ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 1:7 - Sinhala Revised Old Version

නුමුත් ස්වාමීන්වහන්සේ මට කථාකොට: මම බාලයෙක්මියි නොකියා, මා විසින් නුඹ යවන සියල්ලන් ළඟට ගොස්, මා නුඹට අණකරන සියල්ල කියන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත්, සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “නුඹ බාලයෙක් යයි නොකියන්න. මා නුඹ යවන සියල්ලන් වෙත යන්න. මා නුඹට අණ කරන සියල්ල පවසන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහෙත්, සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “නුඹ බාලයෙක් යයි නොකියන්න. මා නුඹ යවන සියල්ලන් වෙත යන්න. මා නුඹට අණ කරන සියල්ල පවසන්න.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 1:7
20 හුවමාරු යොමු  

මීකායා: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ස්වාමීන්වහන්සේ මට කියන දෙයම කථාකරන්නෙමියි කීවේය.


දැනුදු මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ මාගේ පියවූ දාවිත් වෙනුවට ඔබගේ මෙහෙකරුවා රජකොට පත්කළසේක. මම වනාහි කුඩා ළමයෙක්මි; පිටතට යන්ටත් ඇතුළට එන්ටත් නොදනිමි.


මීකායාද: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම මාගේ දෙවියන්වහන්සේ කියන දෙයම කථාකරන්නෙමියි කීවේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: මම ස්වාමීන්වහන්සේය. මා විසින් නුඹට කියන සියල්ල මිසරයේ රජවූ ඵාරාවෝට කියවයි කීසේක.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මළුවේ සිට, ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි නමස්කාරකරන්ට එන්නාවූ යූදාහි සියලු නුවරුන්ට කියන්ට මා විසින් නුඹට අණකළ සියලුම වචන ඔවුන්ට කියන්න; වචනයක්වත් අඩු නොකරන්න.


යෙරෙමියා මුළු සෙනඟට ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු ලවා ඔවුන්ට කියා ඇරියාවූ ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු වචන වන ඒ සියලු වචන කියා තීන්දුවුණු විට,


නුඹ මේ සියලු වචන ඔවුන්ට කථාකරන නුමුත් ඔව්හු නුඹට කන් නොදෙන්නෝය. නුඹ ඔවුන්ට අඬගසන නුමුත් ඔව්හු නුඹට උත්තර නොදෙන්නෝය.


ඔවුන් ඉතා කැරළිකාර බැවින් ඔවුන් අසතත් නොඅසතත් මාගේ වචන ඔවුන්ට කියන්න.


එහෙත් මා නුඹ සමඟ කථාකරන කල නුඹේ මුඛය අරින්නෙමි, නුඹද: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න. අසන තැනැත්තේ අසාවා; නාසන තැනැත්තේ නාසා සිටීවා. මක්නිසාද ඔව්හු කැරළිකාර වංශයක්යයි කීසේක.


නුමුත් බැටළු රැළ පස්සේ යාමෙන් ස්වාමීන්වහන්සේ මා රැගෙන: නුඹ ගොස් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට අනාගතවාක්‍ය කියන්නැයි මට කීසේක.


නුඹ නැගිට නිනිවය නම් මහත් නුවරට ගොස්, මා විසින් නුඹට කියන කාරණා එහි ප්‍රකාශකරන්නැයි කීසේක.


දෙවියන්වහන්සේ රාත්‍රියෙහි බාලාම් වෙතට අවුත් ඔහුට කථාකොට: ඒ මනුෂ්‍යයෝ නුඹ කැඳවන පිණිස අවුත් සිටිත්නම් නැගිට ඔවුන් සමඟ යන්න; එසේවී නුමුත් මා නුඹට කියන වචනය පමණක්ම කරන්නැයි කීසේක.


බාලාම් කථාකොට: මෙන්න, මම නුඹ වෙතට ඇවිත් සිටිමි. මොකවත් කියන්ට දැන් මට කිසි බලයක් ඇද්ද? දෙවියන්වහන්සේ මාගේ මුඛයෙහි තබන වචනයම කියන්නෙමියි බාලාක්ට කීවේය.


මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.


මක්නිසාද දෙවියන්වහන්සේගේ මුළු අභිප්‍රාය නුඹලාට ප්‍රකාශකිරීමෙන් නොවැලකුණෙමි.