අධිපතිකමද භයංකරකමද උන්වහන්සේ වෙත තිබේ; උන්වහන්සේ තමන් උස් තැන්වලදී සමාදානය සිදුකරනසේක.
ගීතාවලිය 66:3 - Sinhala Revised Old Version ඔබගේ ක්‍රියා කොපමණ භයංකරද! ඔබගේ බලයේ මහත්කම නිසා ඔබගේ සතුරෝ ඔබට යටත්වන්නෝය. Sinhala New Revised Version දෙවි තුමන්ට මෙලෙස කියන්න: “ඔබේ ක්‍රියා කොපමණ බියජනක ද? ඔබේ බලපරාක්‍රමය අතිමහත් ය. එබැවින් ඔබේ සතුරෝ ඔබ අබිමුව බියෙන් මිරිකෙන්නෝ ය. Sinhala New Revised Version 2018 දෙවි තුමන්ට මෙලෙස කියන්න: “ඔබේ ක්‍රියා කොපමණ බියජනක ද? ඔබේ බලපරාක්‍රමය අතිමහත් ය. එබැවින් ඔබේ සතුරෝ ඔබ අබිමුව බියෙන් මිරිකෙන්නෝ ය. |
අධිපතිකමද භයංකරකමද උන්වහන්සේ වෙත තිබේ; උන්වහන්සේ තමන් උස් තැන්වලදී සමාදානය සිදුකරනසේක.
මක්නිසාද මහෝත්තමවූ ස්වාමීන්වහන්සේ භයංකරය; උන්වහන්සේ මුළු පොළොව කෙරෙහි මහත් රජෙක් වනසේක.
පොළොවේ සියලු සීමාවලද මුහුදේ දුරස්තර තැන්වලද සිටින්නන්ගේ විශ්වාසයවූ අපේ ගැළවීමේ දෙවියන්වහන්ස, ඔබ භයානක දේවලින් ධර්මිෂ්ඨලෙස අපට උත්තරදෙනසේක.
නළාගස් අතරෙහිවූ වල් සතාටද ගොන් සමූහයා සහ වස්සන් වැනි ජනයන්ටද තරවටුකළ මැනව; රිදී මිල සහිතව එකිනෙකා යටත්වේ; යුද්ධයට ප්‍රියවූ මනුෂ්‍ය වර්ගයන් විසරවුව මැනව.
මිරියාම් ඔවුන්ට උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේට ගායනාකරව්, මක්නිසාද උන්වහන්සේ තේජාන්විත ලෙස ජයගත්සේක; උන්වහන්සේ අශ්වයා සහ අසරුවා මුහුදට හෙළූසේකැයි කීවාය.
පොළොව ත්‍රස්තකරවන්ට ස්වාමීන්වහන්සේ නැගිටින කල, උන්වහන්සේගේ භයානකකමද උන්වහන්සේගේ මහන්තත්වයේ තේජසද ඉදිරියෙන් පර්වතවල ගුහාවලටත් පොළොවේ කූපවලටත් ඔව්හු ඇතුල්වන්නෝය.
නුඹලාගේ ඇස් ඉහළ ඔසවා බලන්න, මේවා මැවුවෙත් මේවායේ සේනාව ගණන් වශයෙන් පිටතට පමුණුවන්නෙත් කවුද? උන්වහන්සේ මේ සියල්ලට නම් කියා හඬගසනසේක; උන්වහන්සේගේ බලයේ මහත්කම නිසාද උන්වහන්සේ ශක්තියෙන් බලවත් බැවින්ද එකක්වත් නෑවිත් නොතිබේ.
නුමුත් ස්වාමීන්වහන්සේ සැබෑවූ දෙවියන්වහන්සේය; උන්වහන්සේ ජීවමාන දෙවියන්වහන්සේය, සදාකාල රජකෙනෙක්ය. උන්වහන්සේගේ උදහසට පොළොව වෙවුළයි, ජාතීන්ට උන්වහන්සේගේ උදහස දරන්ට බැරිය.