Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 1:8 - Sinhala Revised Old Version

8 ඔවුන්ට භය නොවන්න; මක්නිසාද නුඹ ගළවන්ට මම නුඹ සමඟ සිටිමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 ඔවුන්ට බිය නොවන්න. මන්ද, නුඹ ගළවන්නට මම නුඹ සමඟ සිටිමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 ඔවුන්ට බිය නොවන්න. මන්ද, නුඹ ගළවන්නට මම නුඹ සමඟ සිටිමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 1:8
31 හුවමාරු යොමු  

නුඹේ ජීවිතයේ සියලු දවස්වල කිසිවෙකුට නුඹට විරුද්ධව සිටින්ට නොහැකි වන්නේය. මම මෝසෙස් සමඟ සිටියාක් මෙන්ම නුඹ සමඟත් සිටින්නෙමි. නුඹෙන් අහක්ව නොයන්නෙමි, නුඹ අත්නාරින්නෙමි.


මා විසින් නුඹට අණකර තිබෙනවා නොවේද? ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න; තැතිනොගන්න, නොකැලඹෙන්න. මක්නිසාද නුඹ යන සෑම තැන්හිම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටිනසේකැයි කීසේක.


ධර්මිෂ්ඨකම දන්නාවූ, මාගේ ව්‍යවස්ථාව තමුන්ගේ සිත්වල ඇත්තාවූ සෙනඟෙනි, මට කන්දෙන්න; මනුෂ්‍යයන්ගේ නින්දාකිරීමට භය නොවෙන්න, ඔවුන්ගේ අපහාසවලට නොකැලඹෙන්න.


ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න, ඔවුන් ගැන භයනොවන්න, තැතිනොගන්න. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේම නුඹ සමඟ යනසේක; උන්වහන්සේ නුඹෙන් අහක්ව යන්නේවත් නුඹ අත්හරින්නේවත් නැතැයි කීවේය.


එවිට ඔව්හු පේතෘස්ගේද යොහන්ගේද නිර්භීතකම දැක, ඔවුන් අපණ්ඩිතවූ නූගත් මනුෂ්‍යයන් බව දැන මවිතවූවෝය; ඔවුන් යේසුස්වහන්සේ සමඟ සිටි බව ඔව්හු ඇඳින්නෝය.


ස්වාමීන්වහන්සේම නුඹට පෙරටුව යනසේක; උන්වහන්සේ නුඹ සමඟ වනසේක, උන්වහන්සේ නුඹෙන් අහක්ව යන්නේවත් නුඹ අත්හරින්නේවත් නැත. භයනොවන්න, නොකැලඹෙන්නැයි කීවේය.


උන්වහන්සේද: මම සැබවින් නුඹ සමඟ සිටින්නෙමි; මා විසින් නුඹ යැවූ බවට මේක නුඹට ලකුණක් වන්නේය; එනම් නුඹ සෙනඟ මිසරයෙන් පිටතට ගෙනා කල්හි නුඹලා මේ කන්දේදී දෙවියන්වහන්සේට නමස්කාර කරන්නහුයයි කීසේක.


මක්නිසාද මම නුඹ සමඟ සිටිමි, කිසිවෙක් නුඹට අනතුරුකරන ලෙස නුඹට විරුද්ධව නොඑන්නේය. මට මේ නුවර බොහෝ සෙනඟ සිටිතියි කීසේක.


නුඹ ජල මැදින් යන විට මම නුඹ සමඟ සිටින්නෙමි; නුඹ ගංගා මැදින් යන විට ඒවා නුඹට උඩින් ගලායන්නේ නැත. නුඹ ගිනි මැදින් යන විට නොදැවෙන්නෙහිය; ගිනිදැල්ල නුඹ කෙරෙහි නොඇවිළෙන්නේය.


සෙනඟගෙන්ද අන්‍යජාතීන්ගෙන්ද නුඹ ගළවන්නෙමි; මා කෙරෙහි ඇදහීමෙන් ඔවුන් පව්කමාවද පිරිසිදු කරනු ලැබූ අයවලුන් අතරෙහි උරුමයක්ද ලබන පිණිස,


දැනුදු ස්වාමිනි, ඔවුන්ගේ තර්ජන බලා සුවකිරීමට ඔබගේ අත දිගුකරන කල,


මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.


එබැවින් ඔවුන්ට භය නොවෙන්න. මක්නිසාද ප්‍රකාශ නොවන්නාවූ වැසී තිබෙන දෙයක්වත් දැනගනු නොලබන්නාවූ සැඟවී තිබෙන දෙයක්වත් නැත.


නුමුත් ස්වාමීන්වහන්සේ භයානකවූ බලවන්තයෙකු මෙන් මා සමඟ සිටිනසේක. එබැවින් මාගේ පීඩාකාරයෝ පැකිලෙන්නෝය, ජය නොගන්නෝය. ඔව්හු නුවණින් ක්‍රියා නොකළ නිසා බොහෝසෙයින් ලජ්ජාවට පැමිණෙන්නෝය, එය කවදාවත් සිහිනැති නොවන සදාකාල අවනම්බුවක් වන්නේය.


ඒ නිසා නුඹ නුඹේ ඉඟටිය බැඳගෙන නැගිට සිට, මා නුඹට අණකරන සියල්ල ඔවුන්ට කියන්න. මා විසින් ඔවුන් ඉදිරියේදී නුඹ නොකලඹන පිණිස නුඹ ඔවුන් ඉදිරියෙහි නොකැලඹී සිටින්න.


නුඹලා සනසන්නේ මමමය. නැසී යන මනුෂ්‍යයාටත් තෘණ මෙන් පහව යන මනුෂ්‍ය පුත්‍රයාටත් භයවෙන්ටද නුඹේ මැවුම්කාරවූ,


මා විසින් කථාකරන්ට යුතුව තිබෙන හැටියට ඒ ගැන භය නැතුව කථාකරන පිණිසත්, සියලු ශුද්ධවන්තයන් ගැනද මා උදෙසාද නොකඩවම සියලු ඉල්ලීම්වලින් අවදිව සිටින්න.


ඔව්හු නුඹට විරුද්ධව යුද්ධකරන්නෝය; නුමුත් නුඹෙන් ජයගන්ට ඔවුන්ට බැරිවන්නේය. මක්නිසාද නුඹ ගළවන්ට මම නුඹ සමඟ සිටිමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීසේක.


මක්නිසාද නුඹ ගළවන්ට මම නුඹ සමඟ සිටිමියි ස්වාමීන්වහන්සේ කියනසේක. මා විසින් නුඹ විසුරුවාදැමූ තැන්වල සියලු ජාතීන් තීන්දුවටම නැතිකරන නුමුත්, නුඹ තීන්දුවටම නැතිනොකර, නිසි ප්‍රමාණයෙන් නුඹට දඬුවම්කරන්නෙමි, නුමුත් නුඹට අච්චුනොකර නොසිටින්නෙමි.


ඉක්බිති බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් යෙරෙමියා ගැන රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන්ට අණකරමින්:


නුඹලා භයින් සිටින බබිලෝනියේ රජුට භය නොවෙන්න; නුඹලා ගළවා ඔහුගේ අතින් මුදන්ට මා නුඹලා සමඟ සිටින බැවින් ඔහුට භය නොවෙන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඇවිළෙන ගිනි උදුනෙන් ගළවන්ට නම් අප සේවයකරන අපේ දෙවියන්වහන්සේට පුළුවන; රජ්ජුරුවෙනි, උන්වහන්සේ ඔබගේ අතින් අප ගළවනසේක.


ඔහු උත්තරදෙමින්: අන්න, මනුෂ්‍යයන් සතර දෙනෙක් නිදහස්ව, කිසි උපද්‍රවයක් නැතුව, ගින්න මැද ඇවිදිනවා මට පෙනෙයි; සතරවෙනියාගේ පෙනීම වනාහි දෙවියන්ගේ පුත්‍රයෙකුට සමානයයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්