Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 18:7 - Sinhala Revised Old Version

7 කාන්තාවෝ නට නටා එකිනෙකාට ගී කියමින්: සාවුල් තෙමේ දහස් ගණන්ද දාවිත් දසදහස් ගණන්ද මැරීයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 කාන්තාවෝ නට නටා ගී ගයමින්, “මැරී සාවුල් දහස් ගණනක්, මැරී දාවිත් දස දහස් ගණනක් ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 කාන්තාවෝ නට නටා ගී ගයමින්, “මැරී සාවුල් දහස් ගණනක්, මැරී දාවිත් දස දහස් ගණනක් ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 18:7
8 හුවමාරු යොමු  

ආඛීෂ්ගේ සේවකයෝ ඔහුට කථාකොට: මොහු දේශයෙහි රජවූ දාවිත් නොවේද? සාවුල් තෙමේ දහස් ගණන්ද දාවිත් දසදහස් ගණන්ද මැරීයයි කියමින් ඔවුන් නැටුම් ඇතුව එකිනෙකාට ගීතිකා කළේ මොහු ගැන නොවේදැයි කීවෝය.


සාවුල් තෙමේ දහස් ගණන්ද දාවිත් දසදහස් ගණන්ද මැරීය යි කියමින් ඔවුන් නැටුම් ඇතුව එකිනෙකාට ගීතිකාකළේ මේ දාවිත් ගැන නොවේදැයි කීවෝය.


මිරියාම් ඔවුන්ට උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේට ගායනාකරව්, මක්නිසාද උන්වහන්සේ තේජාන්විත ලෙස ජයගත්සේක; උන්වහන්සේ අශ්වයා සහ අසරුවා මුහුදට හෙළූසේකැයි කීවාය.


දාවිත් සහ මුළු ඉශ්‍රායෙල් වංශය සියලු ආකාර දේවදාර තූර්යභාණ්ඩවලින්ද කුඩා වීණාවලින්ද වීණාවලින්ද රබන්වලින්ද කයිතාලම්වලින්ද අත්තල්වලින්ද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගායනාකරමින් නැටූහ.


මමත් නුඹලා සමඟ යමියි සෙනඟට රජ කීය. නුමුත් සෙනඟ: ඔබ නොගිය යුතුය. මක්නිසාද අප පලාගියත් ඔවුන් අප ගැන සලකන්නේ නැත; අපෙන් දෙකෙන් කොටසක් මැරුණත් අප ගැන සලකන්නේ නැත. නුමුත් ඔබ අපෙන් දස දාහක් මෙන්ය. එබැවින් අපට උපකාරකරන්ට සූදානම්ව ඔබ නුවර සිටියොත් මැනවැයි කීවෝය.


දාවිත් ඒ වචන සිතටගෙන ගාත්හි රජවූ ආඛීෂ්ට බොහෝසෙයින් භයවුණේය.


තවද දාවිත්ගේ අන්තිම වචන මේවාය. යෙස්සේගේ පුත්‍රයාද උසස්කරනු ලැබූ මනුෂ්‍යයාද යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාද ඉශ්‍රායෙල්ගේ මිහිරි ගීතිකාකාරයාදවූ දාවිත් මෙසේ කියන්නේය:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්