ස්වාමිනි, මම ලජ්ජා නොවෙම්වා; මක්නිසාද ඔබට හඬගැසීමි. දුෂ්ටයෝ ලජ්ජාවෙත්වා, ෂෙයෝලෙහි නිශ්ශබ්දවෙත්වා.
ගීතාවලිය 4:7 - Sinhala Revised Old Version ඔවුන්ගේ ධාන්‍ය හා මුද්‍රිකපානය වැඩිවූ කල්හි ඔවුන්ට ඇති ප්‍රීතියට වඩා ඔබ මාගේ සිතේ ප්‍රීතියක් ලූසේක. Sinhala New Revised Version ධන ධාන්‍ය, මිදිපැන් බහුල ව ඇති අයට වඩා, ඔබ මසිත ඉමිහිරි ප්‍රීතියෙන් පුරවා ඇත. Sinhala New Revised Version 2018 ධන ධාන්‍ය, මිදිපැන් බහුල ව ඇති අයට වඩා, ඔබ මසිත ඉමිහිරි ප්‍රීතියෙන් පුරවා ඇත. |
ස්වාමිනි, මම ලජ්ජා නොවෙම්වා; මක්නිසාද ඔබට හඬගැසීමි. දුෂ්ටයෝ ලජ්ජාවෙත්වා, ෂෙයෝලෙහි නිශ්ශබ්දවෙත්වා.
එවිට මම දෙවියන්වහන්සේගේ පූජාසනය ළඟට, එනම් මාගේ අධික ප්‍රීතියවූ දෙවියන්වහන්සේ වෙතට, යන්නෙමි. දෙවියන්වහන්ස, මාගේ දෙවියන්වහන්ස, වීණාවෙන් ඔබට ප්‍රශංසාකරන්නෙමි.
දෙවියන්වහන්සේ අපට කරුණා කරනසේක්වා, ආශීර්වාදකරනසේක්වා, ස්වකීය මුහුණ අප කෙරෙහි බබළවනසේක්වා.
සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ සෙනඟගේ යාච්ඤාවට විරුද්ධව කොපමණ කල් උදහස්ව සිටිනසේක්ද?
මක්නිසාද ස්වාමිනි, ඔබගේ ක්‍රියාවෙන් ඔබ මා සන්තෝෂකළසේක. ඔබගේ හස්තකර්ම ගැන ප්‍රීති ප්‍රකාශ කරන්නෙමි.
මා ඇදගන්න; අපි නුඹ අනුව දුවන්නෙමුව. රජ තමාගේ ඇතුල් ගෙවලට මා පැමිණෙවුවේය. අපි නුඹ කෙරෙහි ප්‍රීති සන්තෝෂවන්නෙමුව, මුද්‍රිකපානයට වඩා නුඹේ ප්‍රේමය සඳහන්කරන්නෙමුව. ඔවුන් නුඹට ප්‍රේමකරනවා හරිය.
ඔබ ජාතිය වැඩිකළසේක, ඔබ ඔවුන්ගේ ප්‍රීතිය වර්ධනයකළසේක. ගොයම් කපන කාලයෙහි සන්තෝෂවන්නාක් මෙන්ද මනුෂ්‍යයන් කොල්ලය බෙදාගන්න කල ප්‍රීතිවන්නාක්මෙන්ද ඔව්හු ඔබ ඉදිරියෙහි ප්‍රීතිවෙති.
සරු කෙතෙන්ද මෝවබ් දේශයෙන්ද ප්‍රීතිය සහ සන්තෝෂය පහවිය; මුද්‍රික තටාකවල මුද්‍රිකපානය නැතුව යන්ට සැලැස්වීමි. කිසිවෙක් ඝෝෂාව ඇතුව මිදිපැස නොමඩින්නේය; ඒ ඝෝෂාව ප්‍රීති ඝෝෂාවක් නොවන්නේය.
එහෙත් උන්වහන්සේ අහසෙන් වර්ෂාව සහ සාරවත් කාලවල් නුඹලාට දී, කෑමෙන්ද සන්තෝෂයෙන්ද නුඹලාගේ සිත් පුරවමින්, යහපත්කම් කළ බැවින්, තමන්වහන්සේ ගැන සාක්ෂි නොදී නොසිටියසේකැයි කීවෝය.
නුඹලා උන්වහන්සේ නුදුටු නුමුත් උන්වහන්සේට ප්‍රේම කරන්නහුය; දැන් උන්වහන්සේ නොදකින නුමුත් නුඹලා උන්වහන්සේ කෙරෙහි අදහා,
තවද ඔව්හු කෙත්වලට ගොස් තමුන්ගේ මිදි වතුවලින් ඵල නෙළා මැඩගෙන මංගල්‍ය පවත්වමින්, තමුන්ගේ දෙවියන්ගේ ගෘහයට ඇතුල්වී කා බී අබිමෙලෙක්ට දෙස් කීවෝය.