ගීතාවලිය 90:8 - Sinhala Revised Old Version ඔබ අපේ අයුතුකම් ඔබ ඉදිරියෙහිද අපේ රහස් පව් ඔබගේ මුහුණේ එළියෙහිද තැබූසේක. Sinhala New Revised Version අප අයුතුකම් ඔබට පෙනෙන්නේ ය. අපේ රහස් පව් ඔබේ මුහුණේ එළියට ලක් වන්නේ ය. Sinhala New Revised Version 2018 අප අයුතුකම් ඔබට පෙනෙන්නේ ය. අපේ රහස් පව් ඔබේ මුහුණේ එළියට ලක් වන්නේ ය. |
මක්නිසාද උන්වහන්සේගේ ඇස් මනුෂ්‍යයාගේ මාර්ග කෙරෙහිය, ඔහුගේ සියලු යාම් ඊම් උන්වහන්සේ දක්නාසේක.
ඔහු කථාකොට: දෙවියන්වහන්සේට මතකනැතිවිය; උන්වහන්සේ මුහුණ සඟවාගන්නාසේක; උන්වහන්සේ කිසිකලෙක එය නොදක්නේයයි සිතින් කියයි.
ඔවුන් සිහිවීම ස්වාමීන් විසින් පොළොවෙන් සිඳදමන පිණිස ඒවා උන්වහන්සේ ඉදිරියෙහි නිතරම පවතීවා.
මේවා නුඹ කෙළෙහිය, මමද නිශ්ශබ්දව සිටියෙමි; මමත් සියලු ආකාරයෙන් නුඹට සමානයයි සිතුයෙහිය. එහෙත් නුඹට තරවටුකරන්නෙමි, නුඹේ ඇස් හමුවෙහි ඒවා පිළිවෙළින් තබන්නෙමියි කියනසේක.
මක්නිසාද මනුෂ්‍යයාගේ මාර්ග ස්වාමීන්වහන්සේගේ ඇස් ඉදිරියෙහිය, ඔහුගේ සියලු මාවත් උන්වහන්සේ කල්පනාකර බලනසේක.
මක්නිසාද යහපත්වේවා, නපුරු වේවා, සියලු ක්‍රියාද සියලු රහස් දේද දෙවියන්වහන්සේ විනිශ්චයට පමුණුවනසේක.
මක්නිසාද මාගේ ඇස් ඔවුන්ගේ සියලු මාර්ගයන් කෙරෙහි යොමා තිබේ. ඒවා මාගේ මුහුණෙන් සැඟවී නැත, ඔවුන්ගේ අයුතුකමද මාගේ ඇස් ඉදිරියෙන් වැසී නැත.
නුඹ යවාක්ෂර දියෙන් නුඹම සෝදාගන බොහෝ සබන් ගාගත්තත් නුඹේ අපරාධය මා ඉදිරියෙහි නොමැකී තිබේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
මට නොපෙනෙනලෙස යමෙකුට රහස් තැන්වල සැඟවෙන්ට පුළුවන්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක. ස්වර්ගය සහ පෘථිවිය මාගෙන් පිරී තිබෙනවා නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
එවිට උන්වහන්සේ: මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශයේ වැඩිමහල්ලන් අන්ධකාරයෙහි එක එකා තම තමාගේ රූප ගබඩාවලදී කරන දේ දුටුවෙහිද? මක්නිසාද: ස්වාමීන්වහන්සේ අප දකින්නේ නැත; ස්වාමීන්වහන්සේ දේශය අත්හැරියසේකැයි ඔව්හු කියතියි මට කීසේක.
තමා කළාවූ පාපය ඔහු දැනගත්තොත්, පූජාව පිණිස එළුවන්ගෙන් කැලල් නැති පිරිමි සතෙකු ගෙනවුත්,
ඔහු තමා කළ පාපය ඔහු දැනගත්තොත් තමා කළාවූ පාපය නිසා එළුවන්ගෙන් කැලල් නැති ගෑනු සතෙකු ඔහුගේ පූජාව පිණිස ගෙනා යුතුය.
ඔවුන්ගේ හෘදයසාක්ෂිය සාක්ෂිදීමෙන්ද, ඔවුන්ගේ සිතිවිලි ඔවුනොවුන්ට දෝෂාරෝපණය කිරීමෙන් හෝ නිර්දෝෂකිරීමෙන්ද, ව්‍යවස්ථාවේ ක්‍රියාව ඔවුන්ගේ සිත්වල ලියනලදැයි ඔව්හු දක්වති.
එහෙයින් ස්වාමීන්වහන්සේ එන තුරු කාලයට පළමුවෙන් කිසිවක් විනිශ්චය නොකරන්න. උන්වහන්සේ අන්ධකාරයේ සැඟවුණු දේ එළිදරව්කොට, සිත්වල අදහස් ප්‍රකාශකරනසේක; එවිට එකිනෙකාට තම තමාගේ ප්‍රශංසාව දෙවියන්වහන්සේගෙන් ලැබෙන්නේය.
මළාවූ ලොකු අයද කුඩා අයද සිංහාසනය ඉදිරියෙහි සිටිනවා දුටිමි; පොත්ද දිගහරිනු ලැබුවේය. ජීවනපොත වන තවත් පොතක් දිගහරිනු ලැබීය. මළාහු තමුන්ගේ ක්‍රියා ලෙස පොත්වල ලියනලද දේවලින් විනිශ්චයකරනු ලැබුවෝය.