Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 48:33 - Sinhala Revised Old Version

33 සරු කෙතෙන්ද මෝවබ් දේශයෙන්ද ප්‍රීතිය සහ සන්තෝෂය පහවිය; මුද්‍රික තටාකවල මුද්‍රිකපානය නැතුව යන්ට සැලැස්වීමි. කිසිවෙක් ඝෝෂාව ඇතුව මිදිපැස නොමඩින්නේය; ඒ ඝෝෂාව ප්‍රීති ඝෝෂාවක් නොවන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 මෝවබ් දේශයේ සරු කෙත්වලින් ප්‍රීති සන්තෝෂය පහ වී ගොස් ඇත. මිදි මිරිකන යන්ත්‍රවල මිදියුස සිඳී යන්නට මම සැලැස්වීමි. මිදි පල මිරිකා, මිදියුස සාදන්නන් නඟන ඝෝෂාව ප්‍රීති නාදයක් නොවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 මෝවබ් දේශයේ සරු කෙත්වලින් ප්‍රීති සන්තෝෂය පහ වී ගොස් ඇත. මිදි මිරිකන යන්ත්‍රවල මිදියුස සිඳී යන්නට මම සැලැස්වීමි. මිදි පල මිරිකා, මිදියුස සාදන්නන් නඟන ඝෝෂාව ප්‍රීති නාදයක් නොවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 48:33
13 හුවමාරු යොමු  

යමෙක් මිමි විස්සක් තිබුණු ගොඩක් ළඟට ආකල තිබුණේ මිමි දහයක්ය; යමෙක් පුරා මිමි පනහක් අරගන්ට මුද්‍රික පැස ළඟට ආ කල තිබුණේ විස්සක්ය.


අක්කර දසයක මිදිවත්තෙන් බාත් එකක්ද බුසල් දසයක බීජවලින් බුසලක්ද අස්වැන්න ලැබෙන්නේය.


අපේ ඇස් ඉදිරියෙහිම කෑමත් අපේ දෙවියන්වහන්සේගේ ගෘහයෙන් ප්‍රීති සන්තෝෂයත් පහවගියා නොවේද?


සුරාසොඬුනි, පිබිද අඬන්න; මුද්‍රිකපානය බොන සියල්ලෙනි, මිදියුස නුඹලාගේ මුඛවලින් පහවුණු නිසා ඒ ගැන කෑමොරගසන්න.


ඔබ ජාතිය වැඩිකළසේක, ඔබ ඔවුන්ගේ ප්‍රීතිය වර්ධනයකළසේක. ගොයම් කපන කාලයෙහි සන්තෝෂවන්නාක් මෙන්ද මනුෂ්‍යයන් කොල්ලය බෙදාගන්න කල ප්‍රීතිවන්නාක්මෙන්ද ඔව්හු ඔබ ඉදිරියෙහි ප්‍රීතිවෙති.


ඒ දවසෙහි රිදී දහසක් වටින මිදි වැල් දහසක් ඇති සෑම ඉඩම්වල කටු ගස්ද ගොකටුද හටගන්නවා ඇත.


සියලු මිදිවතුවලත් වැලපීම වන්නේය. මක්නිසාද නුඹ මැදින් යන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්