යමු, අපි බැස ඔවුන්ට එකිනෙකාගේ කථාව නොතේරෙන ලෙස එහි ඔවුන්ගේ භාෂාව අවුල්කරමුයයි කීසේක.
යෙරෙමියා 18:11 - Sinhala Revised Old Version එබැවින් නුඹ යූදා මනුෂ්‍යයන්ටත් යෙරුසලමේ වැසියන්ටත් කථාකොට: මම නුඹලාට විරුද්ධව විපත්තියක් යොදමින්ද නුඹලාට විරුද්ධව යෝජනාවක් යෝජනාකරමින්ද සිටිමි. ඉතින් නුඹලා එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරී, නුඹලාගේ මාර්ගවල්ද ක්‍රියාවල්ද හරිගස්සගන්නය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න. Sinhala New Revised Version එබැවින් නුඹ ජුදා ජනයාටත්, ජෙරුසලම් වැසියන්ටත් කතා කොට, මා ඔවුන්ට විරුද්ධ ව යම් යම් යෝජනා කරන බවත්, ඔවුන්ට දඬුවම් කරන්නට යන බවත් කියන්න. ඔවුන්ගේ පාප මාර්ගයෙන් හැරී එන්න කියා ඔවුන්ට කියන්න. ඔවුන්ගේ හැසිරීම ද ක්‍රියා මාර්ගය ද ඔවුන්ට කියන්න. Sinhala New Revised Version 2018 එබැවින් නුඹ ජුදා ජනයාටත්, ජෙරුසලම් වැසියන්ටත් කතා කොට, මා ඔවුන්ට විරුද්ධ ව යම් යම් යෝජනා කරන බවත්, ඔවුන්ට දඬුවම් කරන්නට යන බවත් කියන්න. ඔවුන්ගේ පාප මාර්ගයෙන් හැරී එන්න කියා ඔවුන්ට කියන්න. ඔවුන්ගේ හැසිරීම ද ක්‍රියා මාර්ගය ද ඔවුන්ට කියන්න. |
යමු, අපි බැස ඔවුන්ට එකිනෙකාගේ කථාව නොතේරෙන ලෙස එහි ඔවුන්ගේ භාෂාව අවුල්කරමුයයි කීසේක.
එබැවින් ස්වාමීන්වහන්සේ ඔබගේ මේ සියලු ප්‍රොපේතවරුන්ගේ මුඛවල බොරුකාර ආත්මයක් තැබූසේක; තවද ස්වාමීන්වහන්සේ ඔබ ගැන නපුරක් කථාකළසේකැයි කීවේය.
එහෙත් ස්වාමීන්වහන්සේ තමන්ගේ සියලු ප්‍රොපේතවරුන්ද දර්ශකයන්ද ලවා ඉශ්‍රායෙල්වරුන්ටත් යූදාවරුන්ටත් අවවාද කරවමින්: නුඹලාගේ නපුරු මාර්ගවලින් අහක්වී, නුඹලාගේ පියවරුන්ට මා අණකළාවූ, මාගේ සේවකයන්වූ ප්‍රොපේතවරුන් අත නුඹලාට එවුවාවූ මාගේ මුළු ව්‍යවස්ථාවේ හැටියට මාගේ ආඥා පවත්වන්නැයි කීසේක.
නුඹලා ගොස් මේ සම්බවුණ පොතේ වචන ගැන මා උදෙසාත් සෙනඟ උදෙසාත් සියලු යූදාවරුන් උදෙසාත් ස්වාමීන්වහන්සේගෙන් විචාරන්න. මක්නිසාද අප ගැන ලියා තිබෙන සියල්ලේ ප්‍රකාරයට කරන ලෙස අපේ පියවරුන් විසින් මේ පොතේ වචනවලට ඇහුම්කන් නුදුන් නිසා අප කෙරේ ඇවිළ තිබෙන ස්වාමීන්වහන්සේගේ උදහස මහත්යයි කීවේය.
සිරියේ රජද: ඉතින් නුඹ එහි යන්න, මම ඉශ්‍රායෙල් රජුට ලියුමක් හරින්නෙමියි කීවේය. ඔහු රිදී තලෙන්ත දසයකුත් රන් ෂෙකෙල් හදාහකුත් ඇඳුම් කුට්ටම් දසයකුත් රැගෙන පිටත්ව ගියේය.
ඉතින් මාගේ මිදිවත්තට කරන්ට යන දෙය නුඹලාට කියමි. මම එහි වැට පහකරන්නෙමි, එවිට ඒක පාගාදමනු ලබන්නේය. එහි තාප්පය බිඳ දමන්නෙමි, එවිට එය මඩිනු ලබන්නේය.
ධර්මිෂ්ඨයා පහවයන්නේය, නුමුත් කිසිවෙක් එය සිතට නොගන්නේය; භක්තිවන්ත මනුෂ්‍යයෝද පහකරනු ලබති, නුමුත් ධර්මිෂ්ඨයා විපත්තිය ඉදිරියෙන් ගෙනයනු ලබන බව කිසිවෙක් කල්පනාකරන්නේ නැත.
එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, ඔවුන්ට ගැළවෙන්ට බැරි විපත්තියක් ඔවුන් පිටට පමුණුවන්නෙමි; ඔවුන් මට මොරගැසුවත් මම ඔවුන්ට ඇහුම්කන් නොදෙන්නෙමි.
නුමුත් මම මරණයට ගෙනයන හීලෑ බැටළුපැටවෙකු මෙන් සිටියෙමි. අපි ගහද එහි ඵලද නාස්තිකොට, ඔහුගේ නම තවත් සිහි නොවෙන පිණිස, ජීවත්ව සිටින්නන්ගේ දේශයෙන් ඔහු සිඳදමමුයයි කියා ඔවුන් මට විරුද්ධව උපායෙදූ බව නොදැන සිටියෙමි.
එකල ඔව්හු කථාකොට: එන්න, අපි යෙරෙමියාට විරුද්ධව උපා යොදමු; මක්නිසාද පූජකයාගෙන් ව්‍යවස්ථාවවත් ප්‍රඥාවන්තයාගෙන් මන්ත්‍රණයවත් අනාගතවක්තෘගෙන් වචනයක්වත් නැතිව නොයන්නේය. එන්න, අපි ඔහුට දිවෙන් පහරදී, ඔහුගේ කිසිම වචනයකට ඇහුම්කන් නොදී සිටිමුයයි කීවෝය.
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ, සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක්: බලව, මම මේ නුවරටත් ඊට අයිති සියලුම දනව්වලටත් විරුද්ධව කී මුළු විපත්තිය ඒවා පිටට පමුණුවන්නෙමි; මක්නිසාද ඔව්හු මාගේ වචන නාසන ලෙස තමුන්ගේ කුළල් දැඩිකර ගත්තෝයයි කීසේකැයි කීවෝය.
යූදාහි රජවරුනි, යෙරුසලමේ වැසියෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ, සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–අසන සියල්ලන්ගේ කන් ලෙළදෙන තරමට මේ ස්ථානය පිටට විපත්ති පමුණුවමි.
එනම්: නුඹලා එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන්ද නුඹලාගේ ක්‍රියාවල නපුරුකමෙන්ද හැරී ස්වාමීන්වහන්සේ නුඹලාටත් නුඹලාගේ පියවරුන්ටත් පුරාණයේ සිට සදාකාලයටම දුන් දේශයෙහි වාසයකරන්න.
එබැවින් දැන් නුඹලාගේ මාර්ග සහ ක්‍රියා හරිගස්සාගන නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුවෙන්න; එවිට ස්වාමීන්වහන්සේ නුඹලාට විරුද්ධව කියා තිබෙන විපත්තිය ගැන පසුතැවිලි වෙනවා ඇත.
සමහරවිට ඔවුන් අසා, එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරෙනවා ඇත; එවිට මම ඔවුන්ගේ ක්‍රියාවල නපුරුකම නිසා ඔවුන්ට පමුණුවන්ට සිතන විපත්තිය ගැන පසුතැවිලි වන්නෙමි.
මනුෂ්‍යයෙක් තමාගේ භාර්යාව අත්හැරිය කල, ඈ ඔහු වෙතින් ගොස් වෙන මනුෂ්‍යයෙකුට වුණොත්, ඔහු නැවත ඈ වෙතට හැරෙනවා ඇද්ද? ඒ දේශය ඉතා පිළිකුල් නොවන්නේදැයි ඔව්හු කියති. නුඹ වනාහි ආලය ඇත්තන් බොහෝදෙනෙකු සමඟ වේශ්‍යාකම්කෙළෙහිය; එහෙත් මා වෙතට හැරීඑන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
අහක්ව ගියාවූ දරුවෙනි, හැරීඑන්න, මම නුඹලාගේ පසුබටවීම් සුවකරන්නෙමි. මෙන්න, අපි ඔබ වෙතට ඇවිත් සිටිමුව; මක්නිසාද ස්වාමීන්වහන්ස, ඔබම අපේ දෙවියන්වහන්සේය.
මාගේ සියලු සේවකයන්වූ අනාගතවක්තෘවරුන් නුඹලා ළඟට එවීමි; අලුයම් වේලාවේ පටන්ම එවා: නුඹලා එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරී, අන් දෙවිවරුන්ට සේවයකරන්ට ඔවුන් පස්සේ නොගොස්, නුඹලාගේ ක්‍රියා හරිගස්සාගන්න, එවිට නුඹලාටත් නුඹලාගේ පියවරුන්ටත් මා විසින් දුන් දේශයෙහි නුඹලා වාසයකරන්නහුයයි කීවෙමි. එහෙත් නුඹලා කන් යොමුකළේවත් මට ඇහුම්කන්දුන්නේවත් නැත.
මා විසින් යූදා වංශයට කරන්ට අදහස්කරන මුළු විපත්තිය ගැන සමහරවිට ඔවුන් අසා, මා විසින් ඔවුන්ගේ අයුතුකමත් පාපයත් කමා කරන පිණිස එක එකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරෙනවා ඇතැයි කීය.
සමහරවිට ඔවුන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කන්නලව් ඇතුව වැටී, එක එකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරෙනවා ඇත. මක්නිසාද ස්වාමීන්වහන්සේ මේ සෙනඟට විරුද්ධව කියා තිබෙන උදහස සහ කෝපය මහත්යයි කීවේය.
ඉදින් ඉශ්‍රායෙල්, නුඹ හැරීඑන්නෙහිනම් නුඹ හැරීඑන්ට ඕනෑ මා වෙතටයයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹේ පිළිකුල්කම් නුඹ මා ඉදිරියෙන් පහකළොත්, නුඹ අහක්කරනු නොලබන්නෙහිය.
එම්බා යෙරුසලම, නුඹ ගැළවෙන පිණිස නුඹේ සිත සෝදා එහි නපුරුකම පහකරන්න. නුඹේ නිෂ්ඵල යෝජනා කොපමණ කල් නුඹ තුළ පවතිනවා ඇද්ද?
මම පොළොව දෙස බැලූ විට ඒක පාළුව හිස්ව තිබෙන බවත් අහස දෙස බැලූ විට එහි එළිය නැති බවත් දුටිමි.
කොඩියක් සියොන් දෙසට නගන්න. ගැළවෙන පිණිස නොනැවතී දුවන්න. මක්නිසාද මම උතුරෙන් විපත්තියක්ද මහත් විනාශයක්ද පමුණුවන්නෙමි.
ඊතල මැදලා උල්කර පලිස් තදින් අල්ලාගන්න. ස්වාමීන්වහන්සේ මේදියාවේ රජවරුන්ගේ සිත් පෙළඹෙවුසේක; මක්නිසාද බබිලෝනිය නටබුන් කිරීමට උන්වහන්සේගේ යෝජනාව ඊට විරුද්ධව තිබේ. මෙය වනාහි ස්වාමීන්වහන්සේගේ පළිගැනීමය, උන්වහන්ගේ මාළිගාව ගැන පළිගැනීමය.
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ මාර්ග සහ ක්‍රියාවන් හරිගස්සා ගන්න, එවිට මම මේ ස්ථානයෙහි නුඹලා වාසයකරවන්නෙමි.
මා විසින් ධර්මිෂ්ඨයාගේ සිතට කණගාටු නොකළ නුමුත් නුඹලා බොරුවෙන් එය ශෝකකළ නිසාද දුෂ්ටයා ජීවත්වෙන පිණිස ඔහු තමාගේ නපුරු මාර්ගයෙන් නොහැරෙන හැටියට නුඹලා ඔහුගේ අත් බලවත්කළ නිසාද,
දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත් වෙනවාට මිස නසිනවාට කොයි ප්‍රකාරයකින්වත් මාගේ ප්‍රසන්නයක් ඇද්දැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
මනුෂ්‍යයාද මෘගයාද ගෝණිරෙදි පෙරවාගන, දෙවියන්වහන්සේට බලවත්ලෙස මොරගසත්වා. එසේය, ඔවුන් එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන්ද තමුන්ගේ අත්වල බලාත්කාරයෙන්ද හැරේවා.
එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම මේ වංශයට විරුද්ධව විපත්තියක් යොදමි, එයින් නුඹලාගේ කුළල් අහකට ගන්ටවත් උඩඟුලෙස ඇවිදින්ටවත් නුඹලාට බැරිවන්නේය; මක්නිසාද ඒක විපත්ති කාලයක්ය.
එබැවින්: සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න–මා වෙතට හැරීඑන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක, එවිට මම නුඹලා වෙතට හැරීඑන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
පළමුකොට දමස්කයේද පසුව යෙරුසලමේද යූදා රට මුළුල්ලෙහිද වසන්නන්ටත්, අන්‍යජාතීන්ටත්, පසුතැවිලිව දෙවියන්වහන්සේ වෙතට හැරී, පසුතැවිල්ලට සුදුසු ක්‍රියාවන් කරන්ට කියා ප්‍රකාශකෙළෙමි.
මෙන්න: අදවත් හෙටවත් අපි අසවල් නුවරට ගොස්, එහි අවුරුද්දක් නැවතී සිට, වෙළෙඳාම්කොට ලාභ උපදවාගන්නෙමුයයි කියන්නාවූ තැනැත්තෙනි, අසන්න.