Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 3:27 - Sinhala Revised Old Version

27 එහෙත් මා නුඹ සමඟ කථාකරන කල නුඹේ මුඛය අරින්නෙමි, නුඹද: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න. අසන තැනැත්තේ අසාවා; නාසන තැනැත්තේ නාසා සිටීවා. මක්නිසාද ඔව්හු කැරළිකාර වංශයක්යයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 එහෙත්, මා නුඹ සමඟ කතා කරන කල නුඹට කතා ශක්තිය දෙන්නෙමි. නුඹ ද කතා කරමින්, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්නෙහි ය, සවන් දෙන්නෝ සවන් දෙත්වා; සවන් නොදෙන්නෝ සවන් නොදෙත්වා. මන්ද, ඔව්හු කැරලිකාර සෙනඟකි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 එහෙත්, මා නුඹ සමඟ කතා කරන කල නුඹට කතා ශක්තිය දෙන්නෙමි. නුඹ ද කතා කරමින්, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්නෙහි ය, සවන් දෙන්නෝ සවන් දෙත්වා; සවන් නොදෙන්නෝ සවන් නොදෙත්වා. මන්ද, ඔව්හු කැරලිකාර සෙනඟකි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 3:27
17 හුවමාරු යොමු  

ඒ දවසේදී නුඹේ මුඛය මිදෙන තැනැත්තා කෙරෙහි ඇරී, නුඹ තවත් ගොළුව නොසිට කථාකරන්නෙහිය. මෙසේ නුඹ ඔවුන්ට සලකුණක් වන්නෙහිය; ඔවුන් මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නවා ඇතැයි කීය.


වහල්ව සිටින නුඹේ සෙනඟගේ පුත්‍රයන් ළඟට ගොස්–ඔවුන් අසතත් නොඅසතත්–ඔවුන්ට කථාකොට: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්නැයි කීසේක.


ඒ දවසේදී මම ඉශ්‍රායෙල් වංශයට අඟක් ලියලවන්නෙමි, නුඹේ මුඛයද ඔවුන් අතරෙහි අරවන්නෙමි; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔව්හු දැනගන්නෝයයි කීය.


යම් ශුභාරංචියක් නිසා මම තානාපතියෙක්ව බැඳුම ලැබ සිටිම්ද, ඒ ශුභාරංචියේ රහස දැන්වීමට භය නැතුව මාගේ මුඛය අරින ලෙස කතාවේ බලය මට ලැබෙන පිණිසත්,


මක්නිසාද නුඹලාගේ සියලු එදිරිකාරයින් විසින් විරුද්ධව සිටින්ටවත් බොරු කරන්ටවත් බැරිවූ මුඛයක්ද ප්‍රඥාවද මම නුඹලාට දෙන්නෙමි.


ඇසීමට කන් ඇත්තේ අසාවයි කීසේක.


ඇසීමට කන් ඇත්තේ අසාවා.


නුඹ වනාහි මිහිරි හඬක් ඇත්තාවූ හොඳට ගායනා කරන කෙනෙකුගේ ප්‍රේම ගීයක් මෙන් ඔවුන්ට සිටියි. මක්නිසාද ඔව්හු නුඹේ වචන අසති, නුමුත් ඒවා නොපවත්වා සිටිති.


ගැළවුණු තැනැත්තා එන්ට ඉස්සරින්දා සවස ස්වාමීන්වහන්සේගේ අත මා පිටට පැමිණ තිබුණේය. තවද ඒ අය පසුවදා උදේ මා වෙතට එන තුරු උන්වහන්සේ මාගේ මුඛය ඇර තිබුණේය; මාගේ මුඛය ඇරී, මම තවත් ගොළුව නොසිටියෙමි.


මමද ස්වාමීන්වහන්සේ මට පෙන්වූ සියලු දේ වහල්කමේ සිටියවුන්ට කීවෙමි.


මම නුඹේ දිව නුඹේ උඩුතල්ලේ ඇලෙන්ට සලස්වන්නෙමි, එවිට නුඹ ගොළුවී, ඔවුන්ට තරවටුකරන මනුෂ්‍යයෙක් නොවී සිටිනවා ඇත. මක්නිසාද ඔව්හු කැරළිකාර වංශයක්ය.


නුඹේ නළල ගිනිගලට වඩා තදවූ විදුරක් මෙන් කෙළෙමි. ඔවුන් කැරළිකාර වංශයක් නුමුත් ඔවුන්ට භය නොවන්න, ඔවුන්ගේ රවාබැල්මට නොකැලඹෙන්නැයි මට කීසේක.


ඔවුන් කැරළිකාර වංශයක් බැවින්, ඔවුන් අසතත් නොඅසතත් තමුන් අතරෙහි අනාගතවක්තෘ කෙනෙක් සිටි බව ඔවුන් දැනගන්නවා ඇත.


තද මුහුණුද දැඩි සිත්ද ඇති පුත්‍රයන් වන ඔවුන් වෙතට නුඹ යවමි; නුඹද: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්