එයාකාර කිරීම ඔබගෙන් දුරුවේවා, ධර්මිෂ්ඨයා දුෂ්ටයා හා සමානවන ලෙස දුෂ්ටයා සමඟ ධර්මිෂ්ඨයා මැරීම ඔබ කෙරෙන් දුරුවේවා. මුළු පොළොවේ විනිශ්චයකාරයාණන්වහන්සේ යුක්තිය නොකරනසේක්දැයි කීවේය.
ගීතාවලිය 75:3 - Sinhala Revised Old Version පොළොවද එහි සියලු වැසියෝද දියව ගියෝය. මම ඒකේ ටැම් සිටුවීමි. Sinhala New Revised Version පොළොවත්, එහි සියලු වැසියෝත් කම්පා වන්නෝ ය. එසේ වුවත්, පොළොවේ කණු සවිමත් ව තබන්නේ මම ය.” Sinhala New Revised Version 2018 පොළොවත්, එහි සියලු වැසියෝත් කම්පා වන්නෝ ය. එසේ වුවත්, පොළොවේ කණු සවිමත් ව තබන්නේ මම ය.” |
එයාකාර කිරීම ඔබගෙන් දුරුවේවා, ධර්මිෂ්ඨයා දුෂ්ටයා හා සමානවන ලෙස දුෂ්ටයා සමඟ ධර්මිෂ්ඨයා මැරීම ඔබ කෙරෙන් දුරුවේවා. මුළු පොළොවේ විනිශ්චයකාරයාණන්වහන්සේ යුක්තිය නොකරනසේක්දැයි කීවේය.
පසුගිය කාලයේ සාවුල් අප කෙරෙහි රජ ව සිටි කල්හි ඉශ්‍රායෙල්වරුන් පිටතට ගෙනගියෙත් ඇතුළට ගෙනාවෙත් ඔබමය. ස්වාමීන්වහන්සේ ඔබට කථාකොට–නුඹ මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් පාලනය කරමින් ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා වන්නෙහියයි කීසේකැයි කීවෝය.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: පිළිගත යුතු කාලයකදී මම නුඹට උත්තරදී, ගැළවීමේ දවසකදී නුඹට උපකාරකෙළෙමි. දේශය ප්‍රකෘතිමත් කිරීමටත් පාළුවූ උරුමවල් ඔවුන්ට හිමිකරදීමටත්,
උන්වහන්සේ දෙවියන්වහන්සේගේ මහන්තත්වයේ ප්‍රභාවයද උන්වහන්සේගේ දේවත්වයේ ස්වරූපයද වනසේක්, තමන්ගේ බලපරාක්‍රමයේ වචනයෙන් සියල්ල දරමින්, පව් ගැන පවිත්‍රවීමක් කළ පසු, උසස්ථානවල මහෝත්තමයාණන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්සේක.
කාන්තාවෝ නට නටා එකිනෙකාට ගී කියමින්: සාවුල් තෙමේ දහස් ගණන්ද දාවිත් දසදහස් ගණන්ද මැරීයයි කීවෝය.
අධිපතීන් සමඟ හිඳුවන පිණිසත්, මහිමයේ සිංහාසනය උරුමකරවන පිණිසත්, උන්වහන්සේ දුප්පතා ධූලියෙන් නැගුටුවන සේක. දිළින්දා කසළ ගොඩින් ඔසවනසේක. මක්නිසාද පොළොවේ කණු ස්වාමීන්වහන්සේගේය, උන්වහන්සේ ලෝකය ඒවා පිට පිහිටෙවු සේක.
ඔබගේ මෙහෙකාරීගේ වරදට කමාවුණමැනවි. මක්නිසාද මාගේ ස්වාමියා ස්වාමීන්වහන්සේගේ යුද්ධකරන බැවින් ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමියාට ස්ථිරවූ වංශයක් සාදාදෙනසේක්මය, ඔබගේ සියලු දවස්වලදී ඔබ තුළ නපුර දකිනු නොලබන්නේය.