Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 20:18 - Sinhala Revised Old Version

18 දුකත් ශෝකයත් දැකීමටද මාගේ දවස් ලජ්ජාවෙන් පසුවෙන්ටද මා කුසෙන් නික්ම ආවේ මක්නිසාද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 දුකත්, ශෝකයත් දැකීමට ද මාගේ දවස් ලජ්ජාවෙන් පසු කරන්නට ද මවු කුසෙන් මා නික්ම ආවේ මන් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 දුකත්, ශෝකයත් දැකීමට ද මාගේ දවස් ලජ්ජාවෙන් පසු කරන්නට ද මවු කුසෙන් මා නික්ම ආවේ මන් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 20:18
27 හුවමාරු යොමු  

උන්වහන්සේ දුඃඛිත අයට එළියත් ශෝක සිත් ඇත්තන්ට ජීවිතයත් දෙන්නේ මන්ද?


උන්වහන්සේගේ කෝපය නැමති දණ්ඩෙන්දුක අත්දුටුවාවූ මනුෂ්‍යයා මමය.


ස්ත්‍රියගෙන් උපන් මනුෂ්‍යයා ස්වල්ප දවසක් පවතින්නාවූ කරදරයෙන් පූර්ණවූ කෙනෙක්ය.


ඔබ මාගේ නින්දාවද ලජ්ජාවද අවනම්බුවද දන්නාසේක. මාගේ සියලු එදිරිකාරයෝ ඔබ ඉදිරියෙහිය.


ඉතින් අපි උන්වහන්සේගේ නින්දාව දරාගනිමින් කඳවුරෙන් පිටත උන්වහන්සේ වෙතට යමු.


උන්වහන්සේ වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, කුරුසිය දරාගන, පසුව දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි වැඩහිඳගත්සේක.


තවත් අය සරදම්වලින්ද පහරවලින්ද, එසේය, බැඳුම්වලින් සහ හිරගෙයි දමනු ලැබීමෙන්ද පරික්ෂාකරනු ලැබුවෝය.


මක්නිසාද දෙවියන්වහන්සේගේ කැමැත්ත කළ පසු පොරොන්දුව ලබන පිණිස නුඹලාට ඉවසිල්ල ඕනෑය.


ඒ කාරණය නිසා මේ දේවලුත් විඳීමි. එසේවී නුමුත් මම ලජ්ජා නොවෙමි. මක්නිසාද මා විසින් අදහාගත් තැනන්වහන්සේ කවුද කියා මම දැනගෙන, මා උන්වහන්සේට භාරදී තිබෙන දේ ඒ දවස දක්වා ප්‍රවේසම්කරන්ට උන්වහන්සේ පොහොසත් බව විශ්වාසකරගන සිටිමි.


එහෙයින් ඔව්හු ඒ නාමය නිසා නින්දා විඳින්ට තුමූ වටින්නෝයයි ගණන්ගනු ලැබූ බැවින් සන්තෝෂව, සභාව ඉදිරියෙන් පිටත්ව ගොස්,


සැබැවක් සැබැවක් නුඹලාට කියමි–නුඹලා හඬා වැලපෙන්නහුය, නුමුත් ලෝකයා ප්‍රීතිවන්නෝය. නුඹලා ශෝකවන්නහුය, නුමුත් නුඹලාගේ ශෝකය ප්‍රීතියට හැරෙන්නේය.


මග යන සියල්ලෙනි, නුඹලා මෙය නොසලකන්නහුද? මට පැමිණ තිබෙන්නාවූ, ස්වාමීන්වහන්සේ තමන් බලවත් උදහසේ දවසේදී මට පැමිණෙවුවාවූ මාගේ ශෝකය වැනි ශෝකයක් ඇද්දැයි බලා දැනගන්න.


අහෝ මාගේ දුක සනසාගන්ට බැරි තරම්ය! මාගේ සිත මා තුළ ක්ලාන්තවී තිබේ.


ධර්මිෂ්ඨකම දන්නාවූ, මාගේ ව්‍යවස්ථාව තමුන්ගේ සිත්වල ඇත්තාවූ සෙනඟෙනි, මට කන්දෙන්න; මනුෂ්‍යයන්ගේ නින්දාකිරීමට භය නොවෙන්න, ඔවුන්ගේ අපහාසවලට නොකැලඹෙන්න.


පතුලේ සිට හිස දක්වා කොයි තැනකවත් කිසි සනීපයක් නැතුව තුවාලද කැලල්ද පැසවන වණද තිබේ. ඒවා මිරිකා ඇරියේවත් බැන්දේවත් තෙල් ගා මොළොක්කළේවත් නැත.


අහෝ, ඔබවහන්සේ මා ෂෙයෝලෙහි වසා තබා, ඔබගේ උදහස පහවන තුරු මා සඟවා, මට කාලයක් නියමකොට, මා සිහිකරනසේක් නම් කැමැත්තෙමි!


එසේය, ගිනි පුපුරු උඩට නගින්නාක්මෙන් මනුෂ්‍යයා දුක් විඳීමට උපදින්නේය.


මක්නිසාද මාගේ දවස් දුම් මෙන් ගෙවීයයි, මාගේ ඇට ගිනිපෙනෙල්ලක් මෙන් දැවෙයි.


අපේ ලජ්ජාවෙහි අපි වැටී ඉඳිමු, අපේ නින්දාවද අප වසාගනීවා. මක්නිසාද අපේ බාල වයසේ පටන් අද දවස දක්වා අපිද අපේ පියවරුද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කීකරු නොවී, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කෙළෙමුව.


අහෝ මාගේ මෑණියෙනි, මුළු දේශය සමඟ තරඟද විවාදද කරන මනුෂ්‍යයෙකු වෙන්ට නුඹ මා බිහිකළ නිසා මට දුක්වේ! මම ණය නුදුන්නෙමි, ණය නොගත්තෙමි; එහෙත් සියල්ලෝම මට ශාපකරති.


ඔබවහන්සේ අධර්මිෂ්ඨකම දකින්ට මට ඉඩහැර, හිතුවක්කාර හිංසාව බලා සිටින්නේ මක්නිසාද? නාස්තිකිරීමද බලාත්කාරයද මා ඉදිරිපිට තිබේ. භේද තිබේ, තරඟයද හටගනියි.


තමාම දවසක ගමන් කාන්තාරයට ගොස් රෝතෙම් ගසක් යට හිඳගන, තමා මැරෙන ලෙස ඉල්ලමින්: ස්වාමීන්වහන්ස, ඉතින් ඇත; දැන් ස්වාමීන්වහන්ස, මාගේ ප්‍රාණය ගතමැනව; මක්නිසාද මාගේ පියවරුන්ට වඩා මම උතුම් නොවෙමියි කීවේය.


මාගේ වේදනාව නිතරම තිබෙන්නෙත් මාගේ තුවාලය අසාධ්‍යව තිබෙන්නෙත් මක්නිසාද? ඒක සුවවෙන්නේම නැත. සැබවින්ම ඔබ මට වතුර සිදීයන අවිශ්වාස ඔයක් මෙන් සිටිනසේක්ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්