එහෙත් උන්වහන්සේ මා යන මාර්ගය දන්නාසේක; උන්වහන්සේ මා පරීක්ෂාකළ කල්හි මම රන් මෙන් නික්ම එන්නෙමි.
ගීතාවලිය 66:10 - Sinhala Revised Old Version මක්නිසාද දෙවියන්වහන්ස, ඔබ අප සෝදිසිකළසේක. රිදී පරීක්ෂාකරන්නාක්මෙන් ඔබ අප පරීක්ෂාකළසේක. Sinhala New Revised Version අහෝ දෙවිඳුනි! ඔබ අප පරීක්ෂා කළ සේක; රිදී සෝදිසි කරන පරිදි ඔබ අප සෝදිසි කළ සේක. Sinhala New Revised Version 2018 අහෝ දෙවිඳුනි! ඔබ අප පරීක්ෂා කළ සේක; රිදී සෝදිසි කරන පරිදි ඔබ අප සෝදිසි කළ සේක. |
එහෙත් උන්වහන්සේ මා යන මාර්ගය දන්නාසේක; උන්වහන්සේ මා පරීක්ෂාකළ කල්හි මම රන් මෙන් නික්ම එන්නෙමි.
ඔබ මාගේ සිත පරීක්ෂාකළසේක; රාත්‍රියේ මා බැලූසේක; ඔබ මා විමසූසේක, මා තුළ කිසි නපුරු අදහසක් නොදක්නාසේක; මාගේ මුඛයෙන් වරද නොකරන්ට නියමකරගතිමි.
බලව, මම නුඹ පවිත්‍රකෙළෙමි, නුමුත් රිදී මෙන් නොවේය; පීඩා නැමති උදුණේදී නුඹ තෝරාගතිමි.
තුන්වෙනි කොටස මම ගින්නට පමුණුවා, රිදී පවිත්‍රකරන්නාක්මෙන් ඔවුන් පවිත්‍රකරන්නෙමි, රන් පරීක්ෂාකරන්නාක්මෙන් ඔවුන් පරීක්ෂාකරන්නෙමි. ඔව්හු මාගේ නාමය කියා යාච්ඤාකරන්නෝය, මම ඔවුන්ට උත්තරදෙන්නෙමි. ඔව්හු මාගේ සෙනඟයයි කියන්නෙමි; ඔවුන්ද: ස්වාමීන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේයයි කියනවා ඇත.
උන්වහන්සේ රිදී උණුකර පිරිසිදුකරන කෙනෙක් මෙන් සිට, ලෙවී පුත්‍රයන් ධර්මිෂ්ඨකමෙන් ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරන්නන්ව සිටින පිණිස ඔවුන් පිරිසිදුකර, රන් රිදී මෙන් ඔවුන් පවිත්‍රකරනසේක.
ඒ අනාගතවක්තෘගේ වචනවලටවත් ඒ ස්වප්නකාරයාටවත් ඇහුම්කන්නොදෙන්න. මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹලාගේ මුළු සිතෙන්ද මුළු ආත්මයෙන්ද නුඹලා ප්‍රේමකරනවාදැයි දැනගන්ට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා සෝදිසිකරන සේක.
නුඹේ පියවරුන් නොදත්තාවූ, මන්නාවලින් කාන්තාරයේදී නුඹ පෝෂණයකළාවූ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මතක නැතිකොට:
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ යටහත්කර, නුඹ සෝදිසිකර, උන්වහන්සේගේ ආඥා නුඹ රක්ෂාකරනවාද නැද්දැයි නුඹේ සිතේ තිබෙන දෙය දැනගන්නා පිණිස මේ සතළිස් අවුරුද්දේ කාන්තාරයෙහි නුඹ ගෙනගිය මුළු මාර්ගය සිහිකරන්න.