනවුත් ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙනුවට සමාරියේ නුවරවල පදිංචිකෙරෙවුවේය. ඔව්හු සමාරිය හිමිකරගෙන එහි නුවරවල වාසයකළෝය.


මක්නිසාද තමුන් ශුද්ධ නුවරට අයිතියයි කියාගන ඔව්හු සේනාවල ස්වාමීන්වහන්සේ යන නාමය ඇති, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ කෙරෙහි පිහිටා සිටිති.


සැබවින් නුඹේ යහපත පිණිස නුඹ නිදහස්කරන්නෙමි; සැබවින්ම නරක කාලයෙහිත් විපත්ති කාලයෙහිත් සතුරා විසින් නුඹට කන්නලව්කරන්ට සලස්වන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


එවිට යෙරෙමියා ඔවුන්ට කථාකොට: නුඹලා ශෙදෙකියාට මෙසේ කියන්නැයි කීය.


ස්වාමීන්වහන්සේගෙන් වචනයක් තිබේදැයි තමාගේ ගෙදරදී රහසින් ඔහුගෙන් ඇසුවේය. යෙරෙමියාද: තිබේයයි කියා–නුඹ බබිලෝනියේ රජුගේ අතට අසුවෙන්නෙහියයි කීවේය.


විපත්තියක් පාසා විපත්තියක්ද ආරංචියක් පාසා ආරංචියක්ද පැමිණෙන්නේය; ඔවුන් අනාගතවක්තෘවරයාගෙන් දර්ශනයක් සොයනවා ඇත; නුමුත් පූජකයාගෙන් ව්‍යවස්ථාවද වැඩිමහල්ලන්ගෙන් මන්ත්‍රණයද නැතිවන්නේය.


බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර්ද ඔහුගේ මුළු සේනාවද ඔහුගේ ආණ්ඩුව යටතේ තිබුණු පොළොවේ සියලු රාජ්‍යවල්ද සියලු ජනයන්ද යෙරුසලමට සහ ඊට අයිති සියලු නුවරවලටත් විරුද්ධව යුද්ධකරද්දී ස්වාමීන්වහන්සේගෙන් යෙරෙමියා වෙතට පැමිණි වචනයය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්