Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 6:29 - Sinhala Revised Old Version

29 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: මම ස්වාමීන්වහන්සේය. මා විසින් නුඹට කියන සියල්ල මිසරයේ රජවූ ඵාරාවෝට කියවයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 උන් වහන්සේ ඔහුට වදාළේ, “මම සමිඳාණන් වහන්සේ ය. මා නුඹට වදාළ සියල්ල මිසරයේ රජු වන පාරාවෝට දන්වන්න” කියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 උන් වහන්සේ ඔහුට වදාළේ, “මම සමිඳාණන් වහන්සේ ය. මා නුඹට වදාළ සියල්ල මිසරයේ රජු වන පාරාවෝට දන්වන්න” කියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 6:29
15 හුවමාරු යොමු  

මා නුඹට අණකරන සියල්ල නුඹ කිය යුතුය. නුඹේ සහෝදරවූ ආරොන් ඉශ්‍රායෙල් පුත්‍රයන් තමාගේ දේශයෙන් යන්ට හරින ලෙස ඵාරාවෝට කිය යුතුය.


ඉශ්‍රායෙල් පුත්‍රයන් තමන් දේශයෙන් යන්ට හරින ලෙස මිසරයේ රජවූ ඵාරාවෝට කථාකරන්නැයි කීසේක.


තවද දෙවියන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මම යෙහෝවඃවහන්සේය.


ආබ්‍රහම්ටත් ඊසාක්ටත් යාකොබ්ටත් දෙන ලෙස යම් දේශයක් ගැන මාගේ අත එසවීම්ද ඒ දේශයට නුඹලා පමුණුවා උරුමයක් කොට ඒක නුඹලාට දෙන්නෙමි. මම යෙහෝවඃවහන්සේයයි කියන්නැයි කීසේක.


එබැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: මම යෙහෝවඃවහන්සේය, මිසරවරුන් තබන බරවලින් මම නුඹලා පිටතට ගෙනෙන්නෙමි, ඔවුන්ගේ වහල්කමෙන් නුඹලා නිදහස්කරන්නෙමි, දිගුකළ බාහුවකින්ද මහත් විනිශ්චයවලින් ද නුඹලා මුදන්නෙමි.


මක්නිසාද දෙවියන්වහන්සේගේ මුළු අභිප්‍රාය නුඹලාට ප්‍රකාශකිරීමෙන් නොවැලකුණෙමි.


මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.


මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශයට නුඹ මුරකාරයෙකු කෙළෙමි. නුඹ මාගේ මුඛයෙන් වචනය අසා, මාගේ නාමයෙන් ඔවුන්ට අවවාදකරන්න.


වහල්ව සිටින නුඹේ සෙනඟගේ පුත්‍රයන් ළඟට ගොස්–ඔවුන් අසතත් නොඅසතත්–ඔවුන්ට කථාකොට: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්නැයි කීසේක.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මළුවේ සිට, ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි නමස්කාරකරන්ට එන්නාවූ යූදාහි සියලු නුවරුන්ට කියන්ට මා විසින් නුඹට අණකළ සියලුම වචන ඔවුන්ට කියන්න; වචනයක්වත් අඩු නොකරන්න.


ස්වප්නයක් දුටු ප්‍රොපේත තෙම ස්වප්නයක් කියාවා; මාගේ වචනය ඇත්තා මාගේ වචනය විශ්වාස ලෙස කියාවා; ධාන්‍ය සමඟ පිදුරු තිබෙන්ට යුතුකම මොකදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


තවද මිසර දේශයේදී ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකළ දවසේ


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්